More
    spot_img
    SportsICC Cricket World Cup Qualifier අපරාජිත සිංහයින් සුදුසුකම් ලැබීමේ...

    ICC Cricket World Cup Qualifier අපරාජිත සිංහයින් සුදුසුකම් ලැබීමේ තරඟාවලිය ජයගනී.

    -

    spot_img

    ICC Cricket World Cup Qualifier අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර සිම්බාබ්වේ හරාරේ ක්‍රීඩාංගනයේ දී ඊයේ (09) පැවැත්වුණා. කාසියේ වාසිය දිනාගැත් නෙදර්ලන්තය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

    ආබාදයකට ලක්වීම හේතුවෙන් දිමුත් අවසන් තරඟය ක්‍රීඩා නොකළ අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පැමිණියේ පැතුම් නිස්සංක සමග නවක ක්‍රීඩක සහන් ආරච්චිගේ යි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 05ක් අවසානයේ, කඩුලු සියල්ල දැවී, ලකුණු 233 රැස් කරා.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් වෙනුවෙන් සහන් ආරච්චිගේ පන්දු 71 කට ලකුණු 57 ක් ලබාගනිමි සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කල අතර කුසල් මෙන්ඩිස් පන්දු 52 කට ලකුණු 43 ක්, පැතුම් නිස්සංක පන්දු 33 කට ලකුණු 23 ක් හා චරිත් අසලංක පන්දු 36 කට ලකුණු 36 ක් ලබා ගත්තා. තරඟාවලිය පුරා පිතිකරණයෙන් අසාර්ථකව සිටි නායක දසුන් ශානක අවසන් තරඟයේ දීත් පන්දුවාර 2 කට මුහුණදෙමින් ලකුණු එකකට දැවී ගියා.

    පන්දු යැවීමේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Vikramjit Singh ලකුණු 12කට කඩුලු 2 ක්, Logan van Beek ලකුණු 40කට කඩුලු 2 ක් හා Ryan Klein ලකුණු 42 කට කඩුලු 2 ක් බැගින් බිඳ හෙළිමට සමත් වුණා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 24 ක් අවසානයේ සියලුම ක්‍රීඩකයින් දැවී රැස් කරගැනීමට හැකි වුනේ ලකුණු 105 ක් පමණයි. නෙදර්ලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලැබිය වුනේ Max O’Dowd ය. ඔහු පන්දුවාර 63 කදී ලකුණු 33 ක් ලබාගැනීමට සමත් වුනා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ ලකුණු 31 කට කඩුලු 4 ක්, දිල්ෂාන් මදුෂංක ලකුණු 18 කට කඩුලු 3 ක් හා වනිඳු හසරංග ලකණු 35 කට කඩුලු 2 ක් බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

    එහිදී විශිෂ්‍ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලාංකික පන්දු යවන්නන් නෙදර්ලන්ත කණ්ඩායමේ මුල් කඩුළු 5ම ලකුණු 50කට පෙර දවා ගැනීමට සමත් වුණා.

    ඒ අනුව අපරාජිත ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලියේ අවසන් මහා තරගය ලකුණු 128 කින් ජය ගැනීමට සමත් වුණා.

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    Pubudu Jagoda – අගමැතිට හු තැබූ එකට ඉන්දීය ජනතාවගේ ස්තුතිය

    Pubudu Jagoda - ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිට හූ තැබීම සම්බන්ධයෙන් ඉන්දීය ජනතාව ස්තූති කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්...

    IMF ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ නව ප්‍රධානියා

    IMF - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් Evan Papageorgiou පත්කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට...

    Siduwa වෙඩි තැබීමක්

    Siduwa - කටුනායක, සීදුව, 18 කණුව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් මේ...

    IMF – සිව්වන සාකච්ඡා අවසන්

      IMF - ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදුවී තිබෙනවා. ශ්‍රී...
    - Advertisement -spot_img

    Siduwa වෙඩි තැබීමක්

    Siduwa - කටුනායක, සීදුව, 18 කණුව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් මේ...

    Fahadh Faasil දෙමළ කතා කෙරුවට මට දෙමළෙන් හිතන්න බෑ

    Fahadh Faasil මලයාලම් සිනමාවේ සිටින ජනප්‍රියම තරුවක්. එමෙන්ම ඔහු සැළකෙන්නේ මලයාලම් සිනමාව තුළ සිටින වැඩිම වැටුප් ලබන රංගන ශිල්පියෙකු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page