Interviewsමගේ පවුලේ අය කුඹුරු වැඩ කරපු ගොවියො

මගේ පවුලේ අය කුඹුරු වැඩ කරපු ගොවියො

-

spot_img

මගේ පවුලේ අය කුඹුරු වැඩ කරපු ගොවියො – Antonio Banderas

කඩවසම් බවත්, සුවිශේෂී රංගන ප්‍රතිභාවෙනුත් ලොවක් වසඟ කළ ඔහු හොලිවුඩයේ අසමසම පුරාවෘත්තයකි. සාමාන්‍ය පවුලක උපත ලබා පාපන්දු ක්‍රීඩකයෙකු වීමට සිහින මැවූ Antonio Banderas ස්පාඤ්ඤ සිනමාවෙන් රංගන ජීවිතය අරඹා හොලිවුඩයට පියමං කළේය. Desperado, The Mask of Zorro සහ The Legend of Zorro වැනි චිත්‍රපට ඔස්සේ ලොව පුරා ප්‍රේක්ෂක හදවත් වසඟ කළ ඔහු Zorro ට පණපොවමින් මැවූ ආකර්ෂණීය චරිතය, අදටත් ක්‍රියාදාම සිනමාවේ සුවිශේෂී සලකුණක් සේ සැළකේ. Interview with the Vampire, Evita, Puss in Boots, Pain and Glory, Indiana Jones and the Dial of Destiny, Spy Kids, The 13th Warrior, The Skin I Live In, The Expendables 3, Babygirl, Take the Lead, Original Sin, The House of the Spirits වැනි චිත්‍රපට රාශියක එකිනෙකට වෙනස් චරිත තුළින් සිය රංගන හැකියාව පෙන්වූ ඔහු මේ වන විට Nicolas Cage සමඟින් HBO හි True Detective කතා මාලාවේ පස්වැනි වාරයට එක්වීමේ සූදානමින් පසුවේ. මේ The Talks සමගින් ඔහු සිදුකළ කතාබහකි.

• මිස්ට ඇන්ටෝනියෝ, ඔබ භීතිය එක්ක කටයුතු කරන්නෙ කොහොමද?

ගොඩක් දේවල් මම හිතෙන් මවා ගන්නව කිව්වොත් ඒක හොඳ උත්තරයක් වේවි. නමුත් ඒක ඇත්තක් නෙමේ. මම බුද්ධිය මත ක්‍රියා කරනවා. බයක් දැනෙන අවස්ථාවල මම මගේ මගේ බුද්ධියට ඉඩ දෙනවා. මම මගේ හදවතින් ජීවත් වෙනවා. මං මොළයෙන් වැඩ කරන මනුස්සයෙක් නෙමේ. කවදාවත්ම. මම මගේ මුළු ජීවිත කාලය පුරාවටම වැඩ කෙරුව විදිහටම කරගෙන යනව. ඒක මට හොඳ කාලයක් ලබා දුන්නා. මම ජීවිතේට ආදරෙයි. හිතන්න මම අවුරුදු 15 ක් කඳු බෑවුමක ඉන්නවා කියලා. මම දකිනව මිනිස්සු පනිනවා. මම බය වෙලා ඉන්නේ, නමුත් තවත් මිනිස්සු පනිනවා දකිනවා. මගේ යාළුවොත් පනිනවා දකිනවා. ඒ නිසා මාත් පනිනවා.

Antonio Banderas

• අදටත් ඔබ ඒ විදියටම හැසිරෙනවද?

තාමත් ඒ විදියමයි. අවුරුදු 40 දී මම ස්කීං කරන්න පටන් ගත්තා. දැන් තරග කරනවා. මේ නත්තලේ මම කෙරුව දේ ගැන ආඩම්බර වෙන්නේ නැහැ. මොකද මම තරග කරන්න සුදුසු නෑ. නමුත් මම වේගයෙන් ස්කීං කරනවා. මයිකල් ෂූමාකර්ට වුණ අනතුර ගැන මට ආරංචි වුණා, නමුත් මම නැවතුණේ නැහැ.

• ඒක ඉක්මනින්ම ඔබට වැටහෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

ජීවිතයේ ස්වභාවික ක්‍රියාවලියක් තියෙනවා, ඒ කියන්නේ ඔබ ස්වභාවිකව ජීවත් වෙනවා නම් ඔබ ඒ සීමාවන් වැඩි වැඩියෙන් පිළිගන්නවා. මම කලින්ට වඩා ලියනවා. වැඩිපුර කියවනවා, සංගීතය රචනා කරනවා. මම මේ දක්වා ස්වභාවිකව වර්ධනය වෙනවා කියලා මට දැනෙනවා. මම චිත්‍රපට නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. මම විශ්වාස කරන, දක්ෂතා තියෙන අයව දැකීමෙන් සහ ඔවුන්ට කරන්න අවශ්‍ය දේවල් ලබා දීමෙන් මට ලොකු තෘප්තියක් ලැබෙනවා. ඔබේ මනස වෙනස් වෙන්න ගන්නවා. අසනීපව ඉන්නකොටත්, අවුරුදු 20ක් වගේ ජීවත් වෙන්න කැමති අය මම දැකලා තියෙනවා. ඒක වැරදියි. ඒක දුක් විඳීමක්. මොකද කිව්වොත් සොබාදහමට තියෙන්නෙ ඒකාධිපති පාලනයක්. සොබාදහම ප්‍රජාතන්ත්‍රවාදී නෑ. එය ඔබව වියපත් කරනවා. එය ඔබව පිරිමියෙක් හෝ ගැහැණියක් බවට විතරක්ම පත් කරනව.එච්චරයි.

Antonio Banderas

• ඒ කියන්නේ ඔබට ලබා දී ඇති දේවල් ඔබ ඒ අයුරින්ම පිළිගන්නවාද?

ඔව්. ඒ කියන්නේ මම සිහින දකින්නේ නැහැ කියන එක නෙවෙයි. මම සිහින දකිනවා. නමුත් මම ගේම් එකේ නීතිරීති අනුව සිහින දකින කෙනෙක්. නිදහස් සමාජයක තේරීම්වලට තියෙන නිදහස මම විශ්වාස කරනවා. ඇත්ත වශයෙන්ම, එහෙම දෙයක් නැති අය ඉන්නව වගේම, අපි ඡන්දෙ දුන්න උදවිය විසින් අපිව පාලනය කරනව කියල මම හිතන්නෙ නැහැ. අපිව පාලනය කරන්නේ වෙළඳපොළවල්, සංස්ථා සහ ලොබි වලින්. නමුත් අපට තේරීම් කරන්න පුලුවන්. මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, ගොඩනැගිල්ලකින් පැනලා දිවි නහගන්නවද නැද්ද කියන එක, මහන්සිවෙලා ඉගෙන ගැනීම, අරමුණක් ඇති කර ගැනීම වගේ දේවල්. මට මගේ කුසලතා පාලනය කරන්න පුළුවන්. එතනදි අනතුරක් වෙන්නත් පුළුවන්. පැරෂුට් එකකින් පනින්න මට බෑ, මොකද මට ඒක පාලනය කරන්න බැරි දෙයක් නිසා. මම ඒක ඇදගෙන යාවි, හරියට නැවිලද කියලවත් නොදැන. කොහොම වුණත් හැමදේම කළු හෝ සුදු නැහැ වගේම කිසිම වෙලාවක මම මූලධර්මවාදියෙක් වෙන්න කැමති නැහැ.

• ඔබ තවමත් අභිලාෂකාමීද?

මම තරුණ කාලෙදි දේවල් ලබා ගන්න ලොකු ආසාවක් තිබුණා. නමුත් ඔබ ඒ දේවල් ලබාගෙන ඊට පස්සෙ විවේක ගන්න වෙලාවල් තියෙනව. නළු නිළියන්, මහජන පිළිගැනීමේ තනතුරු දරන පුද්ගලයින් නිරීක්ෂණය කරනකොට සිත්ගන්නා කරුණක් තියෙනව. ඔබ අංක එකේ හෝ අංක දෙකේ හෝ අංක තුනේ නෙමෙයිනම්, එය ඔබේ ජීවිතයට වඩාත් බුද්ධිමත් හා වඩාත් හොඳ බව ඔබට තේරෙන්න ගන්බව. ඔබ යම් සැනසිල්ලකින් ජීවත් වෙන්න පුළුවන්. තැනකනං ඉන්නෙ, කාවවත් ෆලෝ නොකර ඔබ කැමති දෙයක් කරන එක ගොඩක් හොඳයි. අංක එකේ රැඳිලා ඉන්න උත්සාහ කරන්න ඔබ ගොඩක් ආත්මාර්ථකාමී සහ අභිලාෂකාමී වෙන්න ඕනෙ. ඒක වටින දෙයක් නෙමේ.

Antonio Banderas

• ඔබ කොහොමද ඔබවම ඕනවට වඩා බැරෑරුම් විදිහට නොසලකා ඉන්න ඉගෙන ගත්තේ?

ඔබ හැමදේකටම හිනා වෙනවා. හාස්‍යය හරිම වැදගත්. උදාහරණයක් විදිහට මට හාස්‍යය නැති අය එක්ක ඉන්න බෑ. හාස්‍යය උත්ප්‍රාසයට සමානයි, අවසානයේ උත්ප්‍රාසය බුද්ධියට සමානයි. හිනාව මට හරි වැදගත්. ඒක පටන් ගන්නේ මම මටම හිනා වෙලා. වැදගත් දේවල් වලට මුල් තැන දෙනවා. වැදගත් දේ තමයි ඔයා සහ ඔයා වටේ ඉන්න අය, ඔයාගේ පවුල, මට කරන්න ඕන දේ සහ මට කරන්න ඕන දේ හරියටම මොකක්ද කියන එක.

• ඔබේ පියා පොලිස් නිලධාරියෙක්. නළුවෙක් වෙන්න ඔහු ඔබට සහයෝගය දුන්නද?

නළුවෙක් වෙන්න මට වැඩිපුරම උදව් කළේ තාත්තා වෙන්න ඇති. මම මැඩ්රිඩ් වලට ගිය කාලෙ අතේ සල්ලි නැතිවුණාම එයා නිතරම මට සල්ලි එව්වා. එච්චර සල්ලියක් හම්බ කළේ නැතත්, එයා හැම වෙලාවෙම මට සල්ලි ටිකක් එව්වා. ඒ නිසා මට කන්න සහ ඒවගෙන් ජීවත් වෙන්න පුළුවන් වුණා. ඔහු ඒක දැක්කා. මැරෙන්න කලින්, ඔහු මාව හොලිවුඩයේ දැක්කා, මාව බ්‍රෝඩ්වේ වල දැක්කා, මගේ තාත්තා, එයා ගොඩක් වයසක මනුස්සයෙක්. ඔහු එතන ඉඳගෙන හිනා වෙනවා දකින්න ලැබුණ එක පුදුම සතුටක්. බ්‍රෝඩ්වේ නාට්‍යයේ ඔහුගේ පුතා සාර්ථක වෙනවා දැකීම ඔහුට ලොකු සතුටක් වුණා. ඒක හරි සුන්දර දෙයක්. මගේ තාත්තා රඟහලට ආවම, එතන වෙන අය ඉන්නව මට පෙණුනෙ නෑ. මිනිස්සු 2,500 ක් එතනට ඇවිත් හිටියත්, මම එදා රඟපෑවේ මගේ තාත්තා වෙනුවෙන් විතරයි.

• ඔබේ නිහතමානීකම ඔබව වඩා හොඳ නළුවෙක් බවට පත් කරලා තියෙනව කියලා ඔබට හිතෙනවද?

මම දුප්පත්ම, දුප්පත් පවුලකින් ආවේ නැහැ. පොඩි කාලෙ මට කෑම ඇඳුම් පැළඳුම් නොලැබී තිබුණෙ නැහැ . නමුත් අපි සල්ලිකාරයො නෙමේ. මගේ පවුලේ අය ගොවියො විදිහට කුඹුරුවල වැඩ කළා. ඒ නිසා මම හැමදාමත් අත් දෙකෙන් වැඩ කරන්නෙ මොකක්ද කියලා දන්නවා. වෙනස් යථාර්ථයක ඉපදුණාට වඩා මම සැබෑ යථාර්ථයට සමීපයි. ඒකෙන් මම රඟපාන්න උත්සාහ කරන චරිත ගැන තේරුම් ගත්තා. මම ධනවත් පවුලක ඉපදුණා නම්, කෙනෙකුගේ යථාර්ථය තේරුම් ගැනීම අසීරු වෙන්න තිබුණා.

Antonio Banderas

• ඔබට වයස අවුරුදු 14 දී දෙපා කැඩෙන තුරු පුහුණු වෙමින් පාපන්දු ක්‍රීඩකයෙක් වෙන්න අවශ්‍ය වෙලා තියෙනව. රංගනය ගැන හිතුවෙ ඊට පස්සෙ. ඔබ දෛවය විශ්වාස කරනවාද?

නෑ, මම විශ්වාස කරන්නේ නෑ. මම දෛවය විශ්වාස කරන්නේ නෑ, කොහෙත්ම නෑ. ඔබට ඉරණම වෙනස් කරන්න පුළුවන්.

• ඉංග්‍රීසි හොඳින් කතා කරන්න පවා බැරිව හොලිවුඩයට පිවිසි ආකාරය අනුව බැලුවම ඔබේ වෘත්තීය ජීවිතයම එය තහවුරු කර ඇති බව පේනවා.

ඒක පිකාසෝ, ෆෙඩරිකෝ ගාර්ෂියා ලෝර්කා ඇතුළු සියලුම කලාකරුවන් විසින් පිළිබිඹු කරන මගේ ඇන්ඩලූසියානු සංස්කෘතියේ කොටසක් වෙන්න පුළුවන්. ඇන්ඩලූසියානුවන්ට අනුව ජීවිතයේ එකම නිශ්චිතතාවය මරණය. අනිත් හැමදේම සාපේක්ෂයි. ඉතින් මම ඉතා කුඩා කාලයේ සිටම ඒ ගැන බොහොම පැහැදිලිව දැනගෙන හිටියා. අපිට තියෙන්නෙ එක ජීවිතයක් විතරයි. මම මොකක්ද කරන්න යන්නේ? මට ඒක දැනගන්න ඕන වුණා. ඒ හින්දම මම මගේ මුළු ජීවිත කාලය පුරාම කුතුහලයෙන් පිරිලා හිටියා. මට විවිධ ස්ථානවලට යන්න ඕන වුණා. මම වයසට ගියාම කියන හැඟීම මට තිබුණා. මම සිගරට් බොන එක නැවැත්තුවොත් මට හිතෙනව මම ළමයෙක් වෙයි කියලා. මගේ කුතුහලයක් නොදැනෙන දේවල් හරි දුර්ලභයි. ඒ කුතුහලය තමයි මට බයක් සැකක් නැතිව ඉස්සරහට යන්න ඉඩදෙන ශක්තිය.

• අපි මැරුණාට පස්සේ මොකක් වෙනව කියලද ඔබ හිතන්නේ?

ඒ ගැන මට කිසිම අදහසක් නැහැ. කොහොම වුණත් මට හැඟෙන්නේ එය අමතක වීම සහ ශුන්‍යතාවය නෙමෙයි කියලා. එහි යමක් තියෙනව. මරණයට එහා කිසියම් අභිරහසක් තියෙනවා. එය සමහර විට අපේ බුද්ධිමය අහංකාරයෙන් වැහිලා ඇති. අපට නොතේරෙන දේවල් තියෙන වග මම විශ්වාස කරනව. අන්න ඒ අභිරහස ඇතුළෙ මම බොහොම සුවපහසුවෙන් ජීවත් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

සංගාගේ තරු ගැලවු වර්ගවාදය

සංගාගේ තරු ගැලවු වර්ගවාදය - Kumar Sangakkara  ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ අභිමානය ලෝකය හමුවේ තැබූ සලකුණක් වන කුමාර සංගක්කාර වැනි ගෝලීය...

ජයකොඩි පෙන්නා ජනතාව වටේ යවන වටගල

ජයකොඩි පෙන්නා ජනතාව වටේ යවන වටගල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වර්තමාන ආණ්ඩුවේ සම්බන්ධ ප්‍රධාන චරිත කිහිපයකට...

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...
- Advertisement -spot_img

ෆේ සහ ඒන්ජල්

ෆේ සහ ඒන්ජල් - Mama මම නාන බේසමට වී දෙපා ශේව් කරමින් සිටින අතරතුරදී මගේ අම්මා මියගොසින් ය යන ඇමතුම ලැබුණි....

මෝදිගේ මුව පැටියා

මෝදිගේ මුව පැටියා "අපේ ආණ්ඩුවට වසර දෙකයිි - රටට සුබයි" වෙනත් ආණ්ඩු ප්‍රචාරණ කටයුතු කළේ ඡන්ද කිට්ටුව තබාගෙනය. එහෙත් මාලිමා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you