NewsPhilippines දේව මෙහෙයක් අතරතුර සිදුවූ පිපිරීමකින් තිදෙනෙකු මරුට

Philippines දේව මෙහෙයක් අතරතුර සිදුවූ පිපිරීමකින් තිදෙනෙකු මරුට

-

spot_img

Philippines – පිලිපීනයේ කතෝලික දේව මෙහෙයක් අතරතුර සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් නව දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති. අද [3 වෙනි ඉරිදා] උදෑසන Marawi නගරයේ Mindanao State University (MSU) හි ව්‍යායාම ශාලාවකදී මෙම පිපිරිම සිදුව තිබේ. මෙම පිපිරිම සිදුවූ ස්ථානය 2017 දී , ඉස්ලාමීය සටන්කාමීන් සහ රජයේ හමුදා අතර මාස පහක පමණ සටන් ඇතිවූ ස්ථානයක් බවයි පැවසෙන්නේ.

MSU විශ්ව විද්‍යාලය ප්‍රකාශ කර සිටින්නේ, ඔවුන් මෙම “අඥාන සහ බිහිසුණු” ප්‍රචණ්ඩත්වය” පිළිබඳව දැඩි ශෝකයට හා කම්පනයට පත්වන බවයි. “ශිෂ්ට සමාජයක ප්‍රචණ්ඩත්වයට තැනක් නැත, MSU වැනි උසස් අධ්‍යාපන ආයතනයක එය විශේෂයෙන් පිළිකුල් සහගත ය” යනුවෙන් එහි සඳහන් වේ. “අපි අපගේ ක්‍රිස්තියානි ප්‍රජාව සහ මෙම ඛේදවාචකයෙන් විපතට පත් වූ සියලු දෙනා සමඟ සහයෝගයෙන් සිටිමු.” විශ්වවිද්‍යාල පරිශ්‍රයේ අතිරේක ආරක්ෂක කාර්ය මණ්ඩලයක් යොදවා ඇති අතර නැවත දැනුම් දෙන තුරු සියලුම අධ්‍යයන කටයුතු අත්හිටුවන බව විශ්වවිද්‍යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

-BBC News ඇසුරෙනි- by Christy Cooney

IMAGE SOURCE: PROVINCIAL GOVERNMENT OF LANAO DEL SUR

Latest news

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...

බොරතෙල් මිල නැවතත් ඉහළට

බොරතෙල් මිල නැවතත් ඉහළට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රහාර යළි ඇරැඹීමත්, ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ...
- Advertisement -spot_img

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...

පැණි රස සහ ඇඹුල් රස මුසුව මැලේ අච්චාරු

පැණි රස සහ ඇඹුල් රස මුසුව මැලේ අච්චාරු - Malay pickle අච්චාරු කියන්නෙ කොයි කවුරුත් කන්න ආස කෑමක්. මැලේ අච්චාරු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you