NewsEaster Attack වගකීම් පැහර හැරී DIG

Easter Attack වගකීම් පැහර හැරී DIG

-

spot_img

Easter Attack – සහරාන් හෂීම් ඇතුළු පිරිසක් දේවස්ථාන ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලැබුණු තොරතුරු එවකට බස්නාහිර උතුර බාර නියෝජ්‍ය පොලිස්පති, වර්තමාන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බරපතළ ලෙස සලකා නැතත්, කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ කොළඹ මධ්‍යම කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පොලිසියේ අනෙකුත් ඉහළ නිලධාරීන් පිරිස එය දැඩි අනතුරු ඇඟවීමක් ලෙස සලකා ඇතැයි පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේදී අනාවරණය වී තිබේ.

ප්‍රහාරය එල්ල වූ 2019 අප්‍රේල් 21දා වන විට කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරය දැරූ ජේ.ඒ.පී.යූ. ජයසිංහට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මගින් මේ බව සඳහන් ලිපියක් අප්‍රේල් 12දා ලැබී ඇත. එම අනතුරු ඇඟවීමේ ලිපිය බරපතළ කාරණයක් ලෙස සලකා ඇති එම නිලධාරියා, අප්‍රේල් 13දා තම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් කැඳවා ප්‍රදේශයේ ආරක්ෂාව තරකිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

මේ කරුණු හෙළිදරව් වූයේ පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පැවති විවාදවලදී සභාගත කර ඇති අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවල සඳහන් ලේඛන කිහිපයක් අධ්‍යයනය කිරීමේදී ය. එම ලේඛන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් සභාගත කිරීමෙන් පසු මෙසේ අධ්‍යයනය කෙරිණි.

කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයසිංහ විසින් 2019 අප්‍රේල් 13දා පවත්වන ලද සාකච්ඡාවේ මාතෘකාව වී ඇත්තේ ජාතික තවුහිත් ජමාත් නායක මොහොමඩ් සහරාන් ඇතුළු පිරිසක් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කිරීම පිළිබඳ ලැබුණු බුද්ධි තොරතුරු ය. පාස්කු ප්‍රහරය පිළිබඳ ජනාධිපති කොමිසමට ඉදිරිපත් වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සභාගත කළ එම සාකච්ඡාවේ සටහන්වල, එහිදී සාකච්ඡා වූ කරුණු පැහැදිලිව සඳහන් කර ඇත.

එම කරුණුවල පිටපතක් ද ඊට සහභාගි වූ සියලු‍ නිලධාරීන්ට යොමුකර තිබූ බව අදාළ වාර්තාවේ දැක්වේ.

එම බුද්ධි තොරතුරු ගැන දැඩි අවධානයක් යොමුකර මෙම ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු කළ යුතු යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා උපදෙස් දුන් බව ද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් ය.

කතෝලික දේවස්ථානවල ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වන්නේ නම් ඒවාට වැඩි ආරක්ෂාවක් ලබාදීම, මෙවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් එම දේවස්ථාන ප්‍රධානීන් දැනුවත් කිරීම, කතෝලික දේවස්ථාන අවට මුර සංචාර සහ ජංගම සංචාර වැඩි කර සැකකටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම, බුද්ධි අංශ මගින් වැඩිදුර තොරතුරු එකතු කිරීම, තාවකාලික ලැගුම්හල් සහ සැකකටයුතු නිවාස පරීක්ෂා කිරීම, දෛනිකව පරීක්ෂා කිරීම් සිදු කර පසුදින උදෑසන 6ට ඒ පිළිබඳව වාර්තා කිරීම, දිවා-රාත්‍රී මාර්ග බාධක දමා පරීක්ෂා කිරීම් කර පුපුරණ ද්‍රව්‍ය සහ සැකකටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, බුද්ධි තොරතුරුවල සඳහන් පුද්ගලයන්ගේ ඡායාරූප සොයාගෙන සියලු‍ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම, දුම්රිය ස්ථාන, ප්‍රධාන බස් නැවතුම්පොළවල් සහ මහජනයා වැඩිපුර⁣ගැවසෙන ස්ථානවල සිවිල් ඇඳුමෙන් පොලිස් නිලධාරීන් යොදවා තොරතුරු ලබාගැනීම සහ අදාළ ස්ථානවලට ගිනිඅවි සහිත නිලධාරීන් යොදවා ආරක්ෂාව සහතික කිරීම කළ යුතු බවට අප්‍රේල් 13දා පැවැති රැස්වීමේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයසිංහ තමන් යටතේ සිටින පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇත. මේ ලේඛනය පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සී-15 ලෙස නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ සාක්ෂිය අතරතුර ලකුණු කර තිබේ.

කෙසේ වෙතත් අදාළ නියෝග ඔහු යටතේ සිටි නිලධාරීන් විසින් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳවත්, එසේ නියෝග ක්‍රියාත්මක නොකළේ කාගේ නියෝගයක් මත ද යන්න පිළිබඳවත් මෙතෙක් අපරාධ විමර්ශනයක් සිදු කර නැති අතර, එසේ වගකීම් පැහැරහරින ලද නිලධාරීන් කිසිවකු ද අත්අඩංගුවට ගෙන නැත.

easterattack.info ඇසුරින්

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබිණි. ඔහු ශ්‍රී ලංකා නිවාක හමුදාවට...

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...
- Advertisement -spot_img

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ගායකයන්ගේ කතාවක්

ගායකයන්ගේ කතාවක් - As Beautiful as a Dream වෙන් වේදිකාව පිටුපස තිබුණ මේකප් කාමරයේ කැඩපත ඉදිරිපිට අසුන් ගත්තේය. එහි සවි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you