NovelsShort Storiesහිම හීන වලාකුළු

හිම හීන වලාකුළු

-

spot_img

හිම හීන වලාකුළු Let’s Start Here

“අපි කොහෙද යන්නේ?”
නුස්රත් ගේ කටහඬ කුතුහලයෙන් සහ නිදිමතින් පිරී තිබුණි.
“තව ටික දුරයි” 

Snowy cloudsසිය අත් දෙකෙන් ඇගේ දෑස් වසා සිටි රෆික් පැවසුවේය. ඔහු ඇයව කුඩා මුළුතැන්ගෙය තුළ සෙමින් ඉදිරියට ගෙන ගියේය. සින්ක් එක සමීපයේ ජනේලය අසල ඔවුන් නතර වුණි. රෆික් ජනේලය විවර කළේය. සීත සුළඟ ඇගේ මුහුණ සිප ගත් අතර රෆික් ඇගේ දෙනෙත් වසා සිටි තම දෑත මුදාහළේය. නුස්රත් රිදී පැහැ රාත්‍රිය දෙස බලා සිටියාය. එළියේ හිම වැටෙමින් තිබේ. ඇය තරමක් කුස්සිය ඇතුළට නැඹුරු වූවාය. නුස්රත් පුදුම වී සිටියි. මීට පෙර ඇය හිම දැක තිබෙන්නේ Home Alone 2 වැනි අමෙරිකානු Christmas movies වලිනි. ඒ චිත්‍රපටි ඇයට පෙන්වූයේ රෆික්ය. මෙය බංගලාදේශයේ ගත කළ අවුරුදු විසි අට තුළ ඇය කිසිදා අත්විඳ නැති සොබාදහමේ අපූරු අංගයකි. ඇය නිව්යෝර්ක් වෙත පැමිණියේ මේ වසරේය.

“හිම වැටෙනවා”
රෆික් සිනාසෙමින් කීවේය.
“ඔව් රෆික්, ඒක හරිම ලස්සනයි. ඒත් හරිම සීතලයිනේ “
නුස්රත් මැසිවිලි නැඟුවාය.
“ඔව් බබා, ඒක හරිම ලස්සනයි නේද? බලන්න!”
ඔහු පිටතට නැමී, හිම කැටයක් ගෙන ඇගේ අත්ල මත තැබුවේය. එය දිය වී ඇඟිලි මතින් ජලය බේරිණි.
“රෆිකර්, ජනේලෙ වහන්න” 

 

නුස්රත් දැඩිව පැවසුවාය. ඔහුගේ සිනහව මැකී ගියේය. ඇය ඔහුගේ නමින්ම අමතන්නේ කෝප වූ අවස්ථාවල පමණි. ඔහු නිහඬවම ජනේලය වසා දැමුවේය. ශීත සුළඟේ විසිල් හඬ මැකී ගිය අතර කවුළුව මත ඇගේ පිළිබිඹුව වැටී තිබිණි.
“ඔයාට තේ එකක් හදලා දෙන්නද ? “
ඔහු ඇසුවේය.
“එපා බබා.. දැන් ඕනෙ නැහැ.”
ඇය මෘදු සිනහවක් පාමින් උඩුමහලට යාමට පටන් ගත්තාය. ඇගේ පියවර හඬ ලී පඩිපෙළ දිගේ ඉහළට නැඟී නෑසී ගියේය. රෆික් කුස්සිය තුළ සිටගෙන සිටියේය. ඔහු තේ කෝප්ප දෙක දෙස බලමින් මේසයට ඉඳ ගත්තේය. ඉටිපන්දම්වල එළියෙන් පිඟන් දිලිසිණි. ඇගේ කටහඬ ඔහුට නැවත නැවතත් ඇසිණි. මින් පෙර ඇය ඔහුට බනින විට, රෆිකර් යැයි පවසන විට ඔහු සිනාසුණ නමුත් අද එය ඔහුට දැනුනේ වඩාත් බර ලෙසිනි. ඇගේ වචනවල දැඩි බවක් තිබුණි. විවාහයට පෙර ඔවුන්ගේ පෙම් සබඳතාව මිහිරි විය. ඇගේ කටහඬේ තිබූ මිහිරිබව, ලෙංගතුබව ඔහුට මතකය. මිතුරු මිතුරියන් පිරිවරාගෙන දවස්ගෙවූ ඇය ඔහුට විහිළු කළාය. ඇගේ දුඹුරු පැහැ දෙනෙත් ඔහුගේ සිත් ගත්තේය. නුස්රත් බොහෝවිට තද රතු සහ මෙරූන් පැහැ ඇඳුම් ඇඳ සිටියාය. ඒ ඇඳුම් ඇගේ පෙනුම හා හොඳින් ගැළපිනි. නමුත් දැන් ඒ අතීතයේ තිබූ උණුසුම මැකී ගොස් ඇත.

Snowy clouds

පසුගිය වසර හයේ ඔහු ක්වීන්ස්හි මහල් නිවාසයක් තුළට වී සිය විදුලි ඉංජිනේරු උපාධිය සඳහා නොනවත්වා වැඩ කළේය. ඔහු ප්‍රායෝගික තරුණයෙක් විය. නමුත් මේ ලක්ෂණ සමහරක් ඇයට ගැළපුනේ නැත. ඇය කලබල වූ විට ඔහු ඒ බව දැන සිටියේය. සුසුමක් හෙලූ ඔහු තේ කෝප්පය මේසය මත තැබුවේය. ඉන්පසු විදුලි පහන් නිවා උඩුමහලට ගමන් කළේය. නුස්රත් බ්ලැන්කට්ටුව තුළ ගුලි වී සිය ජංගම දුරකථනය ක්‍රියාත්මක කළාය. එය ඇය ඩකා සිට ගෙන ආ පැරණි දුරකථනයකි. රෆික් ඇයට කිහිපවරක්ම අළුත් අයිෆෝන් එකක් ලබා දුන්නත් ඇය සැමවිටම ඒවා ප්‍රතික්ෂේප කළේ මේ දුරකථනයේ මෙමරි කාඩ්පතේ තිබෙන සිය මවගේ voice messages හේතුවෙනි. ඇය දුරකථනය කනට තද කර වරින් වර ඒවාට සවන් දුන්නාය.
“නුස්රත් මේ අම්මා.. ඔයාගෙ ප්ලේන් එක යන්න කලින් මම කතා කරන්න හැදුවෙ. ඔයාට අමතක වුණාද මට මැසේජ් එකක් තියන්න?. මට ඔයා නැතිව පාළු දැනේවි. ෂෝනා, ඔයාට මතකද ඔයා දෙක වසරෙ ටීච එක්ක රණ්ඩු වුණ හැටි? ඔයා නිශ්ශබ්ද වුණාට මුරණ්ඩුයි. ඔයාගෙ හැඟීම් එළියට දාන්නෙ නැතිව ඉන්න හැදුවට ඔයාගෙ මූණ කතා කරනවා. හොඳට කෑම කන්න. වතුර බොන්න. ඇමෙරිකාව සීතලයි. පරිස්සමින් දරුවෝ !”

පැරණි දුරකථනයෙන් මවගේ හඬ ඇසේ. ඒ ඇගේ හඬ ඇසුණ අවසන් වතාවයි. ඇගේ කුඩා ගම්මානයේ සිට ඇමතුම් ලබා ගැනීම අසීරු කටයුත්තක් වූයේය. නුස්රත් දුරකථනය පපුව මත තබාගත්තාය. ඔහු කාමරයට එන හඬ ඇසුන නිසා ඉක්මනින් දුරකථනය ක්‍රියාවිරහිත කළ ඇය නිදි බව මවා පෑවාය.

පසුදා සවස හිම දියවෙමින් පැවතුනි. උඩුමහලේ අසුන්ගෙන වුන් නුස්රත් කොළ පැහැ ප්ලාස්ටික් පනාවකින් හිසකෙස් පීරමින් සිටියාය. ඒ පනාව අම්මා දුන් එකකි. සෑම උදෑසනකම ඇය හිසකෙස්වල ගල්වන අම්ලා තෙල්වල සුවඳ තවමත් යන්තමින් දැණුනි. රෆික් අද රාත්‍රියේ ඇගේ ප්‍රියතම ආහාරය වන ඉලිෂ් කෝර්මා සෑදීමට සූදානම් වුණේය. එය ඇගේ ප්‍රියතම මාළු කරියයි. පෙරදින රැයේ තමා අවදියෙන් සිටි බව ඔහු තේරුම් ගන්නට ඇතැයි සිහිපත්වී ඇයට කනස්සල්ලක් දැණිනි. ඇය සිය සැමියාගෙන් දේවල් සැඟවීමට අකමැති වූ නමුත් ඇයට ඔහුගේ සතුට වැදගත්ය. මාස කිහිපයකට පෙර රෆික් තම මිතුරන්ට තම බිරිඳ මුණගැස්සවීම සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කළේය. එය විනෝදජනක බව ඇයට සිතුණත්, ඇඳුම් අඳින ආකාරයෙන් ඇය නිදන කාමරයට වී සෑහෙන වෙලාවක් ගත කළාය. අවසානයේ මෙරූන් පැහැ එම්බ්‍රොයිඩර් සල්වාර් කමීසයකින් සැරසී ඔවුන් හමුවට පැමිණියාය. එය ඇගේ ප්‍රියතම ඇඳුමකි. ඇය නොසිතූ පරිදි සාදයට වැඩිපුරම පැමිණ තිබුණේ බෙංගාලි ජාතිකයන් ය.
නුස්රත් සිය ඇඳුම් අල්මාරිය දෙස බැලුවාය. එහි එක කොටසක සල්වාර් කමීස, පිළිවෙලට නැමූ සාරි සහ මවට අයත් ස්කාෆ් එකක් තිබුණි .
“ඇමරිකාවේ සීතලයි කියලා මට ආරංචියි. මේක ඇඳගන්න”
ඩකාවලින් පිටවීමට පෙර අම්මා එය දුන් හැටි ඇය සිහිපත් කළාය. අනතුරුව ආදරයෙන් එය හිස වටා ඔතා ගත්තේ හිජාබයක් මෙනි. අල්මාරියේ වම්පස ඇමරිකානු ඇඳුම් එකතුවක් තිබුණි. ඇය රෆික් ගෙනවිත් දුන් කළු පැහැ ස්වෙටර් එක අතට ගත්තේ අකමැත්තෙනි. රාත්‍රී ආහාරය ඔහුව සතුටු කිරීමට අවස්ථාවක් කර ගත යුතුය. මේ ඇඳුම ඇයට නුහුරු වුවත් ඇය සිටියේ ඒ අත්දැකීමට මුහුණ දීමට කැමැත්තෙනි. අවසානයේ නුස්රත් බිම් මහලට ගියාය. රෆික් හැමදේම ලස්සනට සකසා තිබුණි. ඇයගේ ප්‍රියතම ඉලිෂ් කෝර්මා, බැදපු එළවළු, ස්ටූ කළ පරිප්පු සහ බාස්මතී බත් රිදී පැහැ බඳුන්වල තබා අලංකාරව මේසය මත තිබුණි.

Snowy clouds

“ඒක හරිම සුවඳයි තෑන්ක් යූ.”
ඇය සතුටින් සිනාසුණාය.
“මම ඔයාට බෙදන්නද?”
ඇය හිස වැනුවාය. ඔහු ඉක්මනින් ඉටි පන්දම් දල්වා ඇයට අසුන් පැනවූයේය. රෑ කෑම අතරතුර දෙදෙනා ඔහුගේ රැකියාවේ තොරතුරු කතා කළාය. ඇය පෙර සේම සතුටින් හිනැහිණි.
“මේක ශෝක් රෆික්. හැම දෙයක්ම හරිම රසයි ”
නුස්රත් විවෘතව පැවසුවාය. ඔහු ඇගේ අත මෘදුව අල්ලාගත්තේය. ඇගේ දෑස් බැබළිණි. ඉටිපන්දම් එළියෙන් ඔවුන් එකිනෙකාගේ දෑස් දෙස බලා සිටියෝය. ඒ දෑස් දීප්තියෙන් බැබළිණි.
“I’d move a mountain for you, Nusrat”
ඔහු පැවසුවේය. ඇය මුහුණ වසාගෙන දෑස් පියාගත්තාය. ඇගේ අත ඔහුගේ අත්ලට රිංගා ඔහුගේ ඇඟිලි අතර සිරවී ගියේය. ඔවුන්ගේ ග්‍රහණය තව තවත් තද විණි. රෆික් විශ්වාසයෙන් හිනැහුන අතර ඇය ලැජ්ජාවෙන් සියුම් සිනහවක් පෑවාය.
“නුෂී, ඔයාට තෑග්ගක් තියෙනවා.”
ඇය ඒ නමට ආදරය කළාය. ඔහු මේසය යටින්, කොළ පැහැති කඩදාසියකින් ඔතා තිබූ තෑග්ගක් ඇද ගත්තේය. ඇය එය සෙමින් දිග හැරියේ නවතම අයිෆෝන් මාදිලිය සහිත පෙට්ටියක් සොයා ගැනීමටය. එය භාවිතා නොකරත් තමා එය අගය කරන බව රෆික්ට පෙන්වීමට ඇයට අවශ්‍ය විය.
“තැන්ක් යූ රෆික්, මේක හොඳයි”
ඇය මිමිණුවාය.
“ඔව් බබා, ඔයාට ඕනම දෙයක්. මම දැනටමත් ඔයාට සිම් එකක් ගත්තා”
ඇය බියට පත්වෙන හැටි ඔහුට පෙනිණි.
“ඔයා මොකක්ද?”
ඇය ගොත ගසමින් ඇගේ අත ඔහුගෙන් ඉවතට ගත්තාය.
“ඒක කොහෙද රෆික්? ඔයා ෆෝන් එක කොහෙද දැම්මේ?”
ඇය කනස්සල්ලෙන් ඇගේ අසුනෙන් නැගිට්ටාය. ඇගේ හඬේ භීතිය රැඳී තිබුණි.
“මොකක්ද? බබා ඒක ඔයාගේ ලාච්චුවේ උඩ තට්ටුවේ තියෙන්නේ. මට තේරෙන්නේ නැහැ මේක.”
ඇය ඒ වන විටත් උඩු මහළට ගොස් පරණ දුරකථනය සොයමින් සිටියාය. ඇය එය ක්‍රියාත්මක කර මවගේ හඬ ඇසුවාය. එය තවමත් එහි තිබේ. දුරකථනය පපුවට තදකරගත් නුස්රත් බිම වැටුණේය. ඇගේ මුහුණ දිගේ කඳුළු ගලා ගියේය. රෆික් නිහඬවම ඇය අසල ඉඳගත්තාය.
පසුදා රාත්‍රිය වන විට උෂ්ණත්වය නැවතත් පහත වැටුණි. හිම කැටි වී ගොස් තිබුණි. දවස පුරාම ඔවුන් එතරම් කතාබහ කළේ නැත. රෆික් නිහඬවම පිඟන් කෝප්ප පිස දමමින් සිටියදී, නුස්රත් සෝෆාවේ ඉඳගෙන ඇගේ දුරකථනය චාර්ජ් කළාය. ඔහු පිටත බැලූ විට ඔවුන්ගේ මහල් නිවාසයෙන් පිටත හිම ගොඩගැසී ඇති බව දුටුවේය. ඇය මොනව හිතනව ඇතිද? ඇය මට වෛර කරනවාද? පරණ දුරකථනය ඇයට එතරම් වැදගත් ඇයි? අවසානයේ ඔහු කතාකළේය.
“නුස්රත්, ඔයාට තේ එකක් හදන්නද?”
ඇය මෘදු ලෙස හිස සැලුවාය. ඔහු ඔවුන්ගේ මුල්ම හමුවීම් ගැන සිතුවේය. හිරු එළිය පිරුණු දිනයක ඔවුන් ප්‍රදේශයේ අවන්හලක චායි බොමින් සිටියහ. සිනහවෙන් හා විහිළුවලින් පිරුණු සුන්දර දවස්. ඔහු නිව්යෝක් නගරයේ ඉංජිනේරුවෙක් ලෙස ඔහුගේ ජීවිතය ගැනත් ඇය ඩකාහි ගුරුවරියක් ලෙස ඇගේ ජීවිතය ගැනත් බෙදා ගත්තාය. රෆික්ට අවශ්‍ය වූයේ ඇමරිකාවේ ජීවත් වීමටයි. නමුත් මෙයට ඇගේ වැඩි කැමැත්තක් නොවුණි. ඩකා ඇගේ ජීවිතය විය. ඇය ඔහු මෙන් කිසි විටෙකත් එය අත්හැරියේ නැත. ඇගේ මිතුරන්, පවුලේ අය, ඔහු කෙතරම් ආකර්ශනීය අයෙක් වුවත්, ඔහු වෙනුවෙන් ඇගේ මුළු ජීවිතයම අතහැර දැමීම වටින්නේ නැත. මිලියන තිහක ජනතාවක් සිටින ඩකාහි කොතැනක හෝ කාරුණික බංග්ලාදේශ මහත්මයෙකු සිටිය යුතු යැයි ඇය සිතුවාය. නමුත් කාලය වේගයෙන් ගමන් කරමින් තිබුණි. අවුරුදු 28 දී විවාහ වන්නේ කවදාද යන ප්‍රශ්නය බරට දැනුණි. රෆික්ට රැකියාවක්, කරුණාවන්ත සහ කඩවසම් පෙනුමක් තිබුණි. ඇය තීරණයක් ගත්තාය. ඔහු ඇමරිකාවේ සතුටින් සිටිය හැකි බව නැවත තහවුරු කළේය. නමුත් ඇයට එය දැණුනේ වැරදි දිශාවකට යන මෝටර් රථයක ආසන පටියක් පැළඳගෙන සිටිනවාක් මෙනි.
රෆික් මේ සංවාදය සිහිපත් කළේය. ඇය මා වෙනුවෙන් බොහෝ දේ අත්හැරියා. ඔහුට දුක සිතුණි. ඔහු හිස් බැල්මෙන් කුස්සියේ ජනෙල් කවුළුවෙන් පිටත බලා සිටියේය. ඔවුන්ගේ පඩිපෙළ මත හිම කැටි වීමට පටන් ගෙන තිබුණි. ඔහු නැවත සෝෆාව මත තනිවම වාඩි වී සිටි නුස්රත් දෙස බැලුවේය. ඇය කළ සෑම දෙයකටම ඇයට ස්තූති කරමින් තමා ඇය අසල දණින් වැටී සිටිනු ඔහු සිතින් මවා ගත්තේය. තමා ඇය ගැන සිතුවේ නැත. ඇගේ දුරකථනය ගැන අසංවේදී වීම, අලුත් අය මුණගැහෙන විට ඇයට අපහසුවක් ඇති බව, ඇමරිකාවේ ජීවිතය ඇයට නුහුරු බව නොතැකීම පිළිබඳව සමාව අයැදීමට ඔහුට අවශ්‍ය විය. මොහොතක් කල්පනා කෙරූ ඔහු උඩුමහලට දිව ගියේය. සිය සැමියා කිසිවක් නොකියාම කුස්සියෙන් පිටව යන අන්දම ඇය දුටුවාය. ඊයේ රාත්‍රියේ තම හැසිරීම සිහිපත්ව ඇයට වරදකාරී බවක් දැනුණි.

Snowy clouds

“ඉන්න, නුස්රත්.”
ඔවුන් නිහඬවම එකිනෙකා දෙස බැලුවෝය.
“ප්ලීස්, මෙතනින් වාඩි වෙන්න.”
ඇය ඔහුගේ ඉල්ලීමට කීකරු විය. ඔහු ඇය ඉදිරිපිට දණ ගසා, ඇගේ මව ඇයට දුන් ස්කාෆ් එක ඇගේ හිසවටා ලිහිල්ව එතුවේය.
“මට සමාවෙන්න, බබා. ඔයා වෙනුවෙන් මම කන්දක් වුනත් තල්ලු කරන්නම්.”
ඇය ගැන ඇතැම් දේ තමාට නොවැටහුනත් තමන්ට කළ හැකි සියල්ල ඇය වෙනුවෙන් කරන බව ඔහු සිතා ගත්තේය. ඔහු නැවත නැඟිට කුස්සියට ගියේය. කුස්සියට ගිය රෆික් සවල ගෙන නිවස ඉදිරිපස හිම ඉවත් කිරීම සඳහා ගියේය. ඔහු පිටව ගිය පසු නුස්රත් කුස්සියට ඇවිද ගියාය. ශීත කළ හිමෙන් වැසුණු ජනෙල් වීදුරු තුළින් ඇය තම සැමියාව දුටුවාය. ඔහු මිදුලේ හිම ඉවත් කරන අයුරු ඇය බලා සිටියාය. කන්දක් තල්ලු කරන්න නේද? අපි දෙන්නා අද ඉඳලම ඒක පටන් ගනිමු. ඇය තනිවම එලෙස සිතුවාය.
Reedsy වෙබ් අඩවියේ පළවූ Nasif Khan විසින් ලියන ලද Let’s Start Here කෙටිකතාව ඇසුරෙන් සිදුකළ අනුවර්තනයකි –

Latest news

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමයි

කොළඹ LNW: ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය...

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද?

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද? සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැව් ශ්‍රී...

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...
- Advertisement -spot_img

රත් දෝතළු – 80

රත් දෝතළු - 80 අහස් සමඟ මා මුහුණ පා ඇති ගැටළුව මම නොවළහා පැවසුවෙමි. ඔහු නිහඬවම අසා සිටියේ මට බාධා...

Time Loop යනු සැබෑවක්ද?

Time Loop යනු සැබෑවක්ද? - Sambhavam Adhyayam Onnu පසුගිය මාර්තු මස තිරගත වීම ඇරඹූ Sambhavam Adhyayam Onnu වෙනස්ම කතා තේමාවක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you