NewsIran israel attack බොරතෙල් මිල යළි ඉහළට

Iran israel attack බොරතෙල් මිල යළි ඉහළට

-

spot_img

Iran israel attack – ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර යුධමය තත්ත්වයක් ඇතිවූ අතර, පසුව මේ සඳහා අමෙරිකාව මැදිහත්වීමත් සමඟ මෙය තීරණාත්මක ස්ථානයකට පැමිණ තිබෙනවා.

එහි නවතම තත්ත්වය : 10.30 AM

ලොව පුරා තත්ත්වය

* ඉරානයේ නටාන්ස්, ඉස්ෆහාන් සහ ෆෝඩෝ යන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඇමෙරිකාව විසින් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මේ වන විට ඉරානය හා ඊශ්‍රායලය අතර ඇතිවී තිබෙන යුධමය තත්ත්වය තීරණාත්මක ස්ථානයකට පැමිණ තිබෙනවා.

* ‘දැන්, සාමය ඇති කර ගත යුතු බවත්, එසේ නොවුනහොත් ප්‍රහාර තවත් දරුණු විය හැකි’ බවයි ප්‍රහාරයෙන් අනතුරුව ජාතිය ඇමතූ ‍අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ.

* ‍මේ අතර, අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය රටවල් කිහිපයක් විසින් හෙළා දැක තිබෙනවා.

* ‍එක්සත් රාජධානිය එක්සත් ජනපද ප්‍රහාරවලට සම්බන්ධ නොවන බව තහවුරු කරන අතර, සාකච්ඡා මේසයට නැවත පැමිණෙන ලෙසයි ඔවුන් ඉරානයෙන් ඉල්ලා සිටින්නේ.

* මේ අවස්ථාවේ යුද්ධයක් අවශ්‍ය නොවන බවත්, සාකච්ඡා මේසයට පැමිණ රාජ්‍ය තාන්ත්‍රිකව පවතින ගැටලුව විසඳා ගැනීමට කටයුතු කරන ලෙසත් ඔස්ට්‍රේලියාව, චීනය ඇතුළු රටවල් ඉල්ලා සිටිනවා.

* පවතින යුදමය තත්ත්වය උත්සන්න වීමත් සමඟ ලෝක වෙළඳපොලේ තෙල් මිල යළි ඉහළ යාමට පටන්ගෙන ඇති අතර, මේ වන විට Brent බො‍රතෙල් බැරලයක මිල 3% කින් ඉහළ ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

* ඉරානය හා ඊශ්‍රායෙලය අතර ඇතිවී තිබෙන යුද්ධය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැඩි අවධානය යොමුව ඇති අතර, කොන්දේසි විරහිතව සටන් විරාමයක් සඳහා එළඹිමට කටයුතු කළ යුතු බව රුසියාව, චීනය සහ පකිස්ථානය සඳහන් කර සිටිනවා.

* මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළකළ සටහනක් සම්බන්ධයෙන් ලොව පුරා අවධානය යොමුව ඇති අතර, එහිදී ඔහු සඳහන් කරන්නේ, “’පාලන වෙනසක්’ යන යෙදුම භාවිතා කිරීම දේශපාලනික වශයෙන් නිවැරදි නොවන නමුත්, වත්මන් ඉරාන පාලනයට ඉරානය නැවත ශ්‍රේෂ්ඨ කිරීමට නොහැකි නම්, පාලන වෙනසක් සිදු නොවන්නේ ඇයි ද?” යන්නයි.

ඊශ්‍රායලයෙන් ඉරානයට එල්ල කළ ප්‍රහාර

* ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් නගරය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා.

* ටෙහෙරාන් අවට ඇති හමුදා සහ මිසයිල ඇති ස්ථාන ඔවුන්ගේ ඉලක්ක බවට පත්ව තිබුණු අතර, මේ සඳහා ප්‍රහාරක ජෙට් යානා 20 ක් පමණ යොදාගෙන තිබෙනවා.

ඉරානයෙන් ඊශ්‍රායලට එල්ල වූ ප්‍රහාර

* ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර මාලාවත් සමඟ ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර සංඛ්‍යාව වැඩි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

* ටෙල් අවිව් නගරය ඉරාන ප්‍රහාරවල ඉල්ලකය බවට පත්ව තිබුණු අතර, එහිදී එල්ල වූ මිසයිල ප්‍රහාරවලින් ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

 

Latest news

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු ශ්‍රී ලංකා නිවාක හමුදාවට...

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...
- Advertisement -spot_img

තේ මේසෙට හොඳම කෑමක් පොල් කේක්

තේ මේසෙට හොඳම කෑමක් පොල් කේක් තේ මේසෙට තියන්න හොඳම කෑමක් තමයි පොල් කේක්. ලංකාවෙ රසට, නිවැරදිව පොල් කේක් එකක්...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you