More
    Interviewsඅපිට sexual tension එකක් තිබුණෙ නෑ

    අපිට sexual tension එකක් තිබුණෙ නෑ

    -

    spot_img

    අපිට sexual tension එකක් තිබුණෙ නෑ Margaret Qualley

    කලා පවුලක සාමාජිකාවක් වුණ Margaret Qualley විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි කරගත් නිළියක්. මේ වන විට ඇය හොලිවුඩයේ වැඩිම ඉල්ලුමක් තිබෙන නිළියන්ගෙන් කෙනෙක්.

    • ඔයා ලොකු ඉල්ලුමක් තියෙන නිළියක් වෙලා. කොහොමද මේ හැම දේම පටන් ගත්තෙ ?

    මම අවුරුදු 16 දී නිව්යෝර්ක් ආවා. බැලේ වැඩසටහනකට සම්බන්ධ වෙන්න. බැලේ වලට ආස වුණත් dancer කෙනෙක් වෙන්න තරම් මම දක්ෂ නැති බවත් එයින් මට ඉදිරි ගමනක් නැති බවත් තේරුණා. අපිට දෙයක් හරියට කරන්න බැරි නම්, ඒ වෙනුවෙන් කාලෙ නාස්ති කරන එක තේරුමක් නැහැ. ඊට පස්සෙ මම modeling කළා. මගේ වියදම් පිරිමහගන්න පුළුවන් වුණා. මට ඒක ගැළපෙනව කියලා මට හිතුණා. මම අම්මට ලොකු email එකක් යැව්ව මට job එකක් ලැබුණා කියලා.

    Margaret Qualley

    • ඉතින්, අම්ම මොකද කිව්වෙ?

    අම්මට ඒක ලැබුණා, මට අවුරුදු 16 යි. මම ටවුන් එකේ තනියම. ඒක ටිකක් භයානකයි. මගෙ වයසෙ අනිත් ළමයි එයාලගේ දෙමව්පියන් සහ ටියුෂන් ගුරුවරු එක්ක ජීවිතේ ගෙව්වා. ටවුන් එකේ මට යාළුවෝ හිටියේ නැහැ. මම කවුරුත් දැනගෙන හිටියේ නැහැ. කවුරුහරි lift එකට ආවොත් මම එළියට දුවනවා. අවුරුදු 20 වෙනකම් මම ජීවත් වුණේ කිසිම ගෘහ භාණ්ඩයක් නැතුව මගේ handbag එකේ තියෙන බඩු ටිකෙන් විතරයි. නිදියන්න බිමට දාගන්න මෙට්ටයක් තිබුණා. අවුරුදු 18 වෙනකොට මම මූල්‍යමය අතින් තරමක් ස්වාධීනයි. මම හරිම අරපිරිමැස්මෙන් වැඩ කළේ.

    • job එකෙන් ඔයාටම කියල මුලින්ම ගත්තෙ මොනවද?

    හරිම ලස්සන ලෙදර් ජැකට් එකක්. ඇත්තටම මම ලෙදර් ජැකට් වලට කැමති නැහැ. ඒ නිසා මම කවදාවත් ඒක ඇන්දේ නැහැ. ඒක මට හරියන්නේ නැහැ. ඒත් මට ඕනෙ වුණා මම ඉස්සර හිටිය කෙල්ල නෙමේ කියන දේ අනිත් අයට අඟවන්න.

     

    • තනියම ඉන්න එක සුවපහසුයි කියලා දැනෙන්න ගත්තේ කවදද?

    High school එකේදි. එතකොට මට boyfriend කෙනෙක් හිටියා. අපි අවුරුදු පහක් හයක් එකට හිටියා. එයාට ගොඩක් යාළුවො, හොඳ පවුලක් හිටියා. එයත් එක්ක ඉන්න කාලේ මට ස්වාධීන බවක් දැණුනා. එයා තමයි මාව acting class එකකට අරන් ගියෙත්. අදටත් අපි කතාකරනවා. එයාගෙ සහෝදරයත් එක්ක එයා මගේ wedding එකටත් ආවා.

    • ඔයාගෙ Husband ව මුණගැහුණේ කොහොමද?

    ජැක් එක්ක ආදරයෙන් බැඳීම තමයි මගේ ජීවිතේ හොඳම දේ. COVID වලින් පස්සෙ මම ගිය පළවෙනිම party එකේදි අපි මුණගැහුණා. අපි කතා කරන්න පටන් ගත්තා. ඒ කතාබහ කවදාවත් නතර වුණේ නැහැ. ඒ ගිම්හානය පුරාම අපි නගරයේ හැම තැනම ඇවිද්දා.

    Margaret Qualley

    • මුලින්ම ආදරෙයි කිව්වෙ කවුද?

    එයා තමයි. මේ වගේ කාරණාවලදි මම හරිම සම්ප්‍රදායිකයි. මම කවදාවත් මාව මුලින්ම එළියට දාන්නේ නැහැ. මම කවදාවත් දෙපාරක් SMS යවන්නේ නැහැ. අපි දැන් බැඳලා. මට ඕනම වෙලාවක ඕනම දෙයක් එයාට SMS කරන්න පුළුවන්. අපි නිතරම කතාබහ කරනවා. එයා මගෙ diary එක වගේ. නමුත් බඳින්න ඉස්සෙල්ලා මම ගැහැණුන්ගෙ etiquette පාවිච්චි කළා.

     

    • ජැක්ගෙ ආදරේ සැබෑවක් බව ඔයා දැනගත්තෙ කොහොමද?

    ඊට කලින් තිබුණ affairs වලදි මට මාව නොදැණුන නිසා ඇත්තටම තනියක් දැණුනා. හරියට මම මොනවහරි හොයනව වගේ. ජැක් ළඟදි මට ඒක දැණුනෙ නැහැ. ඔහු ළඟ සුවපහසුවක්, පරිස්සමක් දැනෙනවා. අවුරුදු ගණනක් මම කාටහරි අයිති වෙන්න උත්සාහ කළා. නමුත් සැරින් සැරේට මම වෙනස් වුණා. ජැක්ට බොරු කියන්න මට බැහැ. ඔහු ඒක තේරුම් ගනීවි. මට ඕනෙ මම වෙන්න. මට මම වෙන්න උදව් කළේ ඔහු.

    • ඔයාලා හමුවුණේ Maid කතාව release වුණ කාලෙ. අපයෝජන සම්බන්ධයකින් බේරෙන තරුණ මවක් ගැන ඒ කතාව කොවිඩ් කාලේ වැඩියෙන්ම නරඹලා තියෙන කතාවලින් එකක්. ඇයි ඒකට මිනිස්සු ඒ තරං කැමති?

    මම දන්න ගොඩක් ගැහැණු අය ඒ වගෙ සම්බන්ධතාවයක යම් තරමකින් හරි හිරවෙලා තියෙනව. අපි මේවගේ දේවල් වෙනුවෙන් පෙනී ඉන්න ඕනෙ. Maid වල මගේ අම්මාම තමයි අම්ම විදිහට රඟපෑවෙ. අපි හැම weekend එකකම ෂූටිංවලට ගියා. මම ඒ කතාව හැබෑවටම විශ්වාස කළා. මට ඒක ඇත්තටම දැනෙන්න ඕනෙ කළා. මේ වගෙ අවස්ථාවල ගැහැණු එකිනෙකාට උදව් කරගන්න විදිහ හරි සුන්දර බව මම ඉගෙන ගත්තා.

    • අපයෝජන සබඳතාවල (abusive relationships) වේදනාව තිරයට ගෙන එන එක දුෂ්කරයි. ඒත් මේ දේවල් වැදගත් වෙන්නෙ මිනිසුන්ව තමන්ගේ සම්බන්ධතා ගැන නැවත හිතල බලන්න යොමු කරන නිසා. Maid ඔයාට බලපෑවෙ කොහොමද ?

    මම එයින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔයා බෙල් හූක්ස්ගේ All About Love කියවල තියෙනවද? මම ඒක කියෙව්වේ නරක affair එකකින් පස්සෙ. මම හිතුවා, “oh අපිව විකුණලා තියෙන මේ දෙය ආදරයයි… එය ආදරේ නෙවෙයි”. ආදරේ කෙනෙක් අපිව රිදවන්නෙ නැහැ. සැබෑ ආදරේ වේදනාකාරී නැහැ. ඒ තමයි ඇත්ත.

    Margaret Qualley

    • ඔබට දරුවන් අවශ්‍යද?

    මට දරුවන් අවශ්‍යයි. හැම වෙලාවෙම මට දරුවො ඕනෙ වුණා. පුංචි කාලෙදි වුණත්.

    • ඔයාගෙ අම්මා Andie MacDowell 1982 අවුරුද්දෙ සැප්තැම්බර් මාසයේ Cosmopolitan සඟරාවෙ කවරය සැරසුවා. ඔයා ඒක දැකලා තියේද?

    ඔව්. ඇය හරිම ලස්සනයි. Cosmo මම ආසාවෙන් කියෙව්ව එකම සඟරාව. දුඹුරු පාට කොණ්ඩයක් තියෙන ලස්සන ගෑණු ළමයෙක් වෙන්න මම හරි ආසාවෙන් හිටියෙ.

    • wow. ඔබ ඒක කළා.

    මට මතකයි මගේ සහෝදරිය වන රයිනි එක්ක ප්ලෙන් එකකදි අපි Cosmo කියෙව්වා. ඒකෙ තිබුණ sex-stories. මම sex කරන්න කලින් ඒ දේවල් කියෙව්වා.

    • ඔයා කියෙව්ව දේවල් ප්‍රයෝජනවත් වුණාද?

    මම දකුණු පළාතේ හැදුන කෙනෙක්. sex වලදි ලැජ්ජාව අයින් කරන්න Cosmo උදව්වක් වුණා. විනෝද වෙන්න දේවල් තියෙන බවත්, ඒව ගැන එච්චර ලැජ්ජ වෙන්න ඕනෙ නැති බවත් මට තේරුණා.

    • ඔයා පවුලේ අය එක්ක ගොඩක් සමීපද?

    රයිනි මගේ හොඳම මිතුරිය. මම ඇයට හැමදාම කතා කරනවා. දැන් එයාට බ්ලූබෙල් කියලා බබෙක් ඉන්නවා. රයිනි දැන් කැලිෆෝනියාවේ ඉන්නෙ. ඒත් ගොඩක් වෙලාවට අපි, උතුරු කැරොලිනාවලට මගේ තාත්තා ජීවත් වෙන තැනට යනවා. දැන් මට වයස අවුරුදු 31 යි. මම සන්සුන් වෙන්න පටන් ගන්නවා. ටිකක් සාමයෙන් ඉන්න ඉඩ ලැබිලා. ළඟ තියෙන කඩේට යන්න ලැබීම සතුටක් ගෙනත් දෙනවා.

    Margaret Qualley

    • ඔයාගෙ මානසික සෞඛ්‍යය ගැන ටිකක් කියන්න පුළුවන්ද?

    අවුරුදු 16 ඉඳලා මට therapy සිදුකළා. 20 ගණන්වල මුලදි මට නින්ද යන්නෙ නැති එක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. උදේ 9 වෙනකම් මම ඇහැරගෙන. වතාවක් දවස් හතරක් හරියට නිදාගත්තෙ නැති නිසා මට Cannes යන්න වුණේ නැහැ. මම දැන් මම විදිහට මාව පිළිගන්නවා. ඔයාට දැනෙන ඕනෑම දෙයක් දැනෙන්න ඉඩ දෙන එක හොඳයි. ඇත්තටම මම දැන් වෙන කවදටත් වඩා සතුටින්.

    • ඒක හරිම අපූරුයි. ඔයා භාවනා කරනවාද?

    මම හැමදාම දවසට දෙපාරක් භාවනා කරනවා. මට මාව අවුරුදු 4 – 9 දි හිටිය විදිහට දැනෙනවා. අපි 98% ක්ම ලෝකය අපි මත පැටෙව්ව දේවල් වලින් පිරිලයි ඉන්නෙ.

    • ඩෙමී මුවර්ගෙ කොඳු ඇට පෙළෙන් සූ විදිහට ඔයාව මතුවෙන Substance මට මතක් වෙනවා. ස්ත්‍රීත්වය ගැන සූ ඔයාට කියල දුන්නෙ මොනවද?

    පරම්පරා ගණනක් එක්ක කටයුතු කරනවා වගෙ වැඩක්. මෝඩ තරුණ ගැහැණු ළමයෙක් වීම ගැන බියකරු හීනයක්. කවුරුත් කැමති නෑ තමන් ගැන එහෙම හිතන්න. ස්ත්‍රීත්වය මොකක්ද කියලා කියන්න ඒක හොඳ කතාවක් නෙමෙයි. ඒකෙ පුරුෂයන්ට තැන වැඩියි. ඩෙමී මුවර්. ඇය හරිම විශේෂ කෙනෙක්. ශක්තිමත් සහ බුද්ධිමත්. ඒත් ඇය ඇදහිය නොහැකි තරම් මෘදු වගේම බිඳ වැටුණ කෙනෙක්.

    • තිරයෙ ඔයාගෙ සහ ඩෙමීගේ ලිංගික ඊර්ෂ්‍යාව පෙනෙන හැටි ගැන ගොඩක් දෙනා කතා කළා. රූගත කිරීම් අතරතුර ඔයාට sexual tension එකක් දැනුනද?

    අනේ දෙයියනේ! මම ඩෙමීට ආදරෙයි. අපිට sexual tension එකක් තිබුන කියල මම හිතන්නෙ නෑ. මම ඇගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඇය මගේ ආදරණීය මිතුරියක් වෙලා ඉවරයි.

    • ඔයා Aubrey Plaza එක්ක “Honey Don’t!” එකේ සමලිංගික රහස් පරීක්ෂකවරියක් විදිහට රඟපානවා. ඔයා දන්නවද ඔයාට ලොකු සමලිංගික රසික පිරිසක් ඉන්නවා!

    Thank you! මම සමලිංගික අයට ආදරෙයි.

    • මේ චරිතය කොහොමද ලැබුණෙ?

    අවංකවම කිව්වොත්, ඕනෑම ගැහැණු ළමයෙකුට Instagram හරහා මිනීමැරුම් අභිරහසක් විසඳන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. නමුත් හනීගෙ චරිතය ආත්ම විශ්වාසයෙන්, කතා බහෙන් පිරිපුන්. ඇය බුද්ධිමත් හා සරාගීයි.

    Margaret Qualley

    • Instagram ගැන කතා කරනකොට, මේ කතාබහ අතරෙ එක පාරක්වත් ඔයා ෆෝන් එක චෙක් කරේ නෑ කියලා මම දැක්කා.

    ෆෝන් හරියට සිගරට් වගේ. ඔයා දන්නවද? මගේ ෆෝන් එකේ Uber, SMS සහ maps ඇරෙන්න වෙන කිසිම ඇප් එකක් නැහැ. ඒක හොඳයි. මොකද එතකොට මම supermarket එකේ ඉන්නකොට ෆෝන් එක එළියට ගන්නේ නැහැ. මම එතන ඉන්නවා, මිනිස්සුන්ගේ කතාබහට ඇහුම්කන් දෙනවා. මට ජීවත්වෙන බව දැනෙනවා. මට ගෙදර phone service නැති ෆෝන් එකක් තියෙනවා. Wi-Fi විතරයි, Instagram බලන්න පුළුවන්. අපි හැමෝම ඕනෑවට වඩා මේ දේවල් එක්ක බැඳිලා.

    • මම Cosmo ප්‍රශ්නයකින් මේ කතාව ඉවර කරන්නම්. ඔයාගෙ sex advice එක කියන්න.

    ඔයා ඔයාගෙ ඇඟ ගැන, ඔයා ගැන හැමදේම දන්නවනං, ඔයාගෙ partner ඔයාව දන්න බව නිසැකයි නම් enjoy කරන්න පුළුවන්. ඔයා ඔයාවම enjoy කරන්න.

    Cosmopolitan ඇසුරිනි –

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page