මගේ ඩමියක් ගෙදරක එල්ලලා තිබුණා – Sadie Sink
Stranger Things කතා මාලාව තුළින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් Sadie Sink රංගනයට පිවිසුණේ ලාබාල වියේදීමයි. 23 හැවිරිදි ඇය දිනෙන් දිනම ජනප්‍රිය සහ දක්ෂ රංගන ශිල්පිනියක ලෙසින් ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර වෙමින් සිටිනවා.

• Stranger Things ඔයාගෙ ජීවිතේට ආවෙ කොහොමද?
එතකොට මට අවුරුදු 14 යි. High School යන කාලේ. මම සම්බන්ධ වෙනකොටත් ඒක ජනප්‍රිය වෙලා ඉවරයි. මගේ චරිතය මැක්ස්. skateboarding කරන වයසට වඩා නුවණක්කාර tomboy කෙනෙක්.
• ඔයාට skateboard පුළුවන්ද?
බැහැ. කොහෙත්ම බැහැ. ඒත් මම පොඩි බොරුවක් කිව්වා Rollerblading ගැන දන්නවා කියලා. මම හිතුව ඒක මට වාසියක් වෙයි කියලා.

• Halloween වලට මැක්ස් වගේ අඳින අය දැකලා තියෙයිද?
ඔව්. මම දැක්කා කවුරුහරි මගේ dummy එකක් ගෙදරින් එළියෙ එල්ලලා තියෙනවා. ඒක නියමයි.!
• ඔයා Halloween එකට සහභාගි වෙනවද?
මම Halloween වලට ආදරෙයි.
• John Proctor Is the Villain චිත්‍රපටය වෙනුවෙන් ඔයාව Tony සම්මානයට නිර්දේශ වුණා. ඒ ආරංචිය ඇහෙනකොට ඔයා කොහෙද හිටියෙ?
මගේ සහෝදරයා තමයි මට ඒ ගැන කිව්වෙ. බය නිසා මට ඒක බලන්න වුවමනා වුණෙත් නැහැ. මම උදේ නැගිටලා පහලට යන්න පඩිපෙල බහිනකොට එයා ඇවිත් කිව්වා මම Nominate වුණා කියලා. මට කෑගැහුනෙ නෑ. ඒක මගෙ ජීවිතේ සතුටුම මොහොතක්.

• ඔයාගෙ කැමතිම රියැලටි වැඩසටහන?
RuPaul’s Drag Race. ගිය අවුරුද්දේ මට ඒක ටිකක් මග ඇරුණා. ඒත් මම පස්සෙ ඒ ඔක්කොම බැලුවා. All stars තමයි මම කැමතිම එක. ඒකෙ හොඳම අභියෝග, දක්ෂකම් තියෙනවා.
• ඔයාගේ පළවෙනි kiss එක ගැන කියන්න.
ඒක set එකේ දි කරන්න වුණේ. හරිම ලැජ්ජාවක්. අම්ම ඉස්සරහ පළවෙනි හාදුව ගන්න කවුරුත් කැමති නැහැනේ. එයා ඒ දිහා බලාගෙන හිටියෙ. ඒත් දැන් මතක් කරනකොට ඒක සුන්දර අත්දැකීමක්.
• ඉස්සෙල්ලම High heels දැම්ම දවස මතකද?

Stranger Things වලට තමයි. එතකොට මට අවුරුදු 15 යි. මම මේකප් දාන්න අකමැති වුණා. මට ඕනෙ වුණේ නැහැ වයසින් වැඩි පෙනුමක් ලැබෙනව දකින්න. මම කිව්වා මේකප් දාලා ඉන්නෙ කියලා මිනිස්සු දැන ගන්නවට මම කැමති නෑ කියලා.



