Constitutional Council – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (12) රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත අතර, එහිදී මෙරට 37 වැනි පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු, ජනාධිපතිවරයා විසින් නව පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරියගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යෝජනා කර තිබුණා.



