More
    Newsතමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    -

    spot_img

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බවත්, තමන් වෙත එල්ල වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත්‍රස්තවාදය පිළිබඳ වන චෝදනා හතරටම තමා නිවැරදිකරු බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

    මදුරෝට එරෙහි මීළඟ නඩු විභාගය මාර්තු 17 වන දිනට නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් ද පැවැත්වූ අතර, වෙනිසියුලානු තානාපති සැමුවෙල් මොන්කාඩා ප්‍රකාශ කළේ මෙය කිසිදු නීත්‍යානුකූල පදනමක් නොමැති “අනවසර සන්නද්ධ ප්‍රහාරයක්” බවයි.

    කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ අමෙරිකානු තානාපති Mike Waltz එම ප්‍රහාරය සාධාරණීකරණය කරමින් කියා සිටියේ ලොව විශාලතම බලශක්ති සංචිත නීති විරෝධී නායකයෙකු සහ “යුක්තියෙන් පලායන්නෙකු” අතේ තැබිය නොහැකි බවයි.

    මේ අතර අමෙරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලානු හිටපු නායක නිකොලාස් මදුරෝ නිදහස් කරන ලෙස බල කරමින් පැවැති පාර්ලිමේන්තු සැසියකදී, එරට උප ජනාධිපති ලෙස කටයුතු කළ Delcy Rodriguez වෙනිසියුලාවේ අන්තර්කාලීන ජනාධිපතිවරිය ලෙස දිවුරුම් දී තිබෙනවා.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...

    ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව තහනම් කෙරේ

    'ඔන්ඩැන්සෙට්‍රෝන්' එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ ‘මාන් ෆාමසූටිකල්’ පෞද්ගලික සමාගම නිෂ්පාදනය කරන සියලුම එන්නත් වර්ග මෙරට රෝහල් තුළ භාවිතා කිරීම...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page