NovelsRath Dothaluරත් දෝතළු - 95

රත් දෝතළු – 95

-

spot_img

රත් දෝතළු – 95

ජීවිත අලුතින් ඇරඹිය යුතුව ඇත. නිලූපා සොයුරිය කියන්නාක් මෙන් අතීතයේ සිරවී ජීවත් වී ඵලක් නැත. ඉන් ඇතිවන්නේ වේදනාවක් පමණි. හිස්වීම යනු හුස්ම නොගෙන සිටින්නට තැත් දරන්නාක් බඳු ක්‍රියාවකි. එය අපහසුය.නමුත් එය කෙසේ හෝ කළ යුතුය.ඉන් සහනයක් දැනෙනු ඇත. මා නිවසට යන දිනය ආසන්නය. අම්මාටත් තාත්තාටත් මේ සිදු වූ සියල්ල හැමදාටම රහසක්ව තබාගන්නට නොහැකිය. ඔවුන් කවදා හෝ සියල්ල දැනගනු ඇත. එවිට ඔවුන් කුමක් කියනු ඇතිද.? කෙමෙන් කෙමෙන් දිනගතවන්නට විය. මම ඇඳුම් සූදානම් කරමින් සිටින විට නිලූපා සොයුරිය කාමරයට පිවිසියාය.

“ඔයා ලැහැස්තිවෙනවද…?”

“ඔව් සිස්ටර්…”

බෑගය වසා දමා මම ඈ වෙත හැරෙමින් කීවෙමි. ගෙන යෑමට කියා මම මහ ලොකු දෙයක් රැගෙන ආවේ නැත. කුඩා ගමන් බෑගයේ වූයේ ඇඳුම් කීපයක් පමණි.

“හරි… මොනවා හරි කාලා එන්න… මං ඔෆිස් එකේ ඉන්නවා… ලොකු සිස්ටර්ට ටිකක් හිසරදේලු… එයා ටිකක් නිදාගන්න ඕන කිව්වා…”

“අනේ… මට කතාකරන්න බැරිවෙයිද…?”

“සිස්ටර්ට උදේ ඔයා කිව්වානේ… බලමුකෝ… කාලා එන්න ගිහින්…”

එතුමිය පිටතට ගිය අතර මම සූදානම්ව භෝජනාගාරයට පැමිණියෙමි. කෑමට පිරියක් නොවූවද කිරිබත් කැටයක් පිඟානට දමාගත් මම එය සෙමෙන් ගිළ දැමීමි. ෂෙහාරා සොයුරිය මා සොයා පැමිණියේ මම දෑත් සෝදාගෙන වැඩිහිටි නිවාසයේ සේවයේ සිටින කීපදෙනා සමඟ කතාබස් කරමින් සිටින විටය. ඔවුන් මා හට හිතවත් වූ බැවින් මා පිටව යෑම ගැන සිටියේ ශෝකයෙනි.

“අරවින්දි සිස්ටර් නිලූපා ඔයාට එන්න කිව්වා…”

ඈ පැවසුවෙන් මම කාර්යාලය දෙසට පිය මැන්නෙමි. එය වසාදමා තිබූ බැවින් මම දෙව්මැදුර ඉදිරිපසට ගියේ නිලූපා සොයුරිය සොයමිනි. එතුමිය සිටියේ කිසිවෙකු සමඟ කතාබහකය. ඒ තේජාන්දැයි කියා මට සිතුණද ඒ ඔහු නොවන බව මට වැටහී ගියේය. මට පිටුපා සිටි නිසා මට ඔහුගේ මුහුණ දැකගන්නට නොහැකි වූ මුත් ඒ කඩවසම් තරුණයෙකු බව නම් පිටුපා සිටියද මට පෙනිණි. කාර්යාල ඇඳුමකින් සැරසී සිටි ඔහු මා මීට පෙර දැක තිබූ අයෙකු නොවීය. සමහරිවිට තවත් දානයක් පිළිබඳව දැනුම් දෙන්නට පැමිණි අයෙකු විය යුතුය. මම පසෙකට වී සිටියේ එම කතාබහ නිමවන තුරු මුත් නිලූපා සොයුරිය මා දුටුවාය.

“ආහ්… මේ ඉන්නේ අරවින්දි… එන්න…”

එතුමිය එසේ පවසනවිටම තරුණයා වහා හැරී මදෙස බැලීය. ඉදිරියට තැබූ පය මම ආපස්සට ගෙන ඔහු දෙස බලා සිටියේ විසල් කරගත් දෑසිනි. මට මෙය අදහාගන්නට නොහැකිය.

“වි…හ…ඟ…ස…ර්…”

මෙය වියහැක්කක්ද, ඔහු මෙහි කුමක් කරනවාද? මට තවමත් මෙය අදහාගත නොහැකිවූයේ ඔහු හැඳසිටි ඇඳුමත් ඔහුගේ පෙනුමත් බෙහෙවින්ම වෙනස් වූ නිසාය. මෙවන් විහඟ කෙනෙකු මම දැන නොසිටියෙමි. ලා නිල් පැහැති කමිසයට ඔහු පැළඳ සිටියේ ඊටත් වඩා තද පැහැයකින් යුත් ටයි පටියකි. ක්‍රීම් පැහැති කලිසම කළු සපත්තු යුගළකකිනුත් සැරසී කොණ්ඩය පැත්තකට පීරා හුන් ඔහු කෙරෙන් දිස්වූයේ වඩාත් කඩවසම් මෙන්ම වෙනස් පෙනුමකි. මින් පෙර ඔහුගේ විලාසිතාව මෙසේ නොවීය. නූල් ඉරී තැනින් තැන හිල් වූ ඩෙනිම හෝ ටී ෂර්ටය ඔහුගේ ප්‍රියතම විලාසිතාව විය. නමුත් අද ! එය සහමුලින්ම වෙනස්ය. එහි වෙනදා වූ දඟකාර බව හෝ සැහැල්ලුව වෙනුවට වූයේ වඩා පරිණත වූ බැරෑරුම් පෙනුමකි. සමහරවිට ඔහු කුමක් හෝ නාට්‍යයක රඟපෑම් අතර හෝ සම්මුඛ සාකච්ඡාවකට සහභාගීවන අතරේ මෙහි පැමිණියා වන්නට ඇත. රොසයිරෝ මහතාගේ දානය ආසන්න නිසා මෙසේ පැමිණියාවන්නට ඇත. මට ඔහු මඟහැර යන්නට අවස්ථාවක් නැත. තව සුළු මොහොතක් පමාවූවා නම් මට ඔහු හමුවන්නේ නැහැ නොවේද? දැන් එයින් කමක් නැත. මා මෙයට මුහුණ දිය යුතුය. කවදාවනතුරු මම පලා දුවන්නද ?

“මේ දරුවට එන්න කිව්වේ මම අරවින්දි… අද ඔයා යන නිසා… ඔයා දුන්න නම්බර් එකට කෝල් කළාම මේ දරුවා තමා ආන්සර් කළේ…”

නිලූපා සොයුරිය කියනවිට මට කාරණය අවබෝධ විය. විහඟගේ මුවේ ඇඳුණේ උපහාසය හෝ අවඥා සහහත, මුව කොණින් නැඟි සිනහවකි. එය මට නුහුරු නුපුරුදු නොවූවද සිත අමුතු හැඟීමකින් හැකිළී ගියේය. එහි වුයේ පිළිකුළක් බඳු හැඟීමක් කියා මට සිතුණ නිසා මසිත වඩ වඩාත් පෑරිණි.

“ගොඩාක් ස්තූතියි සිස්ටර්… මෙයා ගැන දැනුම් දුන්නට… අපි හැමෝම ලොකු අවුලකින් හිටියේ…”

ඔහු ඒ කීවේද අවඥා සහගත හඬකිනි.

“ඔයාලා කතා කරන්න… මං පොඩ්ඩක් ඔෆිස් එකට යනවා…”

නිලූපා සොයුරිය එසේ පවසා ඉවතට යන අතරේ මා පසුවූයේ විහඟ දෙස කෙළින් බලා කතා කිරීමට නොහැකි අපහසුතාවයකින් යුතුවය.

“මැඩම්…”

නුහුරු ලෙසින් ඇමතූ එම හඬේ වූ අවඥා සහගත බව හැඳින මම තිගැස්සුණු බැල්මෙන් යුතුව ඔහු දෙස බැලීමි. ඔහුගේ මුහුණෙන් පවා දිස්වූයේ නොපහන් මෙන්ම සෝපහාසය මුසු බවකු‍ත්ය.

“දැන් සනීපද… තමුන් හිතන් ඉන්නේ තමුන් මහා ලොකු දෙයක් කළා කියලා නේද…?”

ඔහු කතාකළේ පාලනය කරගත් කෝපයකිනි.

“මං මොකක්ද කළේ විහඟ සර්…?”

“පැදුරටත් නොකියා එහෙම පැනලා ආව එක හරි කියලද තමුන් තවමත් හිතන් ඉන්නේ…?”

“එහෙම නෙවේ නම් මං කොහොම එන්න ඕන කියලද විහඟ සර් මට කියන්නේ… මගේ අයිතිය ඉල්ලලා කෑ ගැහලා අඬා වැළපිලාද…?”

“මොන අයිතියක් ගැනද තමුන් කතාකරන්නේ…? තමුන්ට මොනවද අයිතිවෙන්න තිබුණේ… තමුන් හොඳටම දැනගෙනනේ ඒ කන්ට්‍රැක්ට් එක සයින් කළේ… නේද…?”

දීමට පිළිතුරක් මට නැත.

“ඔව්… ඒ නිසා තමා විහඟ සර් මං එහෙම එන්න ආවේ… අයිතියක් නැති බැඳීමකට මං හිරකාරියක් වුණා…”

ඔහු මා දෙස විදහාගත් දෑසින් බලා සිටියා මිස කිසිත් නොකීය. මොහොතකට එහි පැවතියේ නිහැඬියාවකි.

“තමුසේට එහෙම නොකර ඉන්නයි තිබුණෙ… අරවින්දි…”

යළිත් දෝෂාරෝපණයක් ලෙසින් ඔහු කීය. ඔහුගේ එවන් කතා විලාසයන් මම ප්‍රිය නොකළද මම නිහඬව සිටියේ ඔහු මෙසේ අමතන්නේ කෝපය නිසා බව දැනය.

“අයියා තමුන්ව මැරි නොකළාට තමුන්ට ආදරෙන් හිටියා… අඩුම තරමේ එයා එක්ක කතාබහ කරලා තීරණයක් අරගන්න තිබුණා… සුදු මම්මා තමුන්ට සැළකුවේ එයාගෙම දුවෙකුට වගේ… ඒ හැමදේටම පයින් ගහලා… ගොන් වැස්සියෙක් වගේ පැනලා ආවා…”

බිමට නැඹුරු වූ හිසින් යුතුව මම අසා සිටියේ දෙනෙත් තෙත්කරමින් කඳුළු ගලායන විටය. නිදහසට හේතු කියා පලක් නැත. මා සිතේ ඇති වේදනාව ඔවුනට නොතේරේ.

“දැන් ඉතින් මේවා කිව්වා කියලා ඇති වැඩකුත් නැහැනේ… හැමදේම සිද්ධවෙලා ඉවරනේ…”

දිගු සුසුමක් හෙළමින් ඔහු කියනවිට මම කඳුළු පිසිමින් ඔහු දෙස බැලීමි. ඔහුගේ බැල්මේ පවා වූයේ මම මහා වරදක් කළ අයෙකු යැයි අඟවන බවකි. හැමදේම සිද්ධවෙලා ඉවරයි කියා ඔහු අදහස් කළේ කුමක්ද කියා මට සිතාගන්නට නොහැකිය.

“දැන් ගෙදර යන්න නේද හදන්නේ… එනවා… මං ඇරලවන්නම්…”

ඔහු අණ කළ අතර මම කිසිත් නොකියා සැමදෙනගෙන් සමුගෙන විත් විහඟගේ රථයට නැඟුණෙමි. නිලූපා සොයුරිය දෙව්මැදුර ඉදිරිපිට සිටගෙන අත වනන විට මා සිතට දැනුණේ ඉමහත් ශෝකයකි. සමුගැනීමක් වන තුරුම එය වේදනාවක් වන බවක් සිතට දැනෙන්නේ නැත. ඇරත් ප්‍රියයන්ගෙන් වෙන්වීම අතිශය ශෝකයකි.

-හෙටත් හමුවෙමු-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා  රත්තරන් බඩු උකස් කර ණය ලබා ගැනීමේදී සහ වාහනයක් මිලට ගැනීමට ණය පහසුකමක්...

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි - Meningitis මොළය වටා ඇති මෙනින්ජීස් නමැති පටලවල ඇතිවන ආසාදන තත්වය අනුව වයිරස්, බැක්ටීරියා සහ...

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට - Rupee depreciation ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා අත්‍යවශ්‍ය...

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට දිනෙන්  දින වැඩිවෙමින් පවතින සයිබර් අපරාධ හමුවේ ඒ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලිද වැඩි වෙමින් පවතින බව...
- Advertisement -spot_img

පැලවත්තේ පැළ මගඩිය

පැලවත්තේ පැළ මගඩිය - Clean Sri Lanka ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ පළාත්, දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය මට්ටමින් සම්බන්ධීකාරකවරුන් පත්...

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට - Rupee depreciation ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා අත්‍යවශ්‍ය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you