More
    spot_img
    Artඕනෑම සුන්දර තැනක නපුර සැඟවී තියෙන්න පුළුවන්! - Evil...

    ඕනෑම සුන්දර තැනක නපුර සැඟවී තියෙන්න පුළුවන්! – Evil Under The Sun

    -

    spot_img

     

    Evil Under The Sun – ලෝකය පුරා සිටින,රහස් පරීක්ෂක කතාවන්ට පෙම්බඳින්නන්ගේ වැඩියෙන්ම සිත්ගත් රහස් පරීක්ෂකයන් දෙදෙනෙක් සිටිනවා. ඒ Arthur Conan Doyle විසින් මැවූ Sherlock Holmes සහ Agatha Christie විසින් මැවූ HerculePoirot. මේ දක්ෂයන් දෙදෙනාගෙන් වැඩිපුරම දක්ෂ කවුරුන්ද යනවග ගැටළුවක්. පාඨක ආදරය වැඩිපුරම දිනාගන්න Sherlock Holmes සමත්වුනත් Hercule Poirot ට ආදරය කරන පාඨක පිරිස ද බොහෝයි. මේ සටහන Agatha Christie විසින් රචිත Evil Under The Sun නැමති කෘතිය ගැන.”හිරු යට මරු” නමින් මෙය සිංහලට පරිවර්තනය කර ඇත්තේ සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන මහතා විසින්.

    බෙල්ජියානු රහස් පරීක්ෂකයා,හර්කියුලී පොයිරෝ. මේ වතාවේ නම් ඔහුගේ බලාපොරොත්තුව විවේකයක් ගැනීම. ඔහු ඒ සඳහා තෝරාගන්නේ කුඩා දූපතක පිහිටා තිබූ “ජොලි රොජර්” නම් මනරම් නවාතැන.

    හිරු එළියෙන් දීප්තිමත් වූ දවස් – මනරම් වෙරළ තීරය – සුවදායී සුළඟ – හිරු රැස් නාමින්,නිදහසේ ප්‍රීතියෙන් නිවාඩුව විඳින අමුත්තන්..ජොලි රොජර් අපූරු නවාතැනක්.මෙතරම් සුන්දර තැනක නපුරට ඉඩක් තිබේවිද?

    ‘ඔව්,මේක පෙම්බර තැනක්. සාමකාමී තැනක්. ඉර එළිය වැටෙනවා. මුහුද නිල් පාටයි. ඒත් ඔයාට වරදිනවා. මේ ඉර යට ඕනෑ තැනක නපුර තියෙනවා’
    (පිටු අංක 22)

    ඒ පොයිරෝ ගේ අදහස.හෝටලයේ නවාතැන් ගෙන සිටින අමුත්තන් එකිනෙකා හා හිතවත් වන්නට ගන්නේ නිරායාසයෙන්මයි. ඉතාමත් සුන්දර අමුත්තියක් මේ අය අතරට එන්නේ ඉන්පසුවයි.ඇය අර්ලිනා ස්ටුවර්ට්.

    ආකර්ෂණීය ගැහැණියක්. පිරිමි ඇස් නිරතුරුවම අර්ලිනා ලුහුබැඳීම නියතයක්. සියල්ලන්ම ඈ ගැන කතාවුනා.ඈ ගැන ඕපාදූප, ඇගේ අතීතය,වර්තමානය, ඇගේ පෙම්වතුන් ගැන. ගැහැණුන් ඇයව හැඳින්වූයේ නපුරේ සංකේතයක් ලෙසින්. පැට්‍රික් රෙඩ්ෆර්න් මේ අය අතර සිටි කඩවසම්ම පිරිමියා. ඔහුගේ බිරිඳ ක්‍රිස්ටින්. පැට්‍රික් හා අර්ලිනා අතර සම්බන්ධයක් ඇතිවන්නේ ඉතාම ඉක්මනින්. සියල්ලන් ම ඒ ගැන කතාවෙනවා. පැට්‍රික් ගේ බිරිඳට අනුකම්පා කරනවා.

    දින ගත වී යනවා. එක් දිනක් ඔවුන්ට දක්නට ලැබෙන්නේ හිරු එළිය නාමින් වෙරළේ නිසොල්මනේ වැතිරී සිටින අර්ලිනාව. නැහැ. අර්ලිනා ස්ටුවර්ට් ගේ පණ සුන් සිරුර. කිසිවෙකු විසින් ගෙල සිරකර දමා ඇයව ඝාතනය කර තිබෙනවා. ඝාතකයා කවුද?

    ඉතා සියුම් හෝඩුවාවන්, ප්‍රකාශයන් ඔස්සේ හඹායමින්, ප්‍රහේලිකාවක් සම්පූර්ණ කරන්නාක් මෙන් රහස් පරීක්ෂක හර්කියුලී පොයිරෝ ඝාතකයා සොයා යන අන්දම අපූරුයි. කියවන්නාටත් පුළුවන් හෝටලයේ අමුත්තන් අතර සිටින ඝාතකයා කවුරුන්දැයි අනුමාන කරන්න, සාක්ෂි ඔස්සේ සැක පහළ කරන්න. නමුත්,පාඨකයාව අතරමං කරන්න,මුළා කරන්න

    Agatha Christie ට තියෙන්නෙ සුවිශේෂී හැකියාවක්. ඉතින්, හර්කියුලී පොයිරෝ ට පෙර ඝාතකයා අනුමාන කිරීම පරිස්සමින් සිදුකරන්න!

     

     

    Latest news

    GovPay හරහා පොලිස් දඩ මුදල් ගෙවීම ආරම්භ වේ

    GovPay ශ්‍රී ලංකා පොලීසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස GovPay හරහා රථවාහන වැරදි සඳහා ක්ෂණික දඩ මුදල් Online ගෙවීමේ නියමු...

    VAT සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

    VAT  - එකතුකළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (11) සිය සහතිකය සටහන් කර...

    Allowances අස්වැසුම අද සිට

    Allowances අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අප්‍රේල් මාසයට අදාළ දීමනාව අද (11) සිට ලබා ගැනීමට හැකි බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ...

    Kiribathgoda වෙඩි තැබීමක්

    Kiribathgoda අද (11) අලුයම 2:30ට පමණ කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. යතුරුපැදියක් සමග...
    - Advertisement -spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස – 60

    Pini Muthu Palasa පිනි මුතු පලස පූජිතට රසට කෑම ‍උයන්නට හැකි බව මම දැන ගත්තේ මෑතකදීය.මාළු කපන්නට ගොස් ඇඟිල්ල කැපී...

    Tooth Relic Exhibition දැඩි නීති රීති මැද 18 සිට

    Tooth Relic Exhibition - ශ්‍රී දළදා වහන්සේ වන්දනා කර ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page