Mermaid
ඇය
සයුරෙන් මිහිමතට ආවා ය
මුදු හිසකේ
සුළඟේ පාව යත්දී
මා වෙතට ආවා ය
අළු පැහැ දිගැටි නෙතඟින්
මදෙස බලමින්
ඇය හිනැහෙන්නීය
ඇය
කුණාටුවක් මෙනි
ඉර උදාවත් සමග
අපි සිපගත්තෙමු
සැඳෑවේදී
පෙම්වතුන් වූයෙමු
සඳ එළියේ
පොරොන්දු වූයෙමු
නැවත හිරු උදාවිය
තනිය මට උරුම කරමින්
මගේ ආත්මය ම රැගෙන
කිඳුරිය නික්ම ගොසිනි
මා
ඇය සොයා යන්නෙමි.