NewsCourt order ගෝණෙකු දඩයම් කළ තිදෙනෙකුට අධිකරණය දුන් නියෝගය

Court order ගෝණෙකු දඩයම් කළ තිදෙනෙකුට අධිකරණය දුන් නියෝගය

-

spot_img

 Court order – ගෝණෙකු වෙඩි තබා ඝාතනය කර, ජීප් රථයකින් රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු මෙම මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව, මෙම සැකකරුවන් නුවරඑළිය පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් නුවරඑළිය මහේස්ත්‍රාත් ලංකාංගනී ප්‍රබුද්ධිකා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

අවුරුදු 40 – 50 යන වයස්වල පසුවන කුරුණෑගල සහ දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔවුන් තිදෙනා විසින් නුවරඑළිය, සීතා අම්මාන් කෝවිල අසළ රක්ෂිතයේ සැරිසරමින් සිටි ගෝණෙකු වෙඩි තබා ඝාතනය කර, ජීප් රථයකින් දංකොටුව දක්වා රැගෙන යමින් සිටියදී, නුවරඑළිය රථවාහන අංශයේ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පරික්ෂා කිරීමේදී බලපත්‍ර නොමැති බෝර 12 ගිනි අවියක්, උණ්ඩ 09 ක් සහ කුඩා ඊයම් බෝල 174ක් සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

 

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you