SportsICC Womens Player of the Month ලංකාවෙන් විශ්මි ගුණරත්න

ICC Womens Player of the Month ලංකාවෙන් විශ්මි ගුණරත්න

-

spot_img

ICC Womens Player of the Month ජූනි මාසය සඳහා නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ විශ්මි ගුණරත්න තේරී පත්ව තිබෙනවා. විශ්මි ගුණරත්න 2023 ICC කාන්තා වයස අවුරුදු 19 න් පහළ විස්සයි විස්ස ලෝක කුසලානතරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරුවා. 18 හැවිරිදි විශ්මි සමඟින් ජුනි මාසය සඳහා නම් කර ඇති අනෙක් ක්‍රීඩිකාවන් දෙදෙනා වන්නේ එංගලන්තයේ මායා බුචියර් සහ ඉන්දියාවේ ස්මෘති මන්දනා ය.

විශ්මි ගුණරත්න පසුගියදා අවසන් වූ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිලට එරෙහිව පැවැති තරගාවලියේදී දස්කම් දැක්වූ අතර ලකුණු 134ක් ලබා ගත්තේ සාමාන්‍ය 44.66ක් සහ පහර දීමේ වේගය 83.22ක් ලබා ගනිමිනි. මෙම දක්ෂතාවය හේතුවෙන් විශ්මි තරගාවලියේ වීරයා ලෙසින් ද සම්මාන ලැබුවා. තරඟාවලියේදී ඇය ලබාගත් ලකුණු 40, 50 සහ 44 බටහිර ඉන්දීය කාන්තා එක්දින තරඟාවලියේ එක්දින තරඟ තුනම ජය ගැනීමට මනා පිටුවහලක් විය. එය 2008 වසරෙන් පසු බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකා කාන්ත ක්‍රිකට් පිල ලැබූ පළමු පූර්ණ තරගාවලි ජයග්‍රහණය ද වේ.

කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහි විස්සයි විස්ස තරඟාවලියේදී ලකුණු 61ක් ලබාගනිමින් විශ්මි ජූනි මාසය අවසන් කළේ මුළු අන්තර්ජාතික ලකුණු 195ක් තමා සතුකරගනිමිනි.

පහත ලින්ක් එකට ගොස් විශ්මි ගුණරත්න ජූනි මාසය සඳහා ICC කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව කරවීමට ඔබගෙ මනාපය ලබාදෙන්න.

https://www.icc-cricket.com/awards/player-of-the-month/womens-player-of-the-month

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you