Newsඩේසි ආච්චිට ඩිමෙන්ෂියා - නඩුව අහක යන ලකුණු

ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා – නඩුව අහක යන ලකුණු

-

spot_img

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ නැන්දණිය වූ ඩේසි ෆොරස්ට් නමැත්තිය ඩිමෙන්ෂියා ඇතුළු රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බැවින්, ඇයට එරෙහි අධි චෝදනා පත්‍රය අධිකරණය හමුවේ පවත්වා ගෙන යාම පදනම් විරහිත බව ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අද කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ නඩුව අද (12) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී, විත්තිකාර ඩේසි ෆොරස්ට් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මෙම දැනුම්දීම සිදු කර තිබෙනවා.

එහිදී ඔහු අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායිකාව ඩිමෙන්ෂියා සහ ඇල්සයිමර් යන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන තැනැත්තියක් බවත්, එම තත්ත්වය මත මෙම චෝදනාව පවත්වා ගෙන යාම පදනම් විරහිත බවත්, සිය සේවාදායකාව වයස අවුරුදු 98 ක වයෝවෘද්ධ තැනැත්තියක් වන අතර, ඇයගේ පෞද්ගලික කටයුතු පවා ඇයට තනිවම කර ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බවත් සඳහන් කළා.

වර්තමානයේ ඇයට තිබෙන මානසික තත්ත්වය අනුව මෙම වරද සම්බන්ධයෙන් හෝ අධිකරණය සම්බන්ධයෙන් ඇයට දැනීමක් නොමැති බවත්, මෙම වරද පිළිගැනීම හෝ නොපිළිගැනීම සම්බන්ධයෙන් ඇයට දැනුම් තේරුමක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

සිය සේවාදායිකාවට ඇගේ පුද්ගලික කටයුතු ස්වාධීනව කර ගැනීමේ හැකියාවක් නැති බැවින්, ඇයගේ සහ ඇයගේ දේපළ භාරකාරීත්වය වෙනත් අයකුට පවරන ලෙස 2017 මාර්තු 17 වැනිදා ගංගොඩවිල දිසා අධිකරණයෙන් ද නියෝගයක් නිකුත් කර තිබුණු බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන් අතර, අධිකරණ වෛද්‍ය වාර්තාවක් පදනම් කරගෙන අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර, එම රෝගී තත්ත්වය යථා තත්ත්වයට පත්වීමේ හැකියාවක් නොමැති බවට වෛද්‍යවරු විසින් දැනුම් දී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙවැනි කරුණක් අධිකරණයට ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙය බවත්, විත්තිකාරිය වයස අවුරුදු 98 ක තැනැත්තියක් වන අතර, ඇයට තිබෙන රෝගී තත්ත්වයන් පිළිබඳව පැමිණිල්ලට පිළිගත හැකි වුවත්, දිසා අධිකරණය දුන් නියෝගයකට අනුව මෙම අධිකරණය කටයුතු කිරීමට අවශ්‍ය නොවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියා.

මෙම වෛද්‍ය වාර්තාව වසර අටකින් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළේ ඇයි දැයි මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා ජනාධිපති නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් විමසූ අතර, මෙම නඩුකරය මුලින් මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගන්නා අවස්ථාවේදී මෙවැනි වැදගත් ලේඛනයක් එම අධිකරණයට ඉදිරිපත් නොකළේ ඇයි දැයි ප්‍රශ්න කළ මහාධිකරණ විනිසුරුවරයා, මහේස්ත්‍රාත් අධිකරණයේ දී විත්තිකාරිය වෙනුවෙන් නීතිඥ නියෝජනයක් තිබූ නිසා අදාළ ලේඛනය එම අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාව තිබුණු බවත් සඳහන් කළා.

මෙවැනි ලේඛනයක් විත්තිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේදැයි අධිකරණය හමුවේ පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් විනිසුරුවරයා විමසූ අතර, එවැනි ලේඛනයක් ඉදිරිපත් නොවූ බව නිලධාරීන් සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා, දෙවැනි විත්තිකාරිය පිළිබඳ පැමිණිල්ලේ ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම නඩුව ලබන 26 වැනිදා කැඳවන ලෙස නියෝග කළා.

 

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you