Artඕනෑම සුන්දර තැනක නපුර සැඟවී තියෙන්න පුළුවන්! - Evil...

ඕනෑම සුන්දර තැනක නපුර සැඟවී තියෙන්න පුළුවන්! – Evil Under The Sun

-

spot_img

 

Evil Under The Sun – ලෝකය පුරා සිටින,රහස් පරීක්ෂක කතාවන්ට පෙම්බඳින්නන්ගේ වැඩියෙන්ම සිත්ගත් රහස් පරීක්ෂකයන් දෙදෙනෙක් සිටිනවා. ඒ Arthur Conan Doyle විසින් මැවූ Sherlock Holmes සහ Agatha Christie විසින් මැවූ HerculePoirot. මේ දක්ෂයන් දෙදෙනාගෙන් වැඩිපුරම දක්ෂ කවුරුන්ද යනවග ගැටළුවක්. පාඨක ආදරය වැඩිපුරම දිනාගන්න Sherlock Holmes සමත්වුනත් Hercule Poirot ට ආදරය කරන පාඨක පිරිස ද බොහෝයි. මේ සටහන Agatha Christie විසින් රචිත Evil Under The Sun නැමති කෘතිය ගැන.”හිරු යට මරු” නමින් මෙය සිංහලට පරිවර්තනය කර ඇත්තේ සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන මහතා විසින්.

බෙල්ජියානු රහස් පරීක්ෂකයා,හර්කියුලී පොයිරෝ. මේ වතාවේ නම් ඔහුගේ බලාපොරොත්තුව විවේකයක් ගැනීම. ඔහු ඒ සඳහා තෝරාගන්නේ කුඩා දූපතක පිහිටා තිබූ “ජොලි රොජර්” නම් මනරම් නවාතැන.

හිරු එළියෙන් දීප්තිමත් වූ දවස් – මනරම් වෙරළ තීරය – සුවදායී සුළඟ – හිරු රැස් නාමින්,නිදහසේ ප්‍රීතියෙන් නිවාඩුව විඳින අමුත්තන්..ජොලි රොජර් අපූරු නවාතැනක්.මෙතරම් සුන්දර තැනක නපුරට ඉඩක් තිබේවිද?

‘ඔව්,මේක පෙම්බර තැනක්. සාමකාමී තැනක්. ඉර එළිය වැටෙනවා. මුහුද නිල් පාටයි. ඒත් ඔයාට වරදිනවා. මේ ඉර යට ඕනෑ තැනක නපුර තියෙනවා’
(පිටු අංක 22)

ඒ පොයිරෝ ගේ අදහස.හෝටලයේ නවාතැන් ගෙන සිටින අමුත්තන් එකිනෙකා හා හිතවත් වන්නට ගන්නේ නිරායාසයෙන්මයි. ඉතාමත් සුන්දර අමුත්තියක් මේ අය අතරට එන්නේ ඉන්පසුවයි.ඇය අර්ලිනා ස්ටුවර්ට්.

ආකර්ෂණීය ගැහැණියක්. පිරිමි ඇස් නිරතුරුවම අර්ලිනා ලුහුබැඳීම නියතයක්. සියල්ලන්ම ඈ ගැන කතාවුනා.ඈ ගැන ඕපාදූප, ඇගේ අතීතය,වර්තමානය, ඇගේ පෙම්වතුන් ගැන. ගැහැණුන් ඇයව හැඳින්වූයේ නපුරේ සංකේතයක් ලෙසින්. පැට්‍රික් රෙඩ්ෆර්න් මේ අය අතර සිටි කඩවසම්ම පිරිමියා. ඔහුගේ බිරිඳ ක්‍රිස්ටින්. පැට්‍රික් හා අර්ලිනා අතර සම්බන්ධයක් ඇතිවන්නේ ඉතාම ඉක්මනින්. සියල්ලන් ම ඒ ගැන කතාවෙනවා. පැට්‍රික් ගේ බිරිඳට අනුකම්පා කරනවා.

දින ගත වී යනවා. එක් දිනක් ඔවුන්ට දක්නට ලැබෙන්නේ හිරු එළිය නාමින් වෙරළේ නිසොල්මනේ වැතිරී සිටින අර්ලිනාව. නැහැ. අර්ලිනා ස්ටුවර්ට් ගේ පණ සුන් සිරුර. කිසිවෙකු විසින් ගෙල සිරකර දමා ඇයව ඝාතනය කර තිබෙනවා. ඝාතකයා කවුද?

ඉතා සියුම් හෝඩුවාවන්, ප්‍රකාශයන් ඔස්සේ හඹායමින්, ප්‍රහේලිකාවක් සම්පූර්ණ කරන්නාක් මෙන් රහස් පරීක්ෂක හර්කියුලී පොයිරෝ ඝාතකයා සොයා යන අන්දම අපූරුයි. කියවන්නාටත් පුළුවන් හෝටලයේ අමුත්තන් අතර සිටින ඝාතකයා කවුරුන්දැයි අනුමාන කරන්න, සාක්ෂි ඔස්සේ සැක පහළ කරන්න. නමුත්,පාඨකයාව අතරමං කරන්න,මුළා කරන්න

Agatha Christie ට තියෙන්නෙ සුවිශේෂී හැකියාවක්. ඉතින්, හර්කියුලී පොයිරෝ ට පෙර ඝාතකයා අනුමාන කිරීම පරිස්සමින් සිදුකරන්න!

 

 

Latest news

ඩොලරය හදිසියේ උඩ ගොස් බිම වැටුණු හැටි

ඩොලරය හදිසියේ උඩ ගොස් බිම වැටුණු හැටි ලංකාවේ විදේශ විනිමය වෙළඳපොළ තුළ අන්තර් බැංකු සහ බැංකුවලින් පිටත බැංකු ගනුදෙනුකරුවන් වශයෙන්...

අපයෝජනයට ලක්වූ දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට

අපයෝජනයට ලක්වු දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ...

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා  රත්තරන් බඩු උකස් කර ණය ලබා ගැනීමේදී සහ වාහනයක් මිලට ගැනීමට ණය පහසුකමක්...

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි - Meningitis මොළය වටා ඇති මෙනින්ජීස් නමැති පටලවල ඇතිවන ආසාදන තත්වය අනුව වයිරස්, බැක්ටීරියා සහ...
- Advertisement -spot_img

රත් දෝතළු – 96

රත් දෝතළු - 96 මේ මොහොතේ මාවතේ වූයේ තරමක කළබලයකි. විහඟ රිය පවදාගෙන විත් හදිසියේම අතුරු පාරකට රිය හරවා එය...

අපයෝජනයට ලක්වූ දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට

අපයෝජනයට ලක්වු දැරිය වෙනුවෙන් මන්ත්‍රීවරියන් පෙරට අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව ක්‍රියාත්මක වන නීතිමය කටයුතු සහ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you