Newsමැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

-

spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන යෑමත් වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මගින් ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක් පිරිනමා ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත ටිමෝර්-ලෙස්තේ හි ඩිලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු – නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වැනි සැසියේදී එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අධානොම් ගෙබ්‍රියේසස් විසින් එම සහතිකය පිරිනමා ඇත.

ලංකාව 2016 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මැලේරියාවෙන් තොර රටක් ලෙස නිල වශයෙන් සහතික කරනු ලැබීය. එතැන් සිට වසර 10ක් පුරා රට තුළ මැලේරියාව නැවත ව්‍යාප්ත වීම වළක්වා ගනිමින් එය අඛණ්ඩව පවත්වාගෙන යෑම මෙහිදී ඇගයුමට ලක්ව තිබේ. මාලදිවයිනෙන් පසුව දකුණු-නැගෙනහිර ආසියානු කලාපයේ මැලේරියාව තුරන් කළ දෙවැනි රට බවටද ලංකාව පත්ව තිබේ. එමෙන්ම, මවුවරුන් සහ අලුත උපන් බිළිඳුන්ගේ පිටගැස්ම (Maternal and Neonatal Tetanus) සාර්ථකව තුරන් කර වසර 10ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන යෑම මෙහිදී ඇගයුමට ලක්වූ අනෙක් කරුණය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ලංකාව සතු ශක්තිමත් සහ ප්‍රත්‍යස්ථ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය, අඛණ්ඩ ජාතික කැපවීම, ඉහළ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් සහ කාර්යක්ෂම රෝග විමර්ශන සහ පාලන පද්ධතිය හේතුවෙන් මෙම සෞඛ්‍ය ජයග්‍රහණ අත්කර ගැනීමට සහ ඒවා දිගුකාලීනව පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවය. එසේම මෙම ජයග්‍රහණ හුදෙක් සෞඛ්‍ය සන්ධිස්ථාන පමණක් නොව, ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සහ වඩාත් සෞඛ්‍ය සම්පන්න අනාගතයක් නිර්මාණය කිරීම සහතික කරන්නක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you