InterviewsTovino Thomas : ඔවුන් දවසක් මගේ බිරිඳ සහ දරුවන්ව...

Tovino Thomas : ඔවුන් දවසක් මගේ බිරිඳ සහ දරුවන්ව තල්ලු කරා

-

spot_img

Tovino Thomas මලයාලම් සිනමාව තුළ සිටින ආකර්ෂණීයම නළුවෙක්.ඔහු මලයාලම් සිනමාව තුළට විවිධත්වයක් එක් කළ රංගන ශිල්පියෙක්. මේ Tovino Thomas සමගින් සිදුකළ කතාබහක්.

• Tovino , ඉදිරියේ දී ඔබ දෙමළ චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වෙන්න බලාපොරොත්තු වෙනව ද?

ලොකු බලාපොරොත්තුවක් නැහැ. මලයාලම් චිත්‍රපට තමයි මට වැඩියෙන්ම වැදගත් වෙන්නේ. මගේ රසික පිරිස ඉන්නේ මලයාලම් සිනමාව තුළ. ඉතින් මට අවශ්‍ය එතැන ඉන්න.

• Abhiyude Kadha Anuvinteyum චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ BR Vijayalakshmi විසින්. ඔබ මෙතෙක් වැඩ කර තිබුනේ අධ්‍යක්ෂකවරුන් සමග පමණයි. ඔබ කොහොමද ඇය සමගින් කටයුතු කළේ?

මම ලිංගභේදය මත මිනිස්සු මනින්නේ නැහැ. මම ඕනෑම අයෙක් එක්ක සහයෝගයෙන් කටයුතු කරනවා. ඇය හොඳ නායකත්වයක් සැපයූවා. ඇය වැනි අත්දැකීම් සහිත අයෙක් හා වැඩ කරන්න ලැබීම වාසනාවක්.

• චිත්‍රපටයක රංගනයෙන් එක්වීමට පෙර ඔබ සලකාබලන කරුණු මොනවද ?

මම පිටපත කියවා බලනවා. මං ඒ කතාවට කැමති ද කියලා බලනවා. මම කැමතියි විවිධත්වයෙන් යුතු චරිත කරන්න.මුදල් සහ එය රසිකයන්ව සතුටු කරනවද කියන දේ ගැනත් මම හිතනවා.

Tovino Thomas 2

• චරිතයන් සඳහා පෙනුම වෙනස් කරන අයෙක් ලෙස ඔබ ප්‍රසිද්ධයි?

බාහිර පෙනුම තමයි මම කරන චරිතයේ පළමු පියවර. Make up කළාම Tovino නැති වෙලා ගිහින්, මම කරන චරිතය ඉස්මතු විය යුතුයි.

• ඔබ Fashion Icon එකක්. ගොඩක් තරුණයන් ඔබව අනුකරණය කරනවා. ඔබේ කොණ්ඩය, ඔබේ ඇඳුම්..

මට ලොකු කොණ්ඩයක් නැහැ. මගේ විලාසිතා සරලයි. මට සුවපහසු ඕනෑම ඇඳුමක් මම අඳිනවා. තරුණයන් ට මගේ විලාසිතා පහසු ඇති..

• කාන්තාවන් අතර ඔබ බොහොම ප්‍රසිද්ධයි ?

ඒක වර්ණනාවක්. ඇත්තෙන්ම මම හොඳ පෙනුම , සිරුර පවත්වාගැනීම වෙනුවෙන් වෙහෙස මහන්සිවෙලා කටයුතු කරනවා.

• ඔබ කේරලයේ ජනප්‍රියම මුහුණුවලින් එකක්. මේ ජනප්‍රියත්වය කරදරයක් වූ අවස්ථාත් ඇති?

ඒවා පෞද්ගලිකත්වය හා සම්බන්ධ දේවල් . මම මගේ පවුලේ අය එක්ක එළියට ගියාම මිනිස්සු මගේ photo ගන්නවා. ඔවුන් දවසක් මගේ බිරිඳ සහ දරුවන් ව තල්ලු කරා.මට ගොඩක් කේන්ති ගියා. ඔවුන්ට තේරෙන්නෙ නැහැ අපිටත් රිදෙන වග.

• මේ වන විට ඔබ මලයාලම් සිනමාව තුළ සිටින කාර්යබහුලම නළුවන්ගෙන් කෙනෙක්.ඔබ කවදා හෝ වැඩ නතර කරනවා ද?

මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මම හැමදාම වැඩ කරනවා .

-scroll.in ඇසුරෙනි –

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you