More
    NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල් වියන් - 24

    Tharu Mal Viyan තරු මල් වියන් – 24

    -

    spot_img

    Tharu Mal Viyan තරු මල් වියන්

    ශාමින්ද කතා කරන තුරු අංජලී බලා සිටියාය. දල්වන ලද හඳුන් කූරු වලින් නැගුණේ විවිධාකාර සුවඳ දුම්ය.

    “අංජලී…මට ඔයාව ගොඩාක් තදින්ම හිතට දැනෙනවා…හරියට ආත්ම ගානක් මං ඔයාව දැනන් හිටියා වගේ…”

    ඇගේ හද ගැස්ම වේගවත් විය. තමාටද එම හැඟීම එසේම දැනෙන බවක් පවසන්නට නොහැකිය. තමාත් ඔහුත් අතර බිඳිය නොහැකි කුමක්දෝ බාධකයක් ඇති බවක් ඇයට දැනිණි. ශාමින්ද යනු තමාට කෙදිනකවත් ළං විය නොහැකි අයෙකුය. නිල් අහසක දිලෙන සඳක් අතින් අල්ලන්නට තබා ළංවන්නටවත් නොහැකිය. ඔහුද එවැනිය. දුරින් හිඳ බලා සිත සනසා ගනු හැරුණු කොට නොලැබෙන දෙයකට ආසාවක් ඇති කරගන්නේ මන්ද කියා ඈ සිතුවාය.

    “මාත් නොදැනුවත්වම මගේ හිත ඔයා ළඟ නතර වෙලා අංජලී…”

    ඇයට කිසිත් කිව නොහැකිය. මුව ගොළුය. කුමක් පවසන්නද කියා ඇයට සිතා ගන්නට නොහැකිය. ඈ මුව විවර කළේ යමක් කියන්නට සිතා මුත් ඔහු වහා ඇයව වළකාලීය.

    “මොකුත් කියන්න එපා අංජලී… කිසිදෙයකට හදිසියක් නැහැ…මං කියපු හැමදේම හිතේ තියා ගන්න…”

    අංජලී ඒ අසා කියන්නට ගිය දේ මුව තුළම සිර කර දමුවාය. මියුරත් ගයානිත් නුදුරින් කතාබහකය. හදිසියේ ඇයට සිහි වූයේ මියුර ගැන ඔහු හා පැවසිය යුතු බවය.

    “ශාමින්ද…අර…”

    ඈ ගයානිත් මියුරත් පෙන්වා කියන විට ඔහුගේ දෑස් ඒ දෙසට දිව ගියේය.

    “ඒ මියුර…හරි හොඳ කොල්ලෙක්…මං හිතන්නේ ගයාට ඒ වගේ කෙනෙක් තමා ගැළපෙන්නේ…”

    “නංගි කැමතිද එයාට…?”

    “ගයා කැමති වෙන්නේ ඔයා කැමති දේකට…හැබැයි මියුර එයාට හුඟාක් කැමතියි…”

    “ඉරේෂ් වගේ නෙවේනේ…එයා ඉරේෂ්ට කැමති වුණේ මට කියලා නෙවේනේ…”

    ඔහු එල්ල කළේ ඇනුම්පදයකි.

    “ඉරේෂ් වගේ නෙවේ…මියුර ඊට වඩා සිය දාහකින් හොඳ කෙනෙක්…ගයා ඉරේෂ්ට කැමති වුණේ වදේට…ඒත් එයා මුල ඉඳන්ම එයාට කියලා තිබුණේ…කවදා හරි අයියා අකමැති වුණොත් එයා ඒක කරන්නේ නැහැ කියලා…”

    “හ්ම්ම්…දැන් ඉතින් ඒවා ඉවරයිනේ…දැන්ම කිසි දේකට හදිසි වෙන්න ඕන නැහැ…අපි බලමු කතා බහ කරලා…”

    ඔවුන්ගේ කතා බහට බාධා කරමින් රංගිකාත් හිමානිත් ඔවුනතරට පැමිණියහ.

    “අපි යමුද…අනික් අය අපි එනකල් බලන් ඉන්නවා…දැන් නම් බඩත් ගිනියි…නිදහස් තැනක් බලලා කමු නේද…?”

    රංගිකා යෝජනා කළෙන් ඔවුන් සෙමෙන් පහළට පැමිණියේ ගයානිත් මියුරත් කැඳවමිනි.

    ශාමින්ද එදිනත් රාත්‍රියේ එහි නැවතුණේ රේණුකාගේ පෙරැත්තය නිසාය. තුෂරද ශාමින්ද නිසා එහි පැමිණියේය. දෙදෙනා මේ වන විටත් හොඳ මිතුරන් බවට පත්ව සිටි අතර මියුර පිළිබඳව කතා බහක් ඇද ගත්තේ ශාමින්දය. ඒ ඔහු තුෂර සමඟ තනිව කතා බහ කරමින් සිටින විටය. ඔහුගේ කතාවෙන්ද මියුර හොඳ් අයෙකු බව ශාමින්දට පෙනී ගියේය. රාත්‍රී ආහාරයට මියුරට ඇරයුම් කළේ තුෂර ශාමින්දට ඔහු සමඟ කතා බහ කරන්නට අවස්ථාව ලබා දෙන්නටය.

    “කොල්ලා හොඳ කොල්ලෙක්…ශාමින්දම කතා බහ කරලා බලන්නකෝ…”

    තුෂර කීවේ මියුරට ඇමතුමක් ගෙන පැමිණෙන ලෙස දන්වා අනතුරුවය. මියුරද සිටියේ සතුටිනි. අංජලී ඔහු පිළිබඳව ශාමින්ද හා කතා බහ කළ බා කීවේ සවස ඔවුන් පිටත් වන්නට පෙරය.

    “ඔයා නම් දෙයියෙක් අංජලී…”

    ඇගේ අතින් අල්ලා ගෙන ඔහු කීවේය.

    “බ්‍රෝකර් ගාස්තුව මං පස්සේ ගන්නම්…”

    ඈ සිනහසෙමින් කීවාය.

    “චෙක්ද කෑෂ්ද…?”

    “කෑෂ්…අපිට චෙක් එපා…”

    ඈ කීවේ දිව දිගු කරමිනි.

    “ඔයා කියන දෙයක් ඉතින්…”

    ඔහු සිනහසෙමින් කීවේය. රාත්‍රී අහස මත සඳ එළිය විහිදිණි. සැමදෙනම සිටියේ ප්‍රීතිමත් බවකින් යුතුවය.

    “අයියා මියුරට කැමතියි වගේ…”

    ගයානි සමඟ රාත්‍රී කෑම මේසය සූදානම් කරමින් අංජලී කියන විට තිගැස්සුණු බැල්මෙන් ගයානි ඈ දෙස බැලුවාය.

    “ඔයාට එහෙම කිව්වද…?”

    “නැහැ…මට හිතෙනවා…මට කියන්න…ඔයා මියුරට කැමතියි නේද…?”

    ගයානි පිළිතුරක් නොදී ලැජ්ජා මුසු සිනහවක් පෑවාය.

    “ඇඹරෙන්නේ නැතුව කියනවා…”

    නොසතුටෙන් අංජලී කෑ ගසන විට ගයානි හිස ඉහළ පහළ වැනුවාය.

    “මියුර ගැන හිතේ පැහැදීමක් ඇති වුණේ මට එයාව මුණ ගැහුණදාමයි…”

    කෙටි සුසුමක් පිට කළ ගයානි කීවාය.

    “මං දන්නවා…මං අයියාට මියුර ගැන කිව්වා…”

    ගයානි යළිත් තිගැස්සී ගියාය.

    “මොකක්…! ඔය ඇත්තමද…එහෙනම් ඔය දෙන්නා හුඟක් වෙලා කතා කර කර හිටියේ ඒ ගැනද…?”

    ගයානි අසන විට අංජලී වහා එය එසේ බව පිළිගත්තේ ඈ අන් යමක් සිතා ඇති බව වටහාගෙනය.

    “අද එහෙනම් මඟුළ කතා කරයි වගේ…අන්න මියුරත් ආවා…”

    රංගිකා ඔවුනතරට පැමිණියේ එසේ කියමිනි. ලැජ්ජාමුසුව ගයානි පිටුපසට දිව යන විට අංජලීත් රංගිකාත් නිහඬව එකිනෙකා දෙස බලා සිනහ පෑහ.
    ——————————————————————————————————
    ගෙවුණු දවස් සොඳුරුය. ගයානිගේත් මියුරගේත් ප්‍රේම කතාව ඇරඹී සතියක් පමණය. ශාමින්ද එයට අවසර දී තිබුණේ මියුර සමඟද කතා බහ කරමින් අනතුරුවය. ගයානි සිටියේ සතුටින් වුවද අංජලී සිටියේ සිත තුළ තෙරපුණු ශෝකී හැඟීම් සමුදායක් සමඟය. එළඹෙන්නේ අවුරුදු නිවාඩු සමයයි. මාලකගේ විවාහය සිදුවන්නේ අවුරුද්දෙන් අනතුරුව දිනක බව ඈ හා පැවසුවේ ගිම්හානිය. අවුරුදු නිවාඩුවට සතියකට වඩා කාලයක් ඔවුනටද නිවාඩු ලැබෙයි. නිවසට නොයා වෙන කොහේ හෝ යන්නට ඇත්නම් කියා අංජලී සිතුවාය.

    “මොනාද අනේ…මනෝ ගහලා…මේ දවස් ටිකේම එහෙමයි…”

    ගයානි වරෙක ඇසුවේ අංජලී තනිවම කල්පනා කරමින් සිටිනු දුටු මොහොතක් බලාය.

    “මොකුත් නැහැ…”

    අංජලී වහා කීවේ මුව මත නඟා ගත් ව්‍යාජ සිනහවක්ද සමඟය. ශාමින්ද ඉඳ හිට ඇමතුම් දුන්නද අංජලී ඔහු හා.කතා බහ කළේද වචන තෝරා බේරාගෙන ප්‍රවේශමෙනි. ඔහුගේ සිත රිදවන්නට ඇයට නොහැකිය. ඈ නිතර ඔහු ගැන සිතුවද ඔහු තමාට ආදරය කරම බව දැන සිටියද ඇයට ඔහුට පෙරළා ආදරය කරන්නට නොහැකිය. අමතක කරන්නට හදන හැම විටකම ඔහු මතකය ඇගේ සිත වටා එතෙන්නට වූයේ ගසක එතී යන ළිය වැලක් මෙනි. නිවාඩු දෙන්නට ඇත්තේ තව දින දෙකක් පමණි. යහන මත හිඳගෙන කොට්ටයක් තුරුළට ගෙන අංජලී දස අතේ සිතුවේ මාමාගේ නිවසට යන්නේ කෙසේද කියාය.
    ගයානිත් රංගිකාත් ඇඳුම් බෑග අසුරමින් සිටියද ඈ තවම කිසිත් සූදානම් කරගෙන නැත. තුෂර ඔවුන් ඇඳුම් මිලදී ගන්නට කැඳවාගෙන යෑමට පොරොන්දු වී සිටියේය. නැන්දාටත් මාමාටත් ගිම්හානි හා මේනකටත් මොනවා හෝ මිලදී ගත යුතුය. මාලකට කිසිත් ගන්නට සිතක් ඈ තුළ නොවීය. ශාමින්ද.? ඔහුට නම් යමක් මිලදී ගත යුතුමය. ඈ සිතමින් සිටියේ මේවාය.

    “කී දවසක් තිස්සේ ඉඳන්ද දැන් ඔය කල්පනා කරන්නේ.? තාම ඉවර නැත්ද…?”

    ගයානි ඇසුවේ බෑගය වසා දමා පසෙක තබමිනි. රංගිකාත් යහන පසෙක හිඳ ගත්තාය.

    “මං කල්පනා කළේ කොහොමද මාමලා දිහා යන්නේ කියලා…?”

    මිතුරියන් දෙදෙන එකිනෙකා දෙස බලා කෙටි සුසුම් පිට කළේ එක්වරමය.

    “අපිත් ඔය ගැන කතා කළා…ඔයා එහෙ යන්නම එපැයි…”

    “හ්ම්ම්…මාලකත් ඉන්නවා…අවුරුද්දට සංචලාත් එහෙ එයි…”

    “ඔව්…එයි…ආවට ඔයා එයාව ගණන් ගන්න එපා…ඔයා එයාට මූණ දෙන්න…එයාට බයේ ඉන්න ඕන නැහැනේ…ගිම්හානි අක්කා එක්ක ඉන්න…”

    ගයානි කියන විට අංජලී ඊට එකඟව හිස සැළුවාය.

    මාමාගේ නිවසට එන විට අංජලීට දැනුණේ නුපුරුදු තැනකට පැමිණෙන්නාක් බඳු ආගන්තුක හැඟීමකි. නිවස නව පෙනුමක් ගෙන ඇත. අලුතින් ගාන ලද තීන්ත වල සුවඳින් මුළු නිවසම පිරී ඇතිවාක් මෙනි. ලී බඩු නව පෙනුමක් ගෙන ඇත. නැන්දා ඇයව පිළිගත්තේ සුපුරුදු සෙනෙහසිනි.

    “අපි ඔයා එනකල් බල බලා හිටියේ…”

    ගිමහානිද ඈ දැක කීවාය. මේනක හෝ මාලක තවම නිවසට පැමිණ නැත.

    “නැන්දලා වෙඩින් එකට සැරසෙනවා වගේ…”

    මාමාත් නැන්දාත් මුහුණින් මුහුණ බලා ගත්තේ ඈ වැරදි යමක් කියූවාක් මෙනි.

    “අපි නෙවේ…ඔය චූටි පුතා තමා සේරම කළේ…අපේ කැමැත්තෙන් වෙන මඟුලක් නෙවේනේ මේක…”

    මාමා කතා කළේ නොසතුටෙනි. එවන් ප්‍රශ්නයක් අසා තමා කළේ අනුවණ කමක් බව වැටහී අංජලීගේ සිතේ ඇති වූයේ පසුතැවිල්ලකි.

    “චූටි පුතා දැන් දුව එක්ක කතා කරන්නේ නැත්ද…?”

    නැන්දා හදිසියේ අසන විට අංජලී ඇතුළතින් තිගැස්සී ගියාය.

    “න්න්…නැහැ…නැන්දේ…මට දැන් ගොඩ කාලෙකින් කතා කළේ නැහැ…”

    ඈ කීවේ අපහසුවට පත්වය.

    “අර බඩ්ඩ කතා කරන්න එපා කියලා ඇති…එයා දැන්ම නීති දාන් ඉන්නේ…”

    නැන්දා කතා කළේම නොකැමැත්තෙනි. සංචලා මේ නිවසට ඒමට පෙර මෙසේ නම් පැමිණි පසුව කෙසේ වේවිද කියා සිතා ගන්නට පවා නොහැකිය. නැන්දම්මා ලේලි හටනක ඇරඹුම මෙය විය හැකිද.? එවන් දෙයක් නොවී ඔවුනට සමාදානයෙන් සිටීමට හැකි වේවායි අංජලී පැතුවාය.

    “අම්මා දැන්ම යුද්ධ ප්‍රකාශ කරලා ඉන්නේ…පොඩි ලේලි එක්ක…”

    ගිම්හානි කීවේ අංජලී සමඟ කාමරයේ කතා බහ කරමින් සිටින විටය. විහිළුවට මෙන් එසේ කීවද ඇගේ හඬේ වූයේ ශෝකයක ලකුණුය.

    “ඒකනේ අක්කා…”

    “අනේ මන්දා…මල්ලිලා වෙනම පදිංචියට යයි මං හිතන්නේ…?”

    “ගේ සුදු අයියට කියලා මාමා ඒ දවස් වල ඉඳන්ම කිය කියානෙ හිටියේ…”

    “ඒත් මේනක කැමති නැහැ නංගී…මාත් කිව්වේ අපි ඇනෙක්ස් එකක් අරන් යමු කියලා…”

    “අනේ…අක්කලා යන්න එපා…”

    අංජලී ශෝකී හඬකින් කීවාය.

    “අයියායි මල්ලියි ප්‍රශ්නයක් නැති වුණත්…අරයා කොහොම වෙයිද දන්නැහැනේ නංගී…ප්‍රශ්න ඇති කරන් මේ ගෙදර ඉන්න බැහැ…අම්මායි තාත්තයි දුක් මහන්සියෙන් හදපු ගෙදර ඒ දෙන්නා නිදහසේ ඉන්න ඕන නංගී…පව් ඒ දෙන්නා…මල්ලි මේ මොන වින්නැහියක් කරගන්න යනවද මංදා…”

    ගිම්හානි කෙතරම් සිත හොඳ අයෙකුද කියා අංජලී මේ මොහොතේත් සිතුවේ පැහැදුණු සිතකිනි. ඈ නැන්දාටත් මාමාටත් සිය මාපියන්ට මෙන් සෙනෙහසක් දක්වන්නීය.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...

    පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැදවූ ගුවන් අනතුර

    බොලීවියානු ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එහිදි තවත් පිරිසක් තුවාල...

    අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු සැඟව සිටි නිවසේ අයිතිකරු අත්අඩංගුවට

    අකුරේගොඩදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, මොනරාගල ප්‍රදේශයේ සැඟවී සිටි බව කියන වෙඩික්කරුට නවාතැන්...

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...
    - Advertisement -spot_img

    ප්ලාන්ට් වීදියේ යාචකයා

    ප්ලාන්ට් වීදියේ යාචකයා - Dead Man Walking ප්ලාන්ට් වීදිය දිගේ ඇවිද යන විට, වීදිය අයිනේ මෙවැනි පුවරු දෙකක් දිස්වේ. "Anything Helps...

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page