ArtThe Endless Steppe ප්‍රශ්න එක්ක සතුටින් ජීවත් වෙන හැටි

The Endless Steppe ප්‍රශ්න එක්ක සතුටින් ජීවත් වෙන හැටි

-

spot_img

The Endless Steppe – ඔබේ ජීවිතය සතුටින් පිරුණු එකක් වෙන්නට පුළුවන්. එසේ නොමැතිනම් ඔබ හැමෝටම පොදු අයුරින් ප්‍රශ්න සමගින් ජීවිතය ගත කරනවා වෙන්නටත් පුළුවන්. “හැමදාමත් මෙහෙම ප්‍රශ්න සමගින් ජීවත්වෙන්න බැහැ ,” ඔබට සමහරවිට එහෙම හිතෙනවා ඇති. ජීවිතය ගැන කලකිරීමක් දැනෙනව ඇති.

හිතන්න හෙට උදෑසන එලඹෙනවිට ඔබට ඔබේ නවාතැන අහිමි වෙලා ඇඳිවතින් පමණක් පාරට බහින්න වුනොත් ඇතිවන තත්වය කෙබඳු ද? එහෙම දෙයක් අපිට සිද්ධ වෙන්නෙ නැහැ කියලා අපිට සහතික වෙන්න බැහැ. මිනිස්සුන්ගේ සතුට සැනසීම තත්පරයකින් සොරාගන්නට පුළුවන් ඕනෑ තරම් දේවල් මේ ලෝකයේ තිබෙනවා. යුද්ධය කියන්නෙත් එහෙම දෙයක්. යුද්ධය හැමදාමත් මිනිස් ජීවිතවලට ගෙන ආවේ කඳුළු විතරමයි.

Endless

නමුත්,මිනිසා යනු පරාජය කළ නොහැකි ජීවියෙක්. විනාශයේ සුන්බුන් මතින් නැගිටමින්, කඳුළු පිසදමා යළිත් හිනැහෙන්නට වෙරදරන ජීවියෙක්.

මේ කතාව දෙවන ලෝක යුධ සමය පදනම් කරගත් සත්‍යය කතාවක්. කතා නායිකාව දස හැවිරිදි පෝලන්ත ජාතික ගැහැණු ළමයෙක් වූ Esther Hautzig.

 

පවුලේ අය සමගින් එස්තර් ජීවත්වුණේ සුන්දර විල්නා නගරයේ. ඇය ධනවත්,ප්‍රභූ පවුලක දැරිවියක්. අම්මා ,තාත්තා ,ආච්චි,සීයා මේ හැමෝමත් සමගින්,අලංකාර උද්‍යානයක් සහිත විශාල නිවසක ඇය ජීවත්වුණේ සතුටින්. පුංචි ගැහැණු ළමයෙක්ට සතුටින් ඉන්න අවශ්‍ය හැමදෙයක්ම එස්තර්ට අඩු නැතිව ලැබී තිබුණා . නමුත් අවට ලෝකයේ යුධ ගිණිදැල් ටිකෙන් ටික ඇවිලෙමින් තිබුණා .

Endless

ඔවුන්ගේ ජීවිතවලටත් නරක කාලයක් උදාවෙමින් තිබුණා . එක් දිනක් හදිසියේම වාගේ ඇගේ නිවසට කඩා වදින රුසියානු සොල්දාදුවන් ඔවුන්ව අත්අඩංගුවට ගන්නවා. ඉතින්,ප්‍රශ්න නොඅසාම ඔවුන්ගේ අණට කීකරුවන්නට,සියළු සැප සම්පත් හැර දමා අත්‍යවශ්‍යම ද්‍රව්‍ය කිහිපයක් පමණක් රැගෙන ඔවුන් කියන තැනකට යන්නට එස්තර්ට සහ පවුලේ අයට සිදුවෙනවා. ඔවුන්ට පමණක් නොවෙයි විල්නා වාසී බොහෝදෙනෙකුට ඒ ඉරණම අත්වී තිබුණා . සතුන් මෙන් මිනිසුන්ව ගාල් කෙරූ දුම්රියක ආහාර ජලය හෝ අවශ්‍යතාවයේ තරමට නොලබමින් ගමන යන්නට ඔවුන්ට සිදුවෙනවා. අසනීප,කුසගින්නෙන් පිපාසයෙන් නගන කෙඳිරිගෑම්,වැළපීම් දිනෙන් දින සාමාන්‍ය දේවල් බවට පත්වෙමින් තිබුණා . ගමනාන්තය සයිබීරියාව. ඔවුන්ට බියකරු සිහිනයක් බඳු ජීවිතයක් ලැබෙන්නට නියමිතයි.

එහිදී අම්මා, තාත්තා, ආච්චි සමගින් එකට ජීවත්වන්නට එස්තර්ට වාසනාව ලැබුණා . ජිප්සම් පතලක වැඩ කරන්න අම්මටත් තාත්තටත් සිදුවුණා . එස්තර් ට සිදුවුණා. අනිත් ළමුන් සමගින් අල පාත්තිවල වැඩ කිරීමට. තද අව් රශ්මිය දරා ගනිමින්.දවස අවසානයේ ලැබෙන කුඩා ආහාරයකින් සැනසෙන්නට,කුඩා ඉඩ කඩක ගාල් වෙන්නට ඔවුන්ට සිදුවී තිබුණා . හොඳින් පිරිසිඳුවීම,පිරිසිඳු ඇඳුම් හීන බවට පත්වෙමින් තිබුණා .

උණුසුම් ආහාර වේලක්,පිරිසිඳු ජලය,සැනසීමෙන් ඉන්නට තැනක් කියන්නෙ ජීවිතයේ තිබෙන වටිනාම දේවල් බැව් වැටහෙමින්, වාසනාවකට ඇයට පාසල් යන්න අවස්ථාව ලැබුණා. ආහාර ස්වල්පයක් සඳහා තමා සතුවූ වටිනා දේවල් සුළු මුදලකට විකිණීමට සිදුවුණා .

Endless

ඒ අතර,ජීවිතය තමාට මොනතරම් විහිළු කළත්,කරදර දුන්නත් ඒ දුක් කරදර කවදාක හෝ නිමාවෙන බැව් විශ්වාස කළ ශක්තිමත් මිනිසුන් සහ ගැහැණුන්ද ඇයට හමුවුණා .

– ගම්මානයට කිලෝ මීටරයක් හෝ දෙකක් පමණ පිටතින් අපේ බැරැක්ක පිහිටා තිබිණ. ඒවා ලීයෙන් තැනූ ගෙවල් පේළිය. විල්නාවේ අපේ මිතුරු කෆ්ටාල් පවුල එහිදී දුටු අපි පුදුමයට මෙන්ම සතුටටද පත්වීමු. කෆ්ටාල් මහත්මිය,ඉතා ලස්සන ,දීප්තිමත් නිල්වන් දෙනෙතක් ඇති කාන්තාවකි. ඇගේ ලස්සන,පොකුටු ගැසුණු කොණ්ඩය දැන් දුර්වර්ණ වී ඇත. එහෙත් ඇගේ දුව අන්යා දුටු අපට පුදුම සිතුණි. ඇය පෙර සේම සුරූපීය. අප මෙන් නොව ඇය ගමන් බෑගය පුරවා ගෙනැවිත් ඇත්තේ ක්‍රීම්,සබන්,ආලේප ආදියයි. දුම්රිය ගමනේදී,වහල් කඳවුරේදී,බඩගින්නේ ගත කිරීමේදී,තද අව්වට පිච්චීමේදී,මේ කුමන මොහොතකදීවත් ඇය තම රූප ශෝභාවට අප මෙන් හානි කරගෙන නැත. පිටි මෝලට යන්නට පෙර ඇය තම ඇහි පිහාටු මත මැස්කාරා තවරන හැටි,මුහුණේ ඇති පිටි ක්‍රීම් යොදා ඉවත් කරන හැටි,ඇහි බැමි තෙල් වර්ගයක් දමමින් සුද්ධ කරන හැටි,පෙරොක්සයිඩ් දියරයෙන් හිසකෙස්වල දූවිලි ඉවත් කරන හැටි,මම බලා සිටියෙමි. ඇය මේ සියල්ල කරන්නේ බැරැක්කයේ දැල්වෙන ලාම්පුතෙල් යෙදූ පහනේ එළියෙනි. මට අන්යා පෙනුණේ දෙව්දුවක් ලෙසිනි. සියලු කරදර කම්කටොලු ඇය ගණන් ගෙනවත් නැත. උත්සාහයේ අධිෂ්ඨානයේ දෙව්දුව ඇය නේද? –
(පිටු අංක – 65)

දශකයකටත් වඩා කාලයක් මේ නපුරු හීනය තුළ ජීවත්වන්නට ඇයට සිදුවෙනවා. කුඩා එස්තර් ගේ ජීවිතයේ ඉදිරිය කෙබඳු එකක් වේ ද? එය අභියෝගවලින් පිරුණු එකක් බැව් ඔබට වැටහෙනවා ඇති. තම මව්රටට,ආදරණීය විල්නාවට,තම සුන්දර නිවසට යළි පියමනින්නට ඇයට හැකි වෙයිද? ඉතින්,ඇගේ කතාව කියවා බලන්න.

Esther Hautzig

තම සත්‍ය ජීවිත අත්දැකීම් පදනම් කරගනිමින් පෝලන්ත අමෙරිකානු ලේඛිකා Esther Hautzig විසින් රචිත The Endless Steppe කතාව ලොව පුරා අසීමිත පාඨක ප්‍රතිචාර දිනාගත් කෘතියක්. සුබවාදීව ජීවිතය දෙස බලන අන්දම පිළිබඳව අපූර්ව පාඩමක් කියාදෙන මේ කෘතිය “සයිබීරියාවේ කඳවුරක” නමින් සිංහලට පරිවර්තනය කර තිබෙන්නේ චම්පිකා තමරා ගුණසේකර මහත්මිය විසිනි.

 

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you