InterviewsClara Zarco හැබෑම සතුට තියෙන්නෙ අපේ ආදරණීයයන් ළඟ

Clara Zarco හැබෑම සතුට තියෙන්නෙ අපේ ආදරණීයයන් ළඟ

-

spot_img

Clara Zarco නිරූපණ ශිල්පිනියක්. මේකප්, ආලේපන අඩුවෙන් භාවිතා කරන ස්වභාවික සුන්දරත්වය එලෙසින්ම පවත්වා ගැනීමට උත්සාහ කරන නිරූපණ ශිල්පිනියක් ලෙසින් ඇය ප්‍රකටයි. මේ, සුන්දරත්වය පිළිබඳව ඇය සමග කළ කතාබහක්.

• ක්ලාරා, ඔයාව මුල්ම වතාවට දකින කෙනෙකුට එක වාක්‍යයකින් ඔයාව හඳුන්වල දෙන්න පුළුවන්ද?

මම, අනිත් අයව උද්‍යෝගිමත් කරන්න, සතුටු කරන්න කැමති ප්‍රීතියෙන් පිරුණු කෙනෙක්.

Clara Zarco

• නිරූපණ ක්ෂේත්‍රයට ආස හිතුනෙ ඇයි?

වෙනසකට ඇති කැමැත්ත. මම වෙනස් දෙයක් සොයමින් සිටියා, මට සහයෝගය දුන්න මාව දිරිමත් කෙරුව අයට ස්තූතිවන්ත වෙන්න මට හොඳ දෙයක් ලැබුණා. මම තුළ විශාල පරිවර්තනයක් ඇති වුණා. ඒ විතරක් නෙමේ පුදුමාකාර යහළුකම් ලැබුණා.

Clara Zarco

• ඡායාරූප ශිල්පී ජේවියර් සමඟ ඔයාගෙ photoshoot එක හරි ලස්සනයි. ඔබ සුන්දර මොහොතක් ගත කළ බව පෙනෙනවා ඒ දවස ගැන කියන්න .

ජේවියර් කියන්නෙ විශිෂ්ට ඡායාරූප ශිල්පියෙක්. ඊට අමතරව ඔහු හොඳ මිත්‍රයෙක්. ඡායාරූප ශිල්පියෙක් අනිවාර්යයෙන්ම ලස්සන ෆොටෝස් ගන්න දන්නවා. ඒ නිසා වැදගත්ම දේ වෙන්නෙ එයා නිරූපිකාව එක්ක සම්බන්ධ වෙන්නෙ කොහොමද කියන දේ. ඔහු එය හොඳින්ම දන්නවා. දිගු කාලීන මිත්‍රත්වයක් ඇති කර ගන්න හැටි ඔහු දන්නවා. ඔහු හරිම සුවපහසු, විශේෂ සහ ලස්සන හැඟීමක් ඇති කරන කෙනෙක්. ඒ සුන්දරත්වය ෆොටෝස්වල පවා දැකගන්න පුළුවන්. කැටලෝනියාවේ කොස්ටා බ්‍රාවා (මගේ ප්‍රියතම ස්ථානවලින් එකක්) විශේෂයෙන්ම කැලෙල්ලා ඩි පලෆ්‍රගෙල් හරිම සුන්දර තැනක්. මේ තැන්වල රූගත කළ නිසා ඔහුත් සමඟ සුන්දර කාලයක් ගත කළා.

• ඇත්තටම මම ඔයාගේ ස්වභාවික පෙනුමට ගොඩක් කැමතියි. ඔයා කොහොමද ලස්සන කියන දේ නිර්වචනය කරන්නේ?

ස්තූතියි, ඔයා මගේ පෙනුමට කැමති වීම ගැන ගොඩක් සතුටුයි. මම හිතන විදිහට, ලස්සන කියන්නෙ ස්වභාවිකත්වය සහ අව්‍යාජ සිනහවක් තියෙන එක. ඇත්ත වශයෙන්ම සැබෑ සුන්දරත්වය කියන්නෙ බාහිර පෙනුමට වඩා අපේ අභ්‍යන්තරය ලස්සන වීම. අපේ personality එක, වැඩ කරන, කතා කරන විදිහ. බාහිර පෙනුම කියන්නෙ කවචයක් විතරයි. සුන්දරත්වයේ වැදගත්ම කොටස වෙන්නෙ ඇතුළතින් අපි කවුද කියන දේ. රූපය සදාකාලික නැහැ. නමුත් අපේ අභ්‍යන්තරය, අපේ ගතිගුණ සදාකාලිකයි. මිනිස්සුන්ට මතක තියෙන්නෙත් ඒක.

Clara Zarco

• විවේක ගන්න බාර්සිලෝනාවල ඔයා කැමතිම තැන මොකක්ද?

බාර්සිලෝනාවල මම කැමතිම සහ නිදහස්ම තැන බීච් එක. කිලෝමීටර් 12 ක් විතර දිග කැස්ටල්ඩෙල්ෆල්ස් සක්මන් තීරුව දිගේ ඇවිදින්නත් මම හරිම ආසයි, පුංචි කාලෙ යොවුන් කාලේ සහ වගේම දැනුත් මම නිතරම වගේ එතැනට යනවා. මුහුද අයිනෙ ඇවිදිමින්, හුළඟෙ සද්දෙ අහමින්, ශීත ඍතුවේත් ගිම්හානයේදීත්. එතැනදි මට හරිම නැවුම් බවක් දැනෙනවා. විවේකයක් සඳහා ප්‍රියතම තැන එතැන .

• කෝපි ද තේ ද?

මම කෝපි වලට කැමතියි. ඕට් කිරිත් මික්ස් කරලා තමයි ආසම.

• බීච් එකද ටවුන් එකද?

100% ක්ම බීච් එක. මීන ලග්නෙ නිසාමද මන්දා මම වතුරට හරි ආදරෙයි. ජල ක්‍රීඩා, පිහිනීම, මුහුද මේ හැම දෙයක්ම. එය නිදහස සහ refresh වීම වගේ දැනෙනවා. මම දවසක මුහුද ළඟ ජීවත් වෙන්න හීන දකිනවා.

Clara Zarco

• උදේ ද රෑ ද?

උදේ පාන්දර . මොකද මම මගේ දවස් වලින් උපරිම ප්‍රයෝජන ගන්න කැමතියි. උදේ පාන්දර හිරු එළිය විඳින්න කැමතියි. ඒ වෙලාවට හැම දෙයක්ම නැවුම් සහ පිරිසිදුයි. නිවාඩු දවස්වල පවා මම හැමදාම උදෙන්ම පාන්දරින්ම ඇහැරෙනවා. ඒ වගේම, මට රෑට නිර්මාණශීලී අදහස් ඇති වෙනවා. ඉතින්, මම දවසෙන් උපරිම ප්‍රයෝජන ගන්න පාන්දර ඇහැරෙන්න කැමති වුණත්, රෑ කාලය මට වැඩි ආශ්වාදයක් සහ නිර්මාණශීලීත්වයක් ගෙනල්ලා දෙනවා.

• ජීවිතයේ වැදගත්ම දේ මොකක්ද?

මට නම්, ජීවිතයේ වැදගත්ම දේ මම වඩාත්ම ආදරය කරන අයත් එක්ක ඉන්න එක. මගේ පවුලේ අය සහ සමීපතම යාළුවො. ඒ බැඳීම් ශක්තිමත්ව තියාගන්න එක සහ ඔවුන්ගේ ආදරය, සහයෝගය දැනෙන එක හරි වටිනවා. ඔබට ජීවත් වෙන්න ඕනෙ කරන ශක්තිය, සතුට සහ පෙළඹවීම ලබා දෙන අයගේ බැඳීම් හැම දේකම පදනම කියලා මම හිතනවා. ගොඩක් අය සැප සම්පත්, සල්ලි ගැන හිතනවා. නමුත් හැබෑම සතුට තියෙන්නෙ අපේ ආදරණීයයන් ළඟ. ඔවුන් ඔබව වඩා හොඳ පුද්ගලයෙකු බවට පත් කරනවා.
C heads ඇසුරිනි –

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you