More
    spot_img
    SportsTharindu Perera: ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු තනතුරට

    Tharindu Perera: ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු තනතුරට

    -

    spot_img

    Tharindu Perera ECB Level 4 මට්ටමේ විශේෂඥ පුහුණුකරු සම්මානයක් සහිත සුදුසුකම් ලත් පුහුණුකරුවෙකු වන පෙරේරාට Warwickshire Country Cricket Club, Adelaide Strikers, සහ West End Red Backs ඇතුළු තවත් කණ්ඩායම් පුහුණු කිරීමේ අත්දැකීම් ඇත.

    ඔහු Warwickshire සමඟ ඉතාමත් දක්ෂ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ කාලය තුළ, එම කණ්ඩායම ප්‍රාන්ත ශූරතාව, රෝයල් ලන්ඩන් එක්දින කුසලානය, T20 Vitality Blast සහ Warwickshire Academy කුසලාන දිනාගැනීමට සමත්විය.

    Adelaide Strikers සහ West End Red Backs හි දී, තරිඳු පෙරේරා පිතිකරණය සහ දඟ පන්දු යැවීම කෙරෙහි අවධානය යොමු කරමින් සහාය පුහුණුකරුවෙකු ලෙස කටයුතු කල අතර ඔහු 2022 දී ශ්‍රී ලංකා 19 න් පහළ එංගලන්ත සංචාරය කල තරඟාවලියේදී එංගලන්ත Young Lion’s කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස ද කටයුතු කර ඇත.

    ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ දිස්ත්‍රික් ප්‍රිමියර් කාන්තා සංචිතයේ සහකාර පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීම ද පෙරේරාගේ පුහුණු අත්දැකීම් අතරට ඇතුලත් වන අතර ඔහු 2019 වසරේ යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජ කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විය.

    එක්සත් රාජධානියේ ලීඩ්ස් බෙකට් විශ්ව විද්‍යාලයෙන් ක්‍රීඩා පුහුණු කිරීම පිළිබඳ BSc ගෞරව උපාධියක් ලබා ඇති පෙරේරා, SSC, Tamil Union, සඳහා දේශීය ක්‍රිකට් ක්‍රීඩා කර ඇති අතර Northamptonshire 2nd XI සඳහා ප්‍රාන්ත මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩා කර ඇත.

    වසර දෙකක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කටයුතු කිරීමට තරිඳු පෙරේරා ගිවිසුම් ගතව ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    IMF – සිව්වන අදාළ සාකච්ඡා සාර්ථකව

      IMF - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදුවී...

    Colombo stock exchange – මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක්

    Colombo stock exchange (CSE) - අද (07) කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක්...

    S M Chandrasena කොකාට වාරයයි නම්, තිත්තයට දෙවාරයයි

    S M Chandrasena තම බිරිඳ සහ සහෝදරයා සිරගත කිරීම සම්බන්ධයෙන් තමා කණගාටු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන...

    Illegal දුම්වැටි තොගයක් රේගු භාරයට

    illegal නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බව...
    - Advertisement -spot_img

    Namal Rajapaksha CID යට ඇවිත් යන්නේ ඇයි?

    Namal Rajapaksha - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද උදෑසන(අප්‍රේල් 07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)...

    A supermarket මංකොල්ල කාලා

    A supermarket - බුලත්සිංහල නගරයේ වෙළඳසැලක් කොල්ල කා පලායමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (07) අලුයම 1.00 පමණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page