මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි
ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට පසුබිම් සහිත අංක තහඩු නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු පැවසුවේ මේ වන විට කොළ පාට පසුබිම් සහිත අංක තහඩු 8,000ක් පමණ මුද්‍රණය කර ඇති බවය.




