Interviewsමම මේකප් දාන්නෙ නෑ

මම මේකප් දාන්නෙ නෑ

-

spot_img

මම මේකප් දාන්නෙ නෑ – Sai Pallavi

සායි පල්ලවී කොලිවුඩ් සිනමාවේ ජනප්‍රියම තාරකාවක්. දෙමළ, තෙළිඟු, මලයාලම් චිත්‍රපටවල රංගනයේ නියැළෙන ඇය ෆිල්ම් ෆෙයාර් ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබුවා. එමෙන්ම ඇය කොලිවුඩ් සිනමාවේ ඉහළම ගෙවීම් ලබන රංගන ශිල්පිනියන් අතරට අයත්. රසිකයින් සායිගේ ස්වභාවික පෙනුමට ගොඩක් කැමතියි. තමන් මේකප් භාවිතා නොකරන බව ඇය මෑතකදී පැවසුවා. 

Sai Pallavi

ස්වභාවික පෙනුමට වැඩිපුර කැමති නිසා චිත්‍රපටවලදී මේකප් පාවිචිචි කරන්නේ නැති බවත්, eye liner පමණක් යොදන බවත් සායි පැවසුවා. Shyam Singha Roy චිත්‍රපටයේ රඟපෑමේදී eye liner වැඩිපුර දැමූ බවත් Premam චිත්‍රපටයේ මංගල දර්ශනයට පවා සහභාගී වූයේ මේකප් නැතිව බවත් ඇය පවසනවා. ඇය Fidaa චිත්‍රපටයේ රඟපාන විටත් eyeliner දමා තිබෙනවා.

Sai Pallavi

රූගත කිරීම් අතරතුර දීප්තිමත් ලයිට් නිසා ඇස් කුඩා විය හැකි බැවින්, eyeliner ඒ සඳහා උදව් වෙන බව ඇය පවසනවා. මේකප් නොමැතිව තමාට පහසුවක් සහ ආත්ම විශ්වාසයක් දැනෙන බව පවසන ඇය, ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ පටන්ම මෙය තමාගේ පුරුද්දක් බවත් තමා sunscreen ආලේප කරන්නේ නැති අතර නලළේ කුඩා තිලකයක් පමණක් තබන බව සඳහන් කළා ය.

Sai Pallavi

“ඒ සැබෑ මම. මම දන්නෙ නැහැ ඒක අනිත් අයට කොහොම පෙනෙනවද කියලා. ඒත් perfect විදිහට පෙනී සිටින එක සමහර වෙලාවට ලොකු stress එකක්. මම කියන්නෙ නැහැ මේකප් අනවශ්‍යයි කියලා. මේකප් ඔයාගෙ ආත්ම විශ්වාසය වැඩි කරනවනං ඔයා මේකප් දාන්න ඕනේ. මට මේකප් නැතිව හොඳයි. මේ විදිහට මට විශ්වාසයක් දැනෙනවා.”
මෑතකදී ඇය දකින්න ලැබුණේ Major Mukund Varadarajan ජීවිත කතාව ඇසුරින් නිමවූ Amaran චිත්‍රපටයෙන්. එහි ඇය රඟපෑවේ Sivakarthikeyan සමගින්. Amaran විශාල සාර්ථකත්වයක් හිමි කරගත් චිත්‍රපටයක්. සායි ගැන අලුත්ම ආරංචිය තමයි එලඹෙන වසරේ ඇය බොලිවුඩයට පා තබන බව. ඒ Nitesh Tiwari අධ්‍යක්ෂණය කරන Ramayana චිත්‍රපටයෙන්. ඇය සමගින් රන්බීර් කපූර් රඟපානවා.
– Times Of India ඇසුරිනි –

Latest news

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...
- Advertisement -spot_img

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක්

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක් - Kalyani Priyadarshan දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියම තාරකාවන් අතර කල්‍යාණි ප්‍රියදර්ශන්ට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you