More
    spot_img
    SportsSri Lanka: කිවියන් හමුවේ පළමු දිනයේ ගෞරවය රැක ගනී

    Sri Lanka: කිවියන් හමුවේ පළමු දිනයේ ගෞරවය රැක ගනී

    -

    spot_img

    Sri Lanka: නවසීලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ආරම්භක දිනය නිමා වන විට කඩුලු 6 කට ලකුණු 305ක් රැස්කරමින් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම දිනයේ වැඩි ගෞරව දිනා ගැනීමට සමත් වුණා.

    හැග්ලි ඕවල් හිදී  කාසිය වාසිය දිනූ ටිම් සවුතිගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා පිලේ මුල්පෙළ පිතිකරුවන් විශේෂයෙන් කුසල් මෙන්ඩිස් සිත් ඇදගන්නාසුළු ආරම්භයක් ලබා දුන්නා.

    කෙසේ වෙතත් කඩුලු 5ක් දවාගත් ටිම් සවුති සහ මැට් හෙන්රිගේ නොපසුබස්නා උත්සාහය තරගයේ ජීවය රඳවා තබා ගත්තා.

    අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් පළමු දිනයේ තරගය නතර කරන  විට ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 39ක් ලබාගෙන සිටි අතර, ඔහු සමඟින් කසුන් රාජිත ලකුණු 16ක් ලබාගෙන කඩුල්ලේ රැඳී  සිටියා.

    ශ්‍රී ලංකා ඉනිමට වේගවත් ආරම්භයක් ලබා ගත් කුසල් මෙන්ඩිස් ලකුණු 87ක් ලබා ගත් අතර ඊට හතරේ පහර 16ක් ඇතුළත් වුණා.

    ඔහු සමග දෙවන කඩුල්ලට ලකුණු 135ක සබඳතාවක් ගොඩනැඟූ දිමුත් කරුණාරත්න ලකුණු 50කට දැවී ගියා.

    මැද පෙළ සවිමත් කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 39ක් ලබා ගත්තා.

    සිය ටෙස්ට් දිවියේ ලකුණු 7000 සීමාව පසුකර ගිය මැතිව්ස් එම දස්කම කළ තුන්වන ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත් වුණා.

    Latest news

    Anura Kumara Dissanayake මාක්ස්වාදී දෘෂ්ටියෙන් ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය හැකිද..?

    Anura Kumara Dissanayake - ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට සති දෙකකට පමණ පෙර, කොළඹ Monarch Imperial හෝටලයේ පැවති ව්‍යාපාරික ප්‍රජාවේ හමුවකදී,...

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Local Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    Local Government Elections - 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා 2024 ඡන්ද...

    Nandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

    Nandalal Weerasinghe - ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාව පැවතී ආර්ථික...
    - Advertisement -spot_img

    Hima Mal Renu හිම මල් රේණු – 64

    Hima Mal Renu හිම මල් රේණු අප පැමිණියේ බොරු ගමනක්, එසේ නොවේ නම් තේරුමක් නැති ගමනක් බව මට මේ වන...

    Hima Mal Renu හිම මල් රේණු – 63

    Hima Mal Renu හිම මල් රේණු තාත්තාට බොරුවක් පැවසීමට සිදු වීම පිළිබඳව නම් මා සිතේ සියුම් කණගාටුවක් ඇති විය. සත්‍ය...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page