More
    Interviewsමනිරත්නම් වැඩ කරන්නේ එකම රිද්මයකින්

    මනිරත්නම් වැඩ කරන්නේ එකම රිද්මයකින්

    -

    spot_img

    මනිරත්නම් වැඩ කරන්නේ එකම රිද්මයකින් – Mohanlal

    ප්‍රවීණ රංගන ශිල්පී මෝහන්ලාල් දශක හතරකට අධික කාලයක් සිනමාව හැඩ කළ මලයාලම් සිනමාවේ සංකේතයක්. මලයාලම් චිත්‍රපටවලට අමතරව දෙමළ, හින්දි, තෙළිඟු සහ කන්නඩ චිත්‍රපටවලද රඟපෑ ඔහු චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ලෙසින්ද කටයුතු කරනවා. සිය දිගු කාලීන සිනමා දිවිය තුළ ඔහු රඟපෑ චිත්‍රපට ගණන 400 කට අධිකයි. ඉන්දියානු සිනමාව වෙනුවෙන් ලබාදුන් දායකත්වය උදෙසා ඔහු පද්ම ශ්‍රී සම්මානයෙන් සහ පද්ම භූෂණ යන සම්මානවලින් පිදුම් ලැබුවා. CNN විසින් ඉන්දියානු සිනමාවට වෙනසක් එක් කළ නළුවෙක් ලෙසින් ඔහුව හැඳින්වූවා. රංගනය උදෙසා ඔහු ලැබූ ඇගයීම් බොහොමයි. ඔහු හැඳින්වෙන්නේ නිහතමානී මෙන්ම සරල රංගන ශිල්පියෙක් ලෙසින්. 

    Mohanlal

    පසුගිය වසරේ ඔහු රංගනයෙන් දායක වූ L2: Empuraan, Vrusshabha, Thudarum, Hridayapoorvam යන චිත්‍රපට ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද සාර්ථකව තිරගත වුණා. චිත්‍රපට නිෂ්පාදිකාවක වන Suchitra Mohanlal ඔහුගේ බිරිඳයි. ඔවුන්ගේ පුත් Pranav Mohanlal රසික ආදරය බෙහෙවින් දිනාගත් රංගන ශිල්පියෙක්. දියණිය Vismaya Mohanlal රංගන ශිල්පිනියක් මෙන්ම ලේඛිකාවක් ලෙසින් ද කටයුතු කරනවා. මොහාන්ලාල් මේ වසරේ Patriot (2026) චිත්‍රපටයෙන් රසිකයින් හමුවට ඒමට නියමිතයි. Patriot චිත්‍රපටයේ ඔහු ඇතුළු Mammootty ,Fahadh Faasil, Nayanthara, Kunchacko Boban යන සුපිරි තරු ගණනාවක්ම රඟපානවා.

    සම්මුඛ සාකච්ඡාවක් සඳහා ඔහුව සම්බන්ධ කරගැනීම ඉතාම අපහසු කාර්යයක් වුවත් ඔහු සමග කතාබහ කිරීම රසවත් අත්දැකීමක් බවයි බොහෝ මාධ්‍යවේදීන් පවසන්නේ. ඒ ඔහු ඔවුන්ගෙන්ද ප්‍රශ්න අසන නිසා. එමෙන්ම ඔහු දීර්ඝ පිළිතුරු නොදෙන සමහරවෙලාවට විනෝදකාමී සහ නිහතමානී, අව්‍යාජ රංගන ශිල්පියෙක්. ප්‍රේක්ෂකයින් ඔහු ගැන බොහෝ උනන්දු වුයේ, ප්‍රවීණ අධ්‍යක්ෂක මනිරත්නම්ගේ ඉරුවර් චිත්‍රපටයේ රඟපෑමත් සමගයි.

    Mohanlal

    “මගේ චිත්‍රපටවල සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය ගැන මම කරදර වෙන්නේ නැහැ. මගේ චිත්‍රපටයක් කවදා තිරගත වෙයිද කියලා හෝ එය බොක්ස් ඔෆිස් එකේ සාර්ථක වෙයිද කියලා මම කවදාවත් හොයන්නෙත් නැහැ. ගොඩක් වෙලාවට මගේ චිත්‍රපට රිලීස් වෙන එක ගැනවත් මම දන්නෙ නැහැ. මම එහෙම කෙනෙක්. තරුණ කාලේ පවා, මට කවදාවත් එහෙම ආසාවක් ආවෙ නැහැ. මම අධික විදිහට සතුටු වෙන්නෙත් නැති දුක් වෙන්නෙත් නැති මැදිහත් මනුස්සයෙක්. මේ වෙනකොට කිසිම දේකට මාව හොල්ලන්න බැහැ. ඇත්තටම මම හරි කම්මැලි මනුස්සයෙක්. මුකුත්ම කරන්නෙ නැතිව එක තැනකට වෙලා ඉඳගෙන ඉන්න මම කැමතියි. මුකුත්ම කරන්නෙ නැතිව. විවේක ගන්න කියල මම අමුතුවෙන් මුකුත් කරන්නෑ. මොකද මම හැමතිස්සෙම relax වෙලා ඉන්නෙ. “

    මනිරත්නම් ගේ චිත්‍රපටයක වැඩ කිරීම ඕනෑම ඉන්දීය නළු නිළියකගේ විශාල සිහිනයක් සැබෑ වීමකි. සිය තරුණ කාලයේම එම අවස්ථාව උදාවුවත් මොහාන්ලාල් එයින් අහංකාර වී නැත.

    Mohanlal

    “මම මනිරත්නම් එක්ක ගොඩක් චිත්‍රපට කළා. ඔහු එකම රිද්මයකින් වැඩ කරනවා. එකම විදිහකට කතා කරනවා. කිසි දෙයක් වෙනස් වෙලා නැහැ. රංගනය ගැන ඔහුට ඉස්සර තියුණු නිරීක්ෂණයක් තිබුණා. දැන් ඔහු පුංචිම දේකට පවා ලොකු වැදගත්කමක් ලබා දෙනවා. එතකොට ඇත්තටම හැම චිත්‍රපටයකටම පස්සෙ අපි දියුණු වෙනව. මට හිතෙන්නෙ ඉරුවර් කියන්නෙ ඔහුගෙ චිත්‍රපට වලින් විශිෂ්ටම එකක්.”

    සාමාන්‍යයෙන් ඔහුගේ චිත්‍රපට ගැන කතා කිරීමට එතරම් කැමැත්තක් නොදක්වන රංගන ශිල්පියෙක් වන මෝහන්ලාල් තමා රඟපෑ Vaanaprastham චිත්‍රපටය ගැන බොහෝ දේ කතාබහ කර තිබේ.

    “මට ලොකු ආඩම්බරයක් ගෙන දෙන දෙයක් තමයි මම චිත්‍රපටයක නිෂ්පාදකයා වීම. වෙනත් කෙනෙක් චිත්‍රපටයේ නිෂ්පාදකයා වුණාම අපිට එකඟතා ඇති කරගන්න වෙනවා. චිත්‍රපටයෙ නිෂ්පාදකයා මම වෙලා මම ඒකෙ රඟපානකොට නිදහසේ ලස්සනට වැඩ කරන්න පුළුවන්. කවදාවත් මම චරිතයකට සූදානම් වෙන්නෙ නැහැ. 

    Mohanlalමොකද මට එහෙම කරන්න තේරෙන්නෙ නැහැ. රූගත කරන්න කලින් හරි ඊට පස්සෙ හරි මම ‍රඟපාන චරිතෙ ගැන හිත හිතා වදවෙන්නෙ නැහැ. මගේ acting style එක ප්‍රතිචාර දක්වන එක විතරයි. නළුවෙක් කියන්නෙ action සහ cut කියන දෙක අතර මැද ඉන්න කෙනෙක්. ඔහුට තියෙන්නෙ අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට ක්‍රියා කිරීම විතරයි. ඒ වෙලාවට මම ඒ චරිතය මිසක නළුවෙක් නෙමේ. මම මගේ වෘත්තියට, රඟපෑමට ආදරෙයි. මට කවදාවත් ඒක එපා වෙන්නෙ නැහැ. සමහරවිට දවසක මිනිස්සුන්ට මාව එපා වෙලා එලියට විසි කරන්නත් පුලුවන්!”

    නමුත් එය සැබෑවක් නම් නොවේ. දශක හතරකට එහා ගිය සිනමා දිවිය තුළ කේරළයේ බාල, මහළු සියලු දෙනා ඔහුට ආදරය කළෝය. ඔහු පරම්පරාවෙන් පරම්පරාවට රසිකයින් වසඟ කෙරූ සිනමා පුරාවෘත්තයකි. 2025 වසරේ ඉන්දීය සිනමාවට ලබා දුන් විශිෂ්ට දායකත්වය උදෙසා ඉන්දීය රජය විසින් පිරිනැමෙන Dadasaheb Phalke සම්මානය පිළිගන්නා අවස්ථාවේ හැටපස් වියැති මේ විශිෂ්ට රංගන ශිල්පියා තම හදවතට අත තබා තම හදගැස්ම සිනමාව බව පවසා සිටියේ ඒ නිසාම වන්නට ඇත.

    Rediff ඇසුරිනි –

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page