Newsබර කිලෝ 50 කින් අඩුකරගත්තොත් Porsche කාර් එකක් තෑගී

බර කිලෝ 50 කින් අඩුකරගත්තොත් Porsche කාර් එකක් තෑගී

-

spot_img

බර කිලෝ 50 කින් අඩුකරගත්තොත් Porsche කාර් එකක් තෑගී

ඔක්තෝම්බර් 23 වැනිදා උතුරු චීනයේ Shandong පළාතේ Binzhou හි ව්‍යායාම මධ්‍යස්ථානයක් විසින් අපූරු අභියෝගයක් ලබා දී තිබෙනවා. එනම් මාස තුනක් ඇතුළත සිරුරේ බර 50 kg ක් අඩුකරගන්නා ඕනෑම අයෙකුට සුඛෝපභෝගී මෝටර් රථයක් ලබා දීමයි. මේ ආරංචියත් සමගින් බොහෝ දෙනෙක් බර අඩු කර ගැනීමට උනන්දුවී ඇති බව පැවසෙනවා. මේ අයුරින් කෙටි කාලයක් තුළ අධික ලෙස බර අඩු කරගැනීම අයහපත් බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා.

Porsche

ඔවුන්ගේ දැන්වීමට අනුව, මාස තුනක් ඇතුළත 50 kg ක් අඩු කර ගන්නා ඕනෑම කෙනෙකුට ත්‍යාගයක් ලෙස සුඛෝපභෝගී Porsche Panamera මෝටර් රථයක් හිමිවෙනවා. මෝටර් රථයේ වටිනාකම ඇමරිකානු ඩොලර් 155,000 ක් පමණ වේ. තරඟකරුවන් 30 දෙනෙක් පමණක් මේ සඳහා සහභාගී කරගන්නා බවයි ඔවුන් පවසන්නේ. තරඟය සඳහා ලියාපදිංචි වීමට ඇමරිකානු ඩොලර් 1,400 ගෙවිය යුතුයි. තරඟකරුවන්ට ආහාර සහ නවාතැන් සැපයෙන බව සඳහන්. මෙම මෝටර් රථය ව්‍යායාම මධ්‍යස්ථානයේ හිමිකරුට අයත් භාවිතා කරන ලද එකක්.

Porsche

වෛද්‍යවරු පවසන්නේ මේ අයුරින් අධික ලෙස බර අඩු කර හානිකර බවයි. දිනකට 0.5 kg පමණ අඩු කර ගැනීමෙන් සිරුරේ මේදය අඩුවීම, කාන්තාවන්ගේ හෝමෝන අසමතුලිතතාවය, හිසකෙස් ගැලවීම වැනි අහිතකර ප්‍රතිඵල ඇතිකරනවා. මෙය ජීවිතයට පවා තර්ජනයක් වීමට පුළුවන්. කෙසේ වෙතත් මෙම ආරංචිය මේ දිනවල චීනයේ කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත් වී තිබෙනවා. මාස තුනකින් 50kg අඩුකර ගැනීම කළ නොහැකි දෙයක් බවත් මෙය දක්ෂ අලෙවිකරණ සැලැස්මක් බවත් ඇතැමුන්ගේ අදහසයි.

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you