SportsTharindu Perera: ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු තනතුරට

Tharindu Perera: ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු තනතුරට

-

spot_img

Tharindu Perera ECB Level 4 මට්ටමේ විශේෂඥ පුහුණුකරු සම්මානයක් සහිත සුදුසුකම් ලත් පුහුණුකරුවෙකු වන පෙරේරාට Warwickshire Country Cricket Club, Adelaide Strikers, සහ West End Red Backs ඇතුළු තවත් කණ්ඩායම් පුහුණු කිරීමේ අත්දැකීම් ඇත.

ඔහු Warwickshire සමඟ ඉතාමත් දක්ෂ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ කාලය තුළ, එම කණ්ඩායම ප්‍රාන්ත ශූරතාව, රෝයල් ලන්ඩන් එක්දින කුසලානය, T20 Vitality Blast සහ Warwickshire Academy කුසලාන දිනාගැනීමට සමත්විය.

Adelaide Strikers සහ West End Red Backs හි දී, තරිඳු පෙරේරා පිතිකරණය සහ දඟ පන්දු යැවීම කෙරෙහි අවධානය යොමු කරමින් සහාය පුහුණුකරුවෙකු ලෙස කටයුතු කල අතර ඔහු 2022 දී ශ්‍රී ලංකා 19 න් පහළ එංගලන්ත සංචාරය කල තරඟාවලියේදී එංගලන්ත Young Lion’s කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස ද කටයුතු කර ඇත.

ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ දිස්ත්‍රික් ප්‍රිමියර් කාන්තා සංචිතයේ සහකාර පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීම ද පෙරේරාගේ පුහුණු අත්දැකීම් අතරට ඇතුලත් වන අතර ඔහු 2019 වසරේ යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජ කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විය.

එක්සත් රාජධානියේ ලීඩ්ස් බෙකට් විශ්ව විද්‍යාලයෙන් ක්‍රීඩා පුහුණු කිරීම පිළිබඳ BSc ගෞරව උපාධියක් ලබා ඇති පෙරේරා, SSC, Tamil Union, සඳහා දේශීය ක්‍රිකට් ක්‍රීඩා කර ඇති අතර Northamptonshire 2nd XI සඳහා ප්‍රාන්ත මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩා කර ඇත.

වසර දෙකක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කටයුතු කිරීමට තරිඳු පෙරේරා ගිවිසුම් ගතව ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you