More
    SportsWomens Tri-Nation ODI Series අවසන් මහා තරගය නොමිලේ නැරඹීමට...

    Womens Tri-Nation ODI Series අවසන් මහා තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව

    -

    spot_img

    Womens Tri-Nation ODI Series – ශ්‍රී ලංකා, ඉන්දීය සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය‍ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර හෙට (11 වැනිදා) පෙරවරු 10.00 සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

    මූලික වටයේදී සහභාගි වූ තරග 4 න් 3 ක් ජයගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ පළමුවෙන්ම අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේය. තරග 3 කට සහභාගි වෙමින් තරග 2 ක් ජයගත් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අවසන් තරගයේ දොරටු විවර වූයේ ඉකුත් බදාදා (7 වැනිදා) පැවැති තරගයේදී ඉන්දියාව හමුවේ දකුණු අප්‍රිකාව පරාජය වීමත් සමගිනි. දකුණු අප්‍රිකාව සහභාගි වූ මුල් තරග 3 දීම ඔවුන් පරාජයට පත්ව තිබීම හේතුවෙන් ඔවුන්ට අවසන් මහා තරගය අහිමි විය.

    ශ්‍රී ලංකා කණ්ඩායමට සහාය දැක්වීම සඳහා මෙම තරගය නොමිලේ නැරඹී‍මේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.

     

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page