මට ඕනෙ සීරියස් චරිතයෙන් ඈත්වෙලා ඉන්න – Nivin Pauly
අතිශය ජනප්‍රියත්වයට පත් Premam, Bangalore days වැනි චිත්‍රපට රැසකින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් මලයාලම් රංගන ශිල්පී Nivin Pauly මේවන විට මලයාලම් සිනමාවට නැතිවම බැරි අයෙක්. රංගනයට අමතරව චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ලෙසින්ද කටයුතු කරන ඔහු ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක් ඇතුළුව සම්මාන රැසක් දිනාගත් රංගන ශිල්පියෙක්. ඔහුගේ නවතම චිත්‍රපටය Sarvam Maya. මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Akhil Sathyan විසින්.

අඛිල් සත්‍යන් Sarvam Maya චිත්‍රපටයේ රඟපෑමට තමන්ට යෝජනා කළ බවත්, තමන් ඒ අදහසට කැමති වූ බවත් නිවින් පවසා සිටියා. Sarvam Maya චිත්‍රපටය දෙසැම්බර් 25 එනම්, නත්තල් දවසේ තිරගත වීම ඇරඹුණා. Horror – Comedy වර්ගයේ කතාවක් වන මෙය අවතාරයක් සමග ගණුදෙනු කරන පූජකයෙක් පිළිබඳ කතා පුවතක්. මේ කතාව ප්‍රේක්ෂකයන්ට හාස්‍ය පිරුණු, ත්‍රාසජනක අත්දැකීමක් වනු ඇතැයි බලාපොරොත්තු වනවා.

“මේක මට ලැබුණ වෙනස්ම විදිහේ චරිතයක්. මට කවදාවත් මේ වගේ චරිතයක් කරන්න ලැබිලා නැහැ. මම මේ පිටපතට ගොඩක් කැමති වුණේ ඒකයි. අකිල්ගෙ කතාව මම ගොඩක් රසවින්දා. මේක Horror – Comedy එකක් නිසා මම රඟපාන්න තීරණය කරා. මම මීට කලින් මෙහෙම දෙයක් කරලම නැහැ.”
සුළු සුළු මතභේද නිසා Sarvam Maya රූගත කිරීම පවා තාවකාලිකව නතර වූ අවස්ථා තිබුණා. පසුව ඔවුන් ඒවා සමථයකට පත්කරගෙන තිබුණා.
“මම වැඩිපුරම මේකට කැමති වුණේ මේ චරිතයට සුදුසුම කෙනා මම බවට අකිල්ට තිබුණ විශ්වාසය නිසා. චිත්‍රපටයෙ Prabhendu Namboothiri චරිතයට මම හරිම ආදරෙයි. මට දැන් සීරියස් චරිත වලින් ටිකක් ඈත්වෙලා ඉන්නයි ඕනෙ. Horror – comedy එකක් කිව්වට මේ කතාවෙ සමහර තැන් හරි සංවේදියි. අනිත් එක තිරය පිටිපස්සෙ කතාවලත් හිනායන සිද්ධි අඩුම තරමෙ පනහක්වත් තිබුණා මම හිතන්නෙ. Aju Varghese මට ලොකු සහයෝගයක් දුන්නා. ඔහු හොඳ මිත්‍රයෙක්. අපි දෙන්නට දෙන්නා එකිනෙකාට චරිතය කරන්න ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒක තමයි හොඳම දේ”



