Artඅපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

-

spot_img

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව – Chinna Chinna Aasai

පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න ඕනෙ කියලා. ටිකෙන් ටික ලොකු වෙනකොට ඒ හීන වෙනස් වෙන්න, බිඳෙන්න පුළුවන්. එතකොට අපි අපිට උරුම ජීවිතේ ප්‍රශ්න නොඅසාම භාර ගන්නවා. වෙලාවකට හිතෙනව කවදාහරි පැතුව ජීවිතේ මේකද කියලත්. අපිව පහුකරගෙන කාලය ඉගිල ගිහින් බව තේරෙනකොට දැනෙන්නෙ මහ අසරණකමක්. ඒ දැනෙන හැඟීම්, සිතිවිලි කියාගන්න, බෙදාගන්න කෙනෙක් නැති වුණාම අපි තවත් අසරණයි. ජීවිත කාලෙම අනුන් වෙනුවෙන් ජීවත් වුණත්, තමන්ට කවුරුත් නෑ කියන දේ වැටහෙද්දි දැනෙන්නෙ අතරමං වුණ හැඟීමක්. ඒ තනිකම දැනෙනකොට හිතෙන්නෙ කාත් කවුරුත් නොහඳුනන කොහේ හෝ ඈතකට පලා යන්න. ජීවිතේ හොයාගෙන. 

Chinna Chinna Aasai

පොඩි ළමයෙක් විදිහට ජීවත්වුණ කාලෙ හැමෝටම තියෙනව පුංචි පුංචි ආසාවල්. ළමා කාලෙ සුන්දරයි කියන්නෙ ඒ ආසාවල් වලට ඉඩ දීලා ජීවිතේ විඳින නිසා. වැඩිහිටියො වෙනකොට අපි අපිට තියෙන පුංචි ආසාවල් මරාගන්නව. හිනාවෙන්න, දුව පැන ඇවිදින්න වගේම ආදරේ කරන්නත් කාල සීමාවක් තියෙන බව අදහමින් මොනවදෝ නිෂ්ඵල දේවල් ගොඩක් පස්සෙ හැල්මේ ලුහුබඳිනව. නමුත් නොදන්නව වුණාට අපි තුළ තාමත් අර පොඩි ළමය ජීවත් වෙනව. හුස්ම ගන්නව. මොහොතකට ඒ පොඩි ළමයට ඉඩ දුන්නොත් දැනේවි ජීවත්වෙන වග.

Chinna Chinna Aasai

වයස අවුරුදු පනස් අටක් වුණ, විශ්‍රාමික පාසල් ගුරුවරයෙක් වුණ මාධවන්ට එක දවසක් තමිල්නාඩුවේ ඉඳලා වරණාසියට ඇවිත් අතරමං වෙලා ඉන්න ලීලා කියන මැදිවියේ ගැහැණියව දකින්න ලැබෙනව. ඇත්තටම ඇයට තමන්ගෙ සංචාරක කණ්ඩායම මග ඇරිල තිබුණා. කරුණාවන්ත මනුස්සයෙක් වුණ මාධවන් ලීලාට උදව් කරන්න හිතනව. ඇයට ඇගේ පිරිස සොයාගන්න. අහම්බෙන් මුණගැහුන නාඳුනන දෙන්නෙක්, වරණාසිය පුරා ඒ විදිහට ඇවිද යන අතරෙ ටිකෙන් ටික එකිනෙකාව අඳුනගන්න විදිහ, ඔවුන්ගෙ ජීවිත ගැන බෙදාගන්න විදිහ, තත්පරෙන් තත්පරේට ඔවුන් අතර ඇතිවෙන බැඳීම බොහොම අපූරු එකක්.

Chinna Chinna Aasai

සමහර වෙලාවට ජීවිතේ මෙතෙක් නොකීව, හදවතේ ගැඹුරුම තැනක සඟවගෙන හිටිය සිතිවිලි, වේදනා තමන්ගේ නොවන ආගන්තුකයෙක් ඉස්සරහ දිග හරින්න පුළුවන් වීම පුදුමාකාරයි. ඒ ආගන්තුක බවත් එක්ක දැනෙන්නෙ නිදහසක්. එකිනෙකාව දැනගත්තට පස්සෙ අපි තවදුරටත් ආගන්තුකයො නෙමේ. යාළුවො? ආදරවන්තයො? ගෑනියෙකුයි මිනිහෙකුයි එකට ඉන්නව දකිනකොට ලෝකෙ මිනිස්සු එක එක කතා කියාවි. නමුත්, හදවතට දැනෙන බැඳීමකට නමක් තියෙන්නම ඕනෙද?

Chinna Chinna Aasai

 

සමහර වෙලාවට අවුරුදු ගාණක් ජීවිතේ අත්වින්ද නැති දේවල් විඳින බවත්, ජීවිතේ ගැන මේතාක් නොතේරුන දේවල් තේරුම් ගිය බවත් කියලා දෙන්න එකම එක මොහොතකට පුළුවන්. ජීවත් වෙනව කියන්නෙ ඒ මොහොතට. කවදා හෝ සමුගෙන යන දවසක ඒ මොහොත ළඟා කරදුන් මතක හිත සැනසීමෙන් පුරවාවි.

Chinna Chinna Aasai

මෙම වසරේ ජුලි මස තිරගත වූ Chinna Chinna Aasai මලයාලම් සිනමාපටය Varsha Vasudev ගේ අධ්‍යක්ෂණයක්. Indrans — Madhoo (Madhubala), Aparna Balamurali, Vishnu Agasthya, Jaffer Sadiq ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. මිනිත්තු 136 ක් පුරා දිවෙන මේ කතාව අපූරු සිනමා අත්දැකීමක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...

අධික උණුසුම නිසා යාල වසා දැමීමේ තීරණයක්

අධික උණුසුම නිසා යාල වසා දැමීමේ තීරණයක්  පවතින අධික උණුසුම නිසාවෙන් සතුන්ට මෙන්ම වනජීවි නිලධාරීන්ට ඇතිවන තාප ආතතිය සැලකිල්ලට ගනිමින්,...

මහ කන්නය වගා කරනවද නැද්ද? තීන්දුව 18 වෙනිදා

මහ කන්නය වගා කරනවද නැද්ද? තීන්දුව 18 වෙනිදා මහකන්නයේ වගා කටයුතු සම්බන්ධයෙන් ලබන 08 වැනිදා අදාළ අංශ සමග සාකච්ඡා කරන...

ප්‍රියසාද් පවුලෙන් නික්ම යන අර්ථසාද්

ප්‍රියසාද් පවුලෙන් නික්ම යන අර්ථසාද් ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දියකු මෙන්ම ලංකාවේ පළමු කාටුන් චිත්‍රපටය නිර්මාණය කළ ගිවන්ත අර්ථසාද් ඊයේ (03) අභාවප්‍රාප්ත විය.  මොරටුව...
- Advertisement -spot_img

මහ කන්නය වගා කරනවද නැද්ද? තීන්දුව 18 වෙනිදා

මහ කන්නය වගා කරනවද නැද්ද? තීන්දුව 18 වෙනිදා මහකන්නයේ වගා කටයුතු සම්බන්ධයෙන් ලබන 08 වැනිදා අදාළ අංශ සමග සාකච්ඡා කරන...

ප්‍රියසාද් පවුලෙන් නික්ම යන අර්ථසාද්

ප්‍රියසාද් පවුලෙන් නික්ම යන අර්ථසාද් ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දියකු මෙන්ම ලංකාවේ පළමු කාටුන් චිත්‍රපටය නිර්මාණය කළ ගිවන්ත අර්ථසාද් ඊයේ (03) අභාවප්‍රාප්ත විය.  මොරටුව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you