More
    NovelsShort Storiesමැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය

    -

    spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට පෙර අම්මා මට දුන් උපදෙස නම් සුළඟට එරෙහිව පියාසර නොකරන ලෙසයි. සුළඟට එරෙහිව පියාසැලීම අසීරු දෙයකි.

    “ශක්තිය ඉතිරි කරගන්න නම් සුළඟත් එක්ක පියාඹන්න. එතකොට ඔයාට ලේසියෙන් උඩට යන්න පුළුවන් “

    මම ඉගිළෙන්නට ආසාවෙන් පසුවුණෙමි. ඇය මා ගැන ආඩම්බර වෙනු දැකීමට මම කැමතිය. අපට කරදර කළ අයට පහර දීමටත් මගේ සහෝදර සහෝදරියන්ට වඩා ඉහළට යාමටත් මට වූවමනා විය. මම නොසන්සුන්ව සිටියෙමි.

    The Raven at the Window

    උසැති sugar pine ගසක විශාල අතු අතරේ අපගේ කූඩුව තිබුණි. අපේ නිවහනට කැස්කඩ් කඳුකරයේ හරිත පැහැයත්, මුහුදු වෙරළත් ඒ අවට ගම්මානයත් හොඳින්ම දැක ගැනීමට පුළුවන. දම් පැහැ බටහිර අහස එහි නිල්පැහැය තව තවත් මකාලමින් තිබුණේ අඳුරු රාත්‍රියක පෙර නිමිති කියා පාමිනි. මම නොඉවසිල්ලෙන් සහ අනාරක්ෂිත බවකින් පසුවුනෙමි. ගම්මානයෙන් පහන් එළි දැල්විණි. නිවාස දීප්තිමත් විය. මස්, මාළු පිසින සුවඳ මගේ කුසගිනි ඇවිළුවේය. කැලයෙන් ලැබෙන දේවලට වඩා මිනිසුන්ගේ කෑම රසවත්ය. මේ නගරයේ නැගෙනහිර පැත්තේ තිබෙන නිවාස සුඛෝපභෝගී බවින් ඉහළය. නෙක පැහැ මල් පිපෙන විශාල මිදුල් සහිත ඒ නිවාස කදිමය. ඔවුන්ගේ කසළ බඳුන්වල රසවත් ආහාර පිරී තිබුණි. අපේ ගස වටා පිහිටි නිවාස ඉතාමත් කුඩා වූ අතර ඒවායේ ආහාරයට ගැනීමට කිසිවක් සොයා ගැනීම දුෂ්කරය. අවසානයේ රාත්‍රිය උදාවිය. එය මගේ අම්මාගේ පියාපත් තරමටම කළු පැහැතිය. ඇය ගැන මතකය දුර බවක් දැනේ. නමුත් මට දැනෙන්නේ සන්සුන් බවකි. මගේ පිහාටුවල ආබාධය මම ගණනකට නොගනිමි.
    ————————————————————————————————————————————
    ජනේලය අසල ඉඳගෙන සිටිය ගැහැණු ළමයා තවත් තත්පර කිහිපයක් ඇය නිමකළ චිත්‍රය දෙස බලා සිටියාය. ඉන් පසු එයට තව ටිකක් කළු පැහැය එකතු කළාය.

    “හරි, දැන් එයා ගොඩක් නපුරු පාටයි”

    දොර ළඟින් ඇසෙන අඩි හඬින් කෝපයට පත්වූ ඇය ගෙරෙව්වාය. ඉක්මනින්ම තම චිත්‍රය මේස ලාච්චුවේ දැමූ ඇය හිරු එළිය සහිත කහ සමනලුන්ගෙන් පිරුණු උද්‍යානයක රෝස මල් සහිත චිත්‍රයක් ගෙන එය පාට කරන්නට වූවාය.

    “ග්ර්ර්ර්……”

    දොර විවර විය. ඇගේ මව සැමවිටම දොරට තට්ටු නොකර කාමරයට ආවාය.

    “මැටිල්ඩා ඩාලිං”

    මව වෙව්ලන හඬින් පැවසුවාය.

    “බලන්න කවුද ඔයාව බලන්න ආවේ කියලා”

    නමුත් මැටී ඒ කවුදැයි බැලුවේ නැත. ඇය ඒ කවුදැයි කියා දැන සිටි අතර ඔහුට වෛර කළාය.

    “හෙලෝ මැටිල්ඩා”

    පූජකයාගේ සන්සුන් ස්වරය ඇයට ඇසුණි. ඇය සන්සුන් වෙන්නට වෑයම් කලේය.

    “මට ඔයාව බලන්න පුළුවන්ද දරුවෝ?”

    “නෑ..යන්න”

    “එයා දැන් දවස් තුනක ඉඳලා මෙහෙමයි”

    ඇගේ මව පැවසුවාය.

    “ඒක හරිම ලස්සන පින්තූරයක්. මැටිල්ඩා, ඔයා හරිම හොඳ පුංචි කලාකාරියක්”

    පියතුමා පැවසුවේය.

    ‘ඔයා ඒකට කැමති වෙයි කියලා මම දැනගෙන හිටියා. ඔයා මට එහෙම කතා කරනකොට මට තරහයි”

    මැටිල්ඩා පැවසුවාය.

    “මැටිල්ඩා, ඩාලිං.. ඔයාට සතුටු නැද්ද ? ෆෙයාර්වෙදර් පියතුමා ඔයාට හොඳයි කිව්වා…”

    චිත්‍රය දෙස බැලීමට නැඹුරු වූ විට ඇගේ මවගේ සෙවනැල්ල ඇය මතට වැටුණි. ඉන්පසු ඇය අත දිගු කර දියණියගේ අත අල්ලා ගත්තාය. මැටීට මවගේ කෝපය දැණුනි. ඇය මවගේ මුහුණ සිතින් මවා ගත්තාය. තදින් පියවුණ දෙතොල, කෝපයෙන් රැලි වැටුන ඇහිබැම. මැටීගේ අත්වල අඟුරු තැවරී තිබුණි.

    “මම ඔයාට තෑග්ගක් ගෙනාවා, මැටිල්ඩා.”

    පියතුමා පැවසුවේය. කුතුහලය හේතුවෙන් ඇය ගොරවන එක නතර කළාය. කළු පැහැති උස මිනිසා මේසය මත අලුත්ම පැස්ටල් පැකට්ටුවක් තැබීය. එය විවර කර ඉටි මිශ්‍ර තෙල් සුවඳ ගැඹුරින් ආශ්වාස කිරීමට ඇය කැමතිය. නමුත් ඇය නිසලව සිටියාය. ඇයට තව කොපමණ කාලයක් මෙලෙස කෝමා වී මෙන් සිටීමට සිදු වෙනු ඇතිද? ෆෙයාර්වෙදර් පියතුමා පිටව යෑමට හැරුණේය.

    “අපි දිනුවා”

    The Raven at the Windowඔහු පිටව යෑමට පෙර, ඇගේ මව පැස්ටල් පෙට්ටිය උදුරාගෙන එය විවෘත කළාය. අනතුරුව එය වසා දමා බිම තබා පූජකයා පසුපස ගියාය. ඔවුන් පිටවූ පසු නැගිටගත් මැටී පඩිපෙල මුදුනට ගියාය. ඇයට ඔවුන් කතා කරන හඬ ඇසිණි. මේ ජීවිතය ඇගේ කන් ඇසීම තියුණු කර තිබුණි.

    “අඩුම තරමින් දැන් ඇය තවදුරටත් තමන්ට රිද්දගන්නේ නෑ”

    පූජකයා පැවසීය.

    “දැන් ඇය සන්සුන් වෙලා කියලා පෙනෙනව. චිත්‍රවලින් වුණත්. ළඟදි බය හිතෙන ඒවා ඇන්දෙ එහෙම නැද්ද?”

    “නැහැ”

    ඇගේ මව බොරු කීවාය.

    “මහ රෑට කෑ ගැහුවෙත් නැද්ද?”

    “නැහැ”

    “දැන් හොඳයි. අපිට තව ටිකක් කාලය ඕනේ කියලයි මම හිතන්නෙ “

    “මම හිතන්නේ අපිට බැරිද අර විදිහ ආයෙම උත්සාහ කරන්න?”

    “බෑ”

    “අනේ ”

    “විනාඩියක් ඉන්න”

    පූජකයා පැවසුවේය.

    “හොඳයි… මට කාදිනල් ඉස්කාරියොට් එක්ක කතා කරන්න දෙන්න. මම ඇස්ටෝරියා වලට යන ගමන් එහේ යනවා. “

    “නෑ.. නෑ.. නෑ.. නෑ.. නෑ.. නෑ…”

    මැටී කොරිඩෝවේ බිත්තියට ආසන්නව සිටියේය. ඇය කාමරයේ දොර වසා දැමුවේ එයට අගුලක් තිබුණා නම් කියා සිතමිනි. මැටී පැස්ටල් පෙට්ටිය විවර කළාය. එහි කළු පැහැති පැස්ටල් කූරක් තිබුණේ නැත. ඇය පුදුමයට පත් නොවූ අතර ඇයට පිළිකුලක් නොදැණුනි.

    “කමක් නැහැ”

    ඇය සිතුවාය.

    “අඟුරු තියෙනවනේ. මම කොහොමත් මගේ අඟුරු වලට කැමතියි”

    The Raven at the Windowඇය ලාච්චුවෙන් අඳුරු පැහැ චිත්‍රය එළියට ගත්තාය. පැරණි ඕක් ගසක් මෙන් වක ගැසුණු , අත් පා මත ඉරිතලා ගිය කළුපැහැ කඩමාළු ඔතා තිබුණ ජීවියාට තිබුණේ කුඩා හිසකි. සුදු පැහැ හතරැස් දත්වලින් පිරුණු විවර වූ මුඛයක්ද, සිදුරු දෙකක් සේ පෙනෙන ඇස්ද ඔහුට විය. ඒ ඇස් කහ පැහැති වූ අතර එහි නාගයෙකුගේ ඇස් මෙන් මෝහනීය බවක් තිබුණි. මැටීගේ කාමරය කුඩාය. එහි ඇඳක්, ජනේලය අසල මේසයක් සහ රාක්කයක් තිබුණි. රාක්කය පාමුල ඇය මවගෙන් ලබාගත නොහැකි සමහර දේවල් සඟවා තැබුවාය. එහි ඇතුළත ඇය විසින් සැකසූ අඟුරු කූරු රැසක් තිබුණි. ඇය එයින් අඟල් හතරක් දිග අඟුරු කූරක් ගෙන අනෙක්වා පසෙකින් තැබුවාය. ඉන්පසු ජීවියාගේ ඇටකටු අත් ඇඳීම අවසන් කර එයට සුදුපැහැයත් මිශ්‍ර කළාය. දැන් මේ චිත්‍රය ඇත්තම ඇත්ත එකක් සේ පෙනේ. පහළ මාලයෙන් ශබ්දයක් ඇසිණි.

    “හොඳින් නිදාගන්න අම්මා. නපුරු ගෑණි”

    අවසානයේ, ඇය වෙන්ඩිගෝ කෙනෙකුගේ පුතෙකු සහ කොකෝ නම් කැනේඩියානු ස්වදේශික මායාකාරයා වන බර්නාඩ් දෙස බැලුවාය. ඇයට තෘප්තියක් සහ නිදිමතක් දැණුනි. ඇය බර්නාඩ්ව අඳින තරමට ඔහු ඇයට සිහිනවල පෙණුනේ අඩුවෙනි. හරියට අමරණීය කෙනෙක් වගේ. හාත්පස වසා පැතිර තිබුණේ ඝන අඳුරකි. ඇය අඳුරට ආදරය කළාය. අඟුරු සුවඳ ඇයව සන්සුන් කළාය. ජනේලය දෙසින් ආ හඬක් නිසා ඇය එදෙස බැලුවාය. කපුටෙක් එතැන සිට ඇය දෙස, ඇගේ දෑස් දෙස බලාගෙන සිටියේය.
    ————————————————————————————————————————————
    මම ගැහැණු ළමයාව බය කළෙමි. ඉගිළෙන්නට ඉගෙන ගත් පසු බොහෝ වතාවක් මම මේ නිවසට පැමිණ තිබුණෙමි. මෙහි රසවත් ආහාර තිබුණි. කටගැස්මට ලබා ගත් කුකුල් අඬු, එළු චීස් සමග පෙති කැපූ බීට්, බැටළු ඇටකටු ආදිය. අද මම ඒ ජනේලය වෙත ගියේ ඇයිදැයි මට නොවැටහේ. මට එය කතා කරනවාක් මෙන් දැණුනි. මම ඒ වෙත ඇදී ගිය අතර අඳුර දෙස බලා සිටි සුදු පැහැති කුඩා මුහුණක් මට දක්නට ලැබුණි. මට වැටහුණේ ඇයද මා තරම්ම රාත්‍රියට ආදරය කරන බවයි. ඇය මා සමග හිනැහිණි.

    කපුටන් රාත්‍රි ජීවීන් නොවේ. බොහෝ පක්ෂීන් මෙන් ඔවුන්ද රාත්‍රියට කූඩුවල සිටිති. කූඩුවෙන් පිටත පියාසර කළ ඒ අවාසනාවන්ත දිනයේ සිටම මම අනිත් අයගෙන් වෙනස් බව දැණුනි. මම ශක්තිමත් බව සිතුවත් හරිහැටි පියාසර කිරීමට නොහැකිව මා ඇද වැටුණි. මම කෑ ගැසුවෙමි. අම්මා ලැජ්ජාවෙන් මදෙස බැලුවාය. අපේ වර්ගයේ ආබාධිතයන්ට සිදුවූ දේ මම දැන සිටියෙමි. අපේ අය ඔවුන්ට සමූහ වශයෙන් පහරදී ඇස් උගුල්ලා, අන්ධව අසරණව මිය යන්නට හැරියේය. මට එම ඉරණම අත්විඳීමට වූවමනා වුයේ නැත. දහවලේ සැඟවී ජීවත්වූ මම රාත්‍රියේ කොටසක් බවට පත් වූයේ එලෙසිනි. මම ජනේලය දෙස බලන විට, ගැහැණු ළමයා බියට පත් වී සිටිනු මට පෙනුණි. මට දුකක් දැණුනේ ඇයත් මා මෙන්ම රාත්‍රි ජීවියෙක් වග හැඟීමෙනි. ඇගේ මුහුණෙන් ඒ බැව් වටහාගත හැකිය. මම ඇගේ දෑස් දෙස බැලුවෙමි. සමහරවිට ඇයට මා කියවාගත හැකිවනු ඇත.
    ————————————————————————————————————————————
    The Raven at the Windowමැටී කෑගැසීම යටපත් කරගත්තේ අසීරුවෙනි. “නැහැ” ඇය සිතුවාය. කාදිනල් ඉස්කාරියොට් ඇයව නැවත බැඳ දමනු ඇති අතර වධහිංසා පෙරට වඩා දරුණු වනු ඇත. බර්නාඩ් ඇයට වඩාත් විශාල ලෙස දැනුනි. කපුටෙක්! මගේ ජනේලය ළඟ. ඌ ඇගේ දෑස් දෙස බලා සිටි‍යේය. බර්නාඩ් කපුටෙකුගේ ස්වරූපයෙන්. ඔව්! ඒ එයා තමයි. බර්නාඩ් ඒ නපුරු යක්ෂයා! කුරුළු ස්වරූපයෙන්. ඇය වෙව්ලන්නට වූවාය. සමහරවිට කාදිනල්වරයා ඇයට වධ හිංසා කිරීමට ඉඩ දෙනු ඇත. ජීවිතයේ හැටි එහෙමයි. ළදරු වියේ සිටම, ඇය කිසිවෙකු තමාව ස්පර්ශ කරනවාට අකමැති විය. අතක ස්පර්ශය ඇගේ රෝස පැහැ සමට වේදනාවක් ගෙන දුන්නේය. ඇය මිනිසුන්ව ස්පර්ශ කිරීම නතර කළාය. ඇය ඔවුන් නොතකා හැරියවිට ඔවුන් ඇගෙන් ඈත් වූ අතර ඇයට සාමයක් දැනුණි. දිනක් ඇගේ අම්මා පූජකයෙක් කැටුව ආවාය. ඔහු ඇයව බැඳ දමා තකතීරු කතා ගොඩක් පැවසුවේය. බර්නාඩ් ඇයව බේරා ගැනීමට පැමිණ

    “සන්සුන් වෙන්න. කෑ ගහන්න එපා. කවදාහරි දවසක මම ඔයාව මේ හැම වේදනාවකින්ම ගලවා ගන්නවා”

    යනුවෙන් පැවසීය. එතැන් පටන් ඇය ඔහු පැවසූ දේවල් කළාය. ඔහු ගැන සිහින මැව්වාය. ඔහුගේ පින්තූර ඇන්දාය. මේ වන තෙක් කිසිවක් සිදුනොවිණි. නමුත් අවසානයේ ඔහු කපුටෙකුගේ ස්වරූපයෙන් පැමිණ තිබේ.

    “ඔහුට අවශ්‍ය වී තිබෙන්නේ මොනවාද?”
    ————————————————————————————————————————————
    මම නැවත ජනේලයට තට්ටු කරන විට ඇය එතැනට පැමිණියාය. ඉන්පසු තදින් හුස්ම ගෙන මගේ ඇස් දෙස බැලුවාය. යමක් සොයමින්, ඇය ජනේලය විවෘත කළාය. මම පහත්වී ඇය දෙස බැලුවෙමි. දුර්වලකමක් මවාපාමින් මා මෙහි සිටින්නේ ඇයිදැයි හෝ ඇය වෙත මෙතරම් ආකර්ෂණය වන්නේ ඇයිදැයි නොදනිමි.

    “බර්නාඩ්, කමක් නැහැ. මම යන්න ලෑස්තියි. මාව අරන් යන්න.”

    “බර්නාඩ්?”

    ඒ කවුදැයි මම නොදැන සිටිමුත් මම ඇගේ කාමරයට ඇතුළු වුණෙමි. ඇය මා නොවන වෙන දෙයකට බියෙන් ජීවත්වෙන බැව් ඒ මොහොතේ මට වැටහුණි. මම ඇත්තටම විශ්වාස කළේ අවසානයේ මට මාව වැටහෙන අයෙක් හමු වූ බවයි. මම ඇගේ මේසයට පැන හිස හරවා ගතිමි. ඇය මගේ ඇස් දිහා බැලීමට බියක් දක්වයි. මම ඇස් පියාගත්තෙමි. ඇය මාව මරා දමනු ඇත. මම මරණයට සූදානම් වුණෙමි. නැතිනම් සමහරවිට මගේ පවුලේ අය උත්සාහ කළා මෙන් ඇයත් මගේ ඇස් උගුල්ලා දමනු ඇත. නමුත් මට මගේ පිහාටු මත මෘදු අතක ස්පර්ශය මට දැණුනි. ඇය මගේ ගෙල අතගෑවාය. මම පූස් පැටියෙකු මෙන් අවනතව සිටියෙමි. ආදරණීය ස්පර්ශයක් ස්වර්ගය තරම් මිහිරිය. එය මා මින් පෙර අත්විඳ නැත.

    මැටීගේ අත්වල සිටි කළු පැහැ කුරුල්ලා ඇය අසල උණුසුමට වැතිර සිටියේය.

    “මගෙ දෙයියනේ! ඔයා හරිම හොඳයි. ඔයාව මට එවලා තියෙන්නෙ බර්නාඩ් කියන නපුරු යක්ෂයගෙන් මාව ගලවා ගන්න”

    අවසන ඇය එසේ මිමිණුවාය.

    (Reedsy වෙබ් අඩවියෙහි පළවූ Tanya Humphreys විසින් රචිත The Raven at the Window කතාව ඇසුරෙන් සිදුකළ අනුවර්තනයකි )

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page