NewsAlona Savchenko පෙම්වතා විසින් මරා කැබලි කළ නිරූපණ ශිල්පිනිය

Alona Savchenko පෙම්වතා විසින් මරා කැබලි කළ නිරූපණ ශිල්පිනිය

-

spot_img

යුක්‍රේන ජාතික නිරූපිකාවක වූ,විසි හතර හැවිරිදි Alona Savchenko ගේ මළසිරුර පසුගිය සඳුදා බැංකොක්හි සුපිරි මහල් නිවාස සංකීර්ණයක් වූ Key Sathorr – Charoenraj  තුල තිබී හමුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා යැයි සැලකෙන පෝලන්ත ජාතික ව්‍යාපාරිකයෙකු වන  Jan Jerzy Lagoda Fillippow (25) පොලිස් භාරයට ගෙන ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

Jan සහ Alona පසුගිය අප්‍රේල් 29 වැනිදා මෙම මහල් නිවාස සංකීර්ණයට පැමිණ ඇති අතර ඔවුන් සිනාසෙමින් තම කාමරය වෙත යන අයුරු CCTV දර්ශනවල දක්නට තිබු නමුත්,මැයි 15 වැනිදා Jan තනිවම කලබලයෙන් සහ භීතියෙන් හෝටලයෙන් පිටව යනු දුටු ආරක්ෂක නිලධාරියාට ඔහු ගැන සැක පහළව තිබෙනවා.

ඉන්පසුව කුලී රථයක් සොයාගත් Jan එහි රියැදුරු Surachai Sabaibang ගෙන් කැසිනෝ ක්‍රීඩා කිරීමට ඇති ස්ථානයන් ගැන විමසා ඇති අතර,ඒ සඳහා සුදුසු තැනක් හමු නොවූ විට,තම පෙම්වතියගේ මළසිරුරේ අවයව කපා වෙන් කිරීමට තමාට උදව් කරන ලෙස ඔහු රියැදුරුගෙන් Google Translate භාවිතයෙන් අසා ඇත්තේ ඒ වෙනුවෙන් Bhat 1500 ක් (ඩොලර් 44ක්) රියදුරුට ලබා දිය හැකි බව පවසමිනි. භීතියට පත් වූ රියැදුරු,ඔහුව අතරමගදී  හෝටලයක් අසලින් බස්සවා,මේ පිළිබඳව Jan නවාතැන් ගෙන සිටි හෝටලයේ කාර්‍යමණ්ඩලය දැනුවත් කර තිබෙනවා.

රියැදුරු ගේ ඇමතුමෙන් පසුව හෝටල් කාර්‍යමණ්ඩලය 32 වැනි මහලේ පිහිටි Jan සහ Alona ගේ කාමරය විවෘත කර ඇති අතර,ඇඳ මත තිබී කපා කොටා ඝාතනය කර තිබු, Alona Savchenko ගේ මළසිරුර සොයාගන්නට සමත්ව තිබෙනවා. ඇගේ මුහුණ රුධිරයෙන් වැසී තිබුණ අතර,වම් අත මැණික් කටුව අසලින් කපා තිබුණු බව සඳහන්. බෙල්ලේ සිට උරහිස දක්වා වූ ගැඹුරු කැපුම නිසාවෙන් හිස ද අර්ධව වෙන් වී තිබූ අතර,පපුවේ පිහි ඇනුම් තුවාලයක් තිබු බව කියවෙනවා. මළ සිරුර අසළ තිබී රුධිරයෙන් වැසී ගිය අඩි 2 ක් දිගැති කියතක් හමුව ඇති අතර,ඊට දිනකට පමණ පෙර ඈ මරා දමා දමන්නට ඇති බවයි පර්යේෂකයන්ගේ නිගමනය වී තිබෙන්නේ.

ඝාතකයා දේශ සීමාව හරහා කාම්බෝජයට පළායාමට උත්සාහ කර ඇති අතර, Sa Kaeo පළාතේ Aranyaprathet දේශීය මුරපොළේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්සුන්ව සිටි බවත්,සාමාන්‍ය පරිදි තම සිර මැදිරිය තුළදී කෝපි පානයෙන් පසුව ව්‍යායාම කිරීම ඇරඹූ බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.  Jan සිය පෙම්වතියගේ මරණය සම්බන්ධව කිසිවක් පොලිසියට පවසා නැති බවයි පැවසෙන්නේ.  Wat Phraya Krai පොලිස් ස්ථානයේ Jan රඳවා සිටින අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පෝලන්ත තානාපති කාර්යාලය දැනුවත් කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

 

Ukrainian model Alona Savchenko

Ukrainian model Alona Savchenko

{ David Averre විසින් dailymail.com සඳහා ලියූ ලිපියක් ඇසුරෙනි.}

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you