NovelsRath Dothaluරත් දෝතළු - 43

රත් දෝතළු – 43

-

spot_img

රත් දෝතළු – 43

නිර්මාණි දුන් සායකුත් හැට්ටයකුත් හැඳගෙන මම විනිෆ්‍රීඩා මහත්මිය සොයා ඇගේ කාමරයට එන විට ඈ සිටියේ හිස පීරමිනි.

“පුදුමයි මේ ළමයා යමුයි කිව්වා… වෙනදාට නම් මෙයාව කාමරෙන් එළියට ගන්න බැහැ…”

ඈ කැඩපතින්ම මා දෙස බලා කීවාය. මම නිහඬව පසුවූයේ ඒ ගැන කිසිදු අවබෝධයක් මා තුළ නොවූ නිසාය.

“කාලෙකින් මම මේ එළියට යන්නේ… මම කිව්වේ මේ සුපර් මාර්කට් එකට හරි යන්නේ… ශීලා ඉන්නකොට එයා සමන් එක්ක ගිහින් ඕන කරන ඒවා අරන් එනවා…”

ඈ දිගටම කියවන් ගොස් ආපසු හැරුණේ පනාව කන්නාඩි මේසය මත තබාය.

“ඔය ඇඳුමට ඔයා හරි වෙනස් වගේ… අර මල් මල් චීත්ත ගවුම ඇන්දාම අරවින්දි හරි අහිංසක පාටයි…”

ඈ මගේ හිස සිට දෙපතුළ දක්වා බැල්මක් හෙළමින් කීවාය.

“අනේ මන්දා මැඩම්… මං එච්චරම අහිංසක නැහැ…”

මඳහසක් පාමින් මම කීවේ ඇයට ස්තූති කරමිනි.

“ඒක නම් කමක් නැහැ… කවුරුවත් ඕනවට වඩා අහිංසක නොවන එක හොඳයි අරවින්දි… මනුස්සයෙක් අවංක වුණා නම් ඇති… අවිහිංසක වෙන්න ඕන… අවශ්‍ය තැනදි විතරයි… මට ඔයාට දෙයක් කියන්න ඕන දරුවෝ…”

ඈ මගේ අතින් අල්ලාගෙන විත් යහන මතින් හිඳුවා මා පසෙකම හිඳගත්තේ මා කුහුල් සිතින් බලා සිටින විටය.

“මොකක්ද මැඩම්…?”

“අරවින්දි දන්නවද…. අරවින්දි ගොඩාක් ලස්සන කෙනෙක් කියලා…?”

එය කුමන විදියේ පැනයක්ද කියා මම සිතුවේ ලැජ්ජා මුසු වූ හැඟීමකිනි. මම කවදාවත් එවැන්නක් සිතා නොතිබුණෙමි. ඈ එසේ පැවසුවද එයින් මා සිතේ ආඩම්බරයක් හෝ උඩඟුවක් හො අමුතු සතුටක් ඇති වුණා කියා මා නොසිතමි. එය එසේ වුවත් ඈ සැරසෙන්නේ නම් වැදගත් යමක් කීමට බව මට වැටහිණි.

“මං කවදාවත් මං ගැන එහෙම හිතුවේ නැහැ මැඩමි…”

“ඔව්… වෙන්න පුළුවන්… ඒත් අරවින්දි… ගෑණු ළමයෙක් ලස්සන වුණා නැතා… පරිස්සමින් ජීවත් වෙන්න ඕන… හුඟාක් පරිස්සමින්…”

ඈ මට මේ කරන්නේ අනතුරු ඇඟවීමක්ද කියා මට නිකමට සිතිණි. කේෂව මා සිහියට නැඟුණේ හදිසියේමය.

“ඔව් මැඩම්…”

“අහස් පුතා වගේ නෙවේ අරවින්දි විහඟ… එයා හුඟාක් වෙනස්… අපේ එකා වුණත් මං මේවා කියන්න ඕන… මං දරුවන්ගේ වැරදි වහන කෙනෙක් නෙවේ… ඔයාටම තේරෙයි ටික දවසක් මෙහේ ඉන්නකොට… විහඟට ගෑණු ළමයි කියන්නේ නිකන් සෙල්ලම් බඩු වගේ… අද ඕන වුණාට හෙට වෙනකොට එපා වෙනවා… ආයේ අලුත් එකක්… එයා ඉස්සර මේ ගෙදරටත් එක එක අය එක්ක ආවා… මං අවවාද කරලා දැන් නම් අඩුයි…”

ඈ එය කීවේ සාමාන්‍ය දෙයක් ලෙසින් වුවද මම පුදුම වූයෙමි. බියක් සැකක් නැතුව ඔහුට එවන් දෙයක් කළ හැකිද? මා ගත කිලිපොළා ගියේය.

“විහඟගේ අම්මා එයාගේ වැරදි දැක, දැකත් එයාව සුදනා කළා… ඒ නිසා එයා වැඩියෙන් වැරදි කළා… එයා මේ ගෙදරදි විතරයි ටිකක් හරි කන්ට්‍රෝල්… මගෙන් නම් එයාට බුරුළක් නැහැ… මම ඔයාට මේවා කිව්වේ පරිස්සම් වෙන්න… විහඟ කියන්නේ සෙල්ලාක්කාරයෙක්…”

ඈ අත් වාරුවට බර් දෙමින් නැඟී සිටින්නට සූදානම් වන විට මම ඇයගේ අතින් අල්ලා ගතිමි.
————————————————————————————————————————————
“ඔයා මෙහේ ආවා එක කොච්වර හොඳද ළමයෝ…”

රාත්‍රී ආහාරයට සලාදයකට තක්කාලි කපමින් මා හා කීවේ විනීෆ්‍රීඩා මහත්මියයි. සමන් සමඟ පිටතට ගිය විහඟද මේ වන විට නැවත පැමිණ සිටියේය.

“මං ආවේ මැඩම් නිසානේ…”

“ඔව්… මං දන්නවා… මං කැමතියි අරවින්දි හැමදාම මෙහෙ ඉන්නවා නම්… ඔයා කැමතිද මගේ දරුවෙක් වගේ… මං ළඟ… ඉන්න…?”

මසිත හිරිවැටී ගියේය. මා එයට කුමක් පැවසිය යුතුද කියාවත් මට සිතාගන්නට නොහැකිය.

“අනේ මැඩම්…!”

කඳුලින් මා දෑස් බොඳව යනවිට මම ඈ අසළ දණබිම ඔබා ගතිමි.

“මං ආත්මාර්ථකාමී ගෑනියක් වෙන්න ඇති අරවින්දි… මට මගේ දරුවා මතක් වෙනවා… ඇස් දෙකෙන් මට එයාව බලාගන්න බැරි වුණාට… මං මනසින් එයාව දැක්කා… අද එයා හිටියා නම්… ඔයා වගේ ඉඳියි…”

ඇගේ කතාවෙන් කඳුළු බොඳවුණේ මගේ දෑසේය.

“අනේ මැඩම්…!”

“ඔයාට බැරිද දුවේ… මට මැඩම් නොකියා අම්මා කියන්න…?”

මගේ පපුව රිදුම් දිණි. මුවින් කිසිත් පවසාගනු නොහැකිව මම ගොළුව සිටියෙමි. ඇගේ සිත සැනසීමට කියා මට මුසාවක් පැවසිය හැකිද.?

“අඬන්න එපා දරුවෝ… මං එහෙම කිව්වේ මගේ ආත්මාර්ථකමට…”

“එහෙම කියන්න එපා මැඩම්…”

ඈ මා හිස් පිරිමැද්දාය මවකගේ උණුසුමක් සැබෑවටම එහි තැවරී තිබිණි. ඒ බව මා හිසට නොව හදවතට දැනිණි. ඔවුන් සමඟ සසඳන කල අපි අහසට පොළව මෙනි. මේසය මත වූ ඇගේ ජංගම දුරකථනය හැඬවෙන හඬින් මම කඳුළු පිසගෙන නැගී සිටියේ එය ඇයට අරන් දෙන්නටය. ඇමතුම අහස්ගෙනි. ඇයට කතාකරන්නට ඉඩහැර මම වෙනත් කාර්යයක නියැළුණෙමි.

“අපේ එකත් ඉඳලා ඉඳලා තෝරගත්ත එක නරකම නැහැ…”

විහඟ එසේ කීවේ රාත්‍රී ආහාර ගන්නා අතරේය. එය මා ඉලක්ක කොටගත් කතාවක් බව මට වැටහුණෙන් මම තිගැස්මෙන් ඔහු දෙස බැලීමි.

“රසට උයන්නත් පුළුවන්… නැත්නම් ඉතින්… හැමදාම හොටෙල් ෆූඩ් තමා…”

අහසුත් මාත් ඈඳාගෙන ඔහු කරනා මේ විහිළුව වුවමනාවටත් වඩා වැඩි යැයි කියා මට සිතිණි.

“ඔව්…ඔව්… හොඳ වෙලාවට එදා ඔයා නොහිටියේ… හිටියනම් එහෙම මේ කතාව සිද්දවෙන්නේ මෙහෙම නෙවේ… අපි එහෙනම් අරවින්දි කෙනෙක් හිටියාද කියලාවත් දැනගන්න එකක් නැහැ…”

විනිෆ්‍රීඩා මහත්මිය කීවේ මා සිත හීරිගැහී කිය කතාවකි. බියක් මා සිතේ ඇති විය. විහඟ ඒ කිසිත් සිතා ගත නොහැකිව මෙන් අප දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලීය. මම දෑස් බිමට යොමාගත්තේ එහි වූ අමුතු බැල්මට බිය නිසාය.

“මොකක්ද ඒ කතාව සුදු මම්මා…?”

ඈ එය ඔහු හා නොකියා සිටියා නම් කියා මා සිතන විටත් ප්‍රමාද වැඩිය. ඔහුගේ පසුම්බිය සම්බ වී තිබුණේ මට බවත් මා එය රැගෙන ආ සැටිත් ඈ ඔහු හා කීවාය. යටැසින් ඔහු දෙස බලන විට ඔහුද මා දෙසම බලා සිටියේ තමාට හිමි යමක් තවකෙකුට හිමි වූ විට මුහුණේ ඇති හැඟීමකට සමාන බැල්මක් මුහුණේ රඳවාගෙනය.

“එහෙනම් මේ මට හිමිවෙන්න තිබුණු දෙයක් තමා බිග් බ්‍රෝ මගෙන් අරන් තියෙන්නේ… ඒත් කමක් නැහැ… ආවේ මාව හොයන්නේ… එහෙනම් කැලෑ මලට අයිතියක් මටත් තියනවා…”

එවර මම හිස ඔසවා ඍජු බැල්මකින් ඔහු දෙස බැලුවේ සිතේ නැඟුණු කෝපයකින් යුතුවය.

“අයිතිය බෙදාගන්න මං කාගෙවත් පෞද්ගලික වස්තුවක් කියලාද මිස්ටර් විහඟ හිතාගෙන ඉන්නේ…?”

පහත් වුවත් දැඩි හඬකින් මම ඇසීමි. මා නිහඬව සිටියහොත් ඔහු මෙය දිගටම ගෙන යෑමට උත්සාහ දරනු ඇත. නිය පටින් කැඩීමට ඇති දෙය පොරොවෙන් කපන්නට ඉඩ නොතැබිය යුතුය.

“චූටි පුතා… අනවශ්‍ය කතා එපා… ඔයාගේ පාඩුවේ ඉන්න… ඔයාගේ ලිස්ට් එකට අරවින්දිගේ නමත් ඇඩ් කරගන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට වැරදිලා… අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්න හදන්න එපා…”

විනීෆ්‍රිඩා මහත්මියද කතා කළේ නොසතුටත් කෝපයත් පිරිණු හඬකිනි.

“ඕ…කේ… ඕ…කේ සුදු මම්මා… රීලෑක්ස්…”

ඔහු කෑම ගෙන අවසන් වනතුරු කිසිත් කතා නොකළේය. එය අසාමාන්‍ය නිහඬ බවක් විය. විනීෆ්‍රීඩා මහත්මිය කෑම ගෙන අවසන් වූ පසුව මාද අසුනින් නැඟිට සිටියේ ඇගේ හිස් පිඟානත් අතට ගෙනය. විහඟගේ දෑස් මා පසුපස ලුහුබඳින බවක් දැනුණා වුවද මම එය නොතකා සිටියෙමි.

-හෙටත් හමුවෙමු-

Latest news

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස් සේවාව හෙට (21) සිට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා පහත් මහලේ ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයෙන් (MMC) ආරම්භ කරන බව ප්‍රවාහන,...

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...
- Advertisement -spot_img

රත් දොතළු – 72

රත් දොතළු - 72 කිසිවෙකු විසින් මිදුලේ විදුලි පහන් දල්වන ලද්දෙන් රාඝවගේ මුහුණ මට පැහැදිලිව දිස් විණි. "අහස් සර්ට වැරදි දෙයක්...

අභය භුමි මැදින් විශ්මිත සවාරියක්

අභය භුමි මැදින් විශ්මිත සවාරියක් - Habarana Jeep Safari නිවාඩුවක් ලැබුණු සැණින් බොහෝ දෙනා සූදානම් වන්නේ පවුලේ සියලු දෙනා සමග...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you