More
    FeaturesZainab Jama සම්ප්‍රදායේ කිණිහිර මත තැලුණු සෝමාලියානු රූ රැජිනගේ...

    Zainab Jama සම්ප්‍රදායේ කිණිහිර මත තැලුණු සෝමාලියානු රූ රැජිනගේ කතාව

    -

    spot_img

    Zainab Jama නම් සෝමාලියානු රූ රැජින ඉන්දියාවේ තෙලන්ගනා හි පැවැත්වෙන 72 වැනි ලෝක රූ රැජින තරඟාවලියේ Head-to-Head Competition අදියරේදී සිදුකළ කතාබහට ලෝකයේම අවධානය යොමු වුණා. සෝමාලියානු සංස්කෘතියේ අංගයක් වන චර්මච්ඡේදනය (කාන්තා ලිංගේන්ද්‍රියේ බාහිර කොටස් කපා දැමීම) පිළිබඳව ඇය කතාබහ කළේ කුඩා දැරියක අවධියේ තමා එයට මුහුණපෑ අන්දම ගැන පවසමින්.

    Zainab Jama

    තමා අවුරුදු හතක දැරියක අවධියේදී මේ බිහිසුණු අත්දැකීමට මුහුණ පෑ ආකාරය ඈ පැවසුවා. මෙහිදී කිසිදු ලෙසකින්වත් වෛද්‍ය පිළිවෙතකට අනුකූල නොවන අන්දමින්, නිර්වින්දනය කිරීමක් නොකර අමු අමුවේම බ්ලේඩ් තල, කතුරු වැනි උපකරණ භාවිතයෙන් ලිංගේන්ද්‍රියේ බාහිර කොටස් කපා දැමීමෙන් පසු මුත්‍රා කිරීමට කුඩා සිදුරක් ලෙසින් ඉඩ සලසා තුවාලය මසා දමනු ලබනවා. වේදනාවෙන් කෑ ගැසූ තමාට එම ගැහැණුන් මේ සම්බන්ධව ආඩම්බර වන ලෙසින් පැවසූ වග Zainab Jama කඳුළු පිරි දෙනෙතින් යුතුව පවසා සිටියා.

    ස්ත්‍රී චර්මච්ඡේදනය නම් වූ මේ අමානුෂීය කටයුත්ත පිළිබඳව ලොව වඩාත් කතාබහට ලක්වූයේ සෝමාලියානු නිරූපිකා වාරිස් ඩයිරිගේ (Waris Dirie) “කාන්තාරයේ කුසුම “(Desert Flower) පොත නිසාවෙන්. කෙසේවෙතත්, මේ අමානුෂික ක්‍රියාවලියේ අඩුවක් සිදුවී නොමැති බැව් පෙනී යන්නේ සෝමාලියානු කාන්තාවන්ගෙන් 98% ක්ම මෙම ක්‍රියාවට භාජනය වී ඇති බවත්, ඉතිරි 2% ඒ සඳහා වයස සම්පූර්ණ නොමැති ළදැරියන් බවත් පවසන Zanib Jama ගේ හෙළිදරව්ව නිසාවෙනි.

    Zainab Jama

     

    සමාජ ක්‍රියාකාරිනියක වශයෙන් විශාල මෙහෙවරක් සිදුකරන 23 හැවිරිදි සෝමාලියානු රූ රැජිනගේ මෙම කතාබහ සංස්කෘතිය, සම්ප්‍රදායන් නිසා අයිතිවාසිකම්, නිදහස අහිමි වූ මිලියන සංඛ්‍යාත ගැහැණුන්ගේ හඬකි. මෙවැනි මාතෘකාවක් ගෝලීය වේදිකාවක කතා කිරීමට ඇය ගත් තීරණය මානව හිමිකම් සඳහා වන සටනේ, බලවත් පියවරක් සනිටුහන් කරනු ඇත.

    Latest news

    ඉරානයේ මිය ගිය ගණන 780 ඉක්මවයි

    ඉරානය තුළ නව ප්‍රහාර රැල්ලක් ක්‍රියාත්මක කල බව ඊශ්‍රායලය පවසනවා. ටෙහෙරාන් අගනුවර යටිතල පහසුකම් ද ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාර...

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...

    ගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනපති මරුට

      අමෙරිකානු - ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර‍යකින් හිටපු ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඩ් ( Mahmoud Ahmadinejad ) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ප්‍රහාරය...

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...
    - Advertisement -spot_img

    දවසෙ ඕන වෙලාවක කන්න පුළුවන්

    දවසෙ ඕන වෙලාවක කන්න පුළුවන් - Chocolate Brownies Chocolate Brownies කන්න කවුද අකමැති? චොක්ලට් චිප්ස්, බටර්, කොකෝවා පව්ඩර් දාලා හදන...

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page