SportsSri Lanka: කිවියන් හමුවේ පළමු දිනයේ ගෞරවය රැක ගනී

Sri Lanka: කිවියන් හමුවේ පළමු දිනයේ ගෞරවය රැක ගනී

-

spot_img

Sri Lanka: නවසීලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ආරම්භක දිනය නිමා වන විට කඩුලු 6 කට ලකුණු 305ක් රැස්කරමින් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම දිනයේ වැඩි ගෞරව දිනා ගැනීමට සමත් වුණා.

හැග්ලි ඕවල් හිදී  කාසිය වාසිය දිනූ ටිම් සවුතිගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා පිලේ මුල්පෙළ පිතිකරුවන් විශේෂයෙන් කුසල් මෙන්ඩිස් සිත් ඇදගන්නාසුළු ආරම්භයක් ලබා දුන්නා.

කෙසේ වෙතත් කඩුලු 5ක් දවාගත් ටිම් සවුති සහ මැට් හෙන්රිගේ නොපසුබස්නා උත්සාහය තරගයේ ජීවය රඳවා තබා ගත්තා.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් පළමු දිනයේ තරගය නතර කරන  විට ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 39ක් ලබාගෙන සිටි අතර, ඔහු සමඟින් කසුන් රාජිත ලකුණු 16ක් ලබාගෙන කඩුල්ලේ රැඳී  සිටියා.

ශ්‍රී ලංකා ඉනිමට වේගවත් ආරම්භයක් ලබා ගත් කුසල් මෙන්ඩිස් ලකුණු 87ක් ලබා ගත් අතර ඊට හතරේ පහර 16ක් ඇතුළත් වුණා.

ඔහු සමග දෙවන කඩුල්ලට ලකුණු 135ක සබඳතාවක් ගොඩනැඟූ දිමුත් කරුණාරත්න ලකුණු 50කට දැවී ගියා.

මැද පෙළ සවිමත් කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 39ක් ලබා ගත්තා.

සිය ටෙස්ට් දිවියේ ලකුණු 7000 සීමාව පසුකර ගිය මැතිව්ස් එම දස්කම කළ තුන්වන ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත් වුණා.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you