More
    ArtMovie 1922 මිනිස්සුන්ගෙ ජීවිත පිටට පේන තරමටම සුන්දර ද?

    Movie 1922 මිනිස්සුන්ගෙ ජීවිත පිටට පේන තරමටම සුන්දර ද?

    -

    spot_img

    Movie 1922 – මේ 1922 වසර. ඒ දිනවල Hemingford ප්‍රදේශයේ පැවතුනේ උණුසුම් කාලගුණයක්. බඩඉරිඟු වගාකළ බිමක් සහ ඒ අසලින්ම සුන්දර කුඩා නිවසක්.මේ පවුලේ පියා Wilfred ගොවියෙක්. මව Arlette ගෘහණියක්. යොවුන් වයසේ පසුවූ පුතා Henry. උණුසුම පහව යන්නට ඔවුන් ලෙමනේඩ් පානය කරමින් සිටිනවා. සුන්දර පවුලක්. ඔවුන් දෙස බලන පිටස්තරයන් වන අපිට එහෙම හිතෙනවා.

    මිනිස්සුන්ගෙ ජීවිත,පවුල ඇතුලෙ කතා පිටතට පෙනෙන තරමටම සුන්දර ද? ඇත්තෙන්ම නැහැ. මේ කතාවේ බිහිසුණු බව නම් උපරිමයි. ඒ නිසා 1922 චිත්‍රපටය නරඹන්න සුදුසුයැයි නිර්දේශ කරන්න බැහැ. නමුත් මේ කතාවේ තේමාව Stephen King ගේ සිතිවිල්ලක් පමණක්ම නෙමේ. මේ වගේ කතා සැබෑ ලෝකයේදීත් අනන්තවත් අසන්නට ලැබෙනවා.

    Wilfred මේ ජීවිතයට කැමතියි. ගොවියෙක් විදිහට රැකියාව කරමින් නිදහසේ ජීවත්වෙන්න. නමුත් ඔහුගේ බිරිඳ Arlette ට අවශ්‍ය වුනේ මේ නිවස,ඉඩම විකුණා දමා නගරයට යන්නට. ඇය හිතුවක්කාර ගැහැණියක්. ඔහුට ඈ ගැන නොරිස්සුමක් දැනුනා. ගෙවත්තේ තිබෙනවා ළිඳක්. Wilfred ගෙ සිතේ වෙනස්ම දෙයක් ක්‍රියාත්මක වෙමින් පවතින වග අපිට සිතෙනවා.

    ඇය මරා දැමීමට ඔහු තීරණය කරනවා. තමා ගොවිපළ විකිණීමට එකඟ බැව් ඇයට අඟවන ඔහු එදින රාත්‍රියේ ඇයව මරා දමනවා. තම පුතාවත් නොමග යවා තමාට පක්ෂපාතී කරගන්නට ඔහුට හැකිවන අතර ඔවුන් දෙදෙනා එක්ව Arlette ගේ මළ සිරුර පාළු ළිඳ තුළට දමනවා. සියළු සාක්ෂි මකාදමන ඔවුන් ඇය නිවසින් පැන ගිය බැව් අසල්වාසීන්ට ඒත්තු ගන්වනවා.

    movie 1922

    ඉන්පසුව මොකද වෙන්නෙ? ඔවුන් සිදුකළ අපරාධයට ඔවුන්ට දඬුවම් ලැබෙයිද? සඟවා දැමූ ඒ රහස ලෝකයාට හෙළිදරව් වෙයි ද?

    කර්මය විපාක දීම,පවෙන් ගැලවීමක් නොමැති වග බුදුදහමේ සඳහන් වෙනවා. අනිත් ආගම්වලත් එහෙම ඇති. Stephen King මේ කතාව ආගමික පසුබිමක් ඔස්සේ ලිව්වා දැයි මා දන්නේ නැහැ. නමුත් සිදුකළ අපරාධයට Wilfred දඬුවම් විඳින අයුරු,තමාගේම සෙවනැල්ලට පවා බියෙන් ගැහෙමින් නොමැරී මැරෙමින් ජීවත්වන අයුරු මේ කතාවෙන් පෙන්වනවා. අවසානය කුමක් වෙයිද?

    අමෙරිකානු ලේඛක Stephen King ගේ 1922 නවකතාව ඇසුරෙන් නිමවූ 1922 (2017) චිත්‍රපටය Zak Hilditch ගේ අධ්‍යක්ෂණයක්. Horror/ Thiller ගණයේ කතාවක්. අපරාධකරුවකුගේ චිත්ත ස්වභාවයන් සහ ගුප්තබව ඔහුගේ එක් බැල්මක පවා නොඅඩුව කැටිකර ගන්නට සමත් වූ Thomas Jane (Wilfred ලෙසින්) ගේ රංගනය අති විශිෂ්ට එකක් බැව් කිව යුතුමයි.

    movie 1922

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page