Newsසිහින දේශපාලන මාවත’ විවර කරන්න රජය ඉඩ දෙන්නේ නැහැ

සිහින දේශපාලන මාවත’ විවර කරන්න රජය ඉඩ දෙන්නේ නැහැ

-

spot_img

ත්‍රිකුණාමලය සිදුවීම පදනම් කරගෙන තමන්ගේ ‘සිහින දේශපාලන මාවත’ විවර කර ගැනීමට කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ අනුව, මෙම සිදුවීම භාවිතා කරමින්, තමන්ගේ දේශපාලන ගමන් මග සාදා ගැනීමට හෝ රැස්වීම්වලට සෙනඟ ගෙන්වා ගැනීමට රජය කිසිදු ඉඩක් ලබා නොදෙන බවයි අද (18) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ත්‍රිකුණාමලයේ විහාරස්ථාන භූමියක තැන්පත් කර තිබුණු බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට පොලීසිය පියවර ගැනීමේ සිද්ධියේදී, පොලීසිය අතින් යම් වරදක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකර අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවද කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළා.

බුදු පිළිම වහන්සේ ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර ඇත්තේ එහි ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීමට බවත්, ඉන්පසු නැවත බුදු පිළිමය එම ස්ථානයේ තැන්පත් කර ඇති බවත්, ඔහු පැවසුවා.

මේ සම්බන්ධයෙන් වන නඩුව නොවැම්බර් 26 වැනිදා කැඳවීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

 

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you