Artපිරිමියෙක් නැති තනි ගැහැණියක්

පිරිමියෙක් නැති තනි ගැහැණියක්

-

spot_img

පිරිමියෙක් නැති තනි ගැහැණියක් – Maa Behen

තමන් ගැන හොයනවට වඩා අනිත් අය ගැන හොයන්න අපි අතරෙ ගොඩක් අය කැමතියි. වටපිටාවෙ උදවිය ජීවත්වෙන විදිහ, ඔවුන්ගෙ වැරදි අඩුපාඩු ගැන නිගමනවලට එන්න, කතා පතුරුවන්න වගේම උපදෙස් දෙන්න බලාගෙන ඉන්න උදවිය මේ සමාජයෙ ඕනෙ තරම් ඉන්නවා. විශේෂයෙන්ම ආසියානු සමාජයෙ පිරිමියෙක් නැතිව තනිව ජීවත්වෙන ගැහැණියක් අනිත් අයගෙ විමසුම් ඇසට, චෝදනාවලට වගේම අපවාදවලට ලක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. 

Maa Behen

ජූනි මාසය ඇරඹුමත් එක්කම රිලීස් වුණ Maa Behen චිත්‍රපටයෙන් කතා කරන්නෙ මේ ගැන. මේක Black Comedy Thriller වර්ගයට අයත් කතාවක්. සමාජය තුළ කාන්තාවන්ට හැදෙන කතා, අපවාද, නීති සහ සදාචාරය කියන දේවල් පිරිමියෙක්ගෙ රැකවරණය නොමැතිව ජීවත්වෙන ගැහැණුන්ගෙ ජීවිතවලට මොනතරම් බලපෑමක් කරනවද කියන ප්‍රශ්නය මතු කරන්න මේ කතාව සමත් වෙලා තියෙන්නෙ උපහාසාත්මක විදිහට.

මැදිවයසෙ වැන්දඹුවක් වෙන රේඛා ජීවත් වුණේ අදාර්ශ් කොලනි කියන ප්‍රදේශයෙ. සුන්දර ගැහැණියක් වුණ ඇයට ජයා සහ සුෂ්මා කියලා දූවරු දෙන්නෙක් හිටියා. ජයා විවාහකයි. සුෂ්මා සමාජ මාධ්‍ය බලපෑම්කාරියක්. සැමියා නැති වුණත් රේඛා ජීවත්වුණේ කාටවත් අතනොපා ඔළුව කෙළින් තියාගෙන. විවෘතව කතාබහ කෙරුව, කාටවත් බය නැති සුෂ්මා නරක ගැහැණියක් කියලයි අසල්වැසියො නම් කිව්වෙ. එහෙම කියන්න ඔවුන්ට හේතුවක් නොතිබුණත් විශේෂයෙන් ඒ පැත්තෙ පිරිමි උදවිය කැමති වුණා රේඛා නරක ගැහැණියක් බව සිතන්න. රේඛා රැකියාව කරේ වයින් වෙළඳසැලක. එතැන මුදල් වංචාවක් සිදුවෙලා බව සොයාගන්න ඇගේ අසල්වැසියෙක් ඒ බව පොලිසියට පවසනව කියලා ඇයට තර්ජනය කරනවා. රේඛා ඔහුව නිවසට කැඳවන්නෙ කාඩ් සෙල්ලම් කරන්න එන ලෙස පවසමින්. නමුත් මේ අසල්වැසියා ඇගේ ආරාධනාව වැරදියට තේරුම් ගන්නව. ඔහු ඇයට ලිංගික අතවර කරන්න උත්සාහ කරන අවස්ථාවෙ ඇතිවුණ පොරබැදීමක් නිසා ඔහු සිහිසුන් වෙනව. ඔහු මිය ගිහින්ද? රේඛා ඇත්තටම මුදල් වංචා කරාද? හැමදේම අවුල් වෙන්න මහලොකු වෙලාවක් ගියේ නැහැ.

Maa Behen

Maa Behen චිත්‍රපටියෙ විශේෂත්වය වෙන්නේ එය කාන්තාවන් “පරිපූර්ණ” ලෙස නිරූපණය කරන්නෙ නැතිවීම. සාමාන්‍යයෙන් බොලිවුඩ් සිනමාවේ අපි නිතරම දකින අම්මා නැමති චරිතය කැපවීම, දරාගැනීම සහ පරිත්‍යාගයේ සංකේතයක්. ඔවුන් දේවත්වය හා සමයි. නමුත් අම්මල අතිනුත් වැරදි සිද්ධවෙන බව, ඔවුනුත් වැරදි කරන, කේන්තියන, බය වෙන සාමාන්‍ය ගැහැණු බව මේ කතාව පැහැදිලි කරනව. රේඛා දෙවියන් හා සමාන මවක් නොව මහපොළවේ, එදිනෙදා ජීවිතයේදි අපි දකින හමුවන සැබෑ අම්මලාගෙන් කෙනෙක්.

Maa Behen

සමාජය මිනිස්සුන්ව මනින්නෙ ඔවුන්ගෙ ක්‍රියාවලින් නොව, සමාජය විසින්ම ගොඩනැගූ,ගෙතුව කතාන්දරවලින්. ගැහැණියක් අවිවාහකනම්, දික්කසාදනම්, හඬ නගා කතාකරත්, නිහඬවම සිටියත් සමාජයෙන් එන ප්‍රශ්න,උපදෙස්, කතන්දර අඩුවක් වෙන්නෙ නැහැ. ගොඩක් වෙලාවට ගැහැණුන්ට සිද්ධවෙන්නෙ තමන්ට කැමති විදිහට ජීවත්වෙනවට වඩා අනිත් අයගෙ කැමැත්තට ජීවත් වෙන්න. මිනිස්සු මොනවා කියයිද කියන ප්‍රශ්නෙ හිතට අරන් ජීවත් වෙන්න. නමුත් තමන්ට ඕනෙ විදිහට ජීවත්වෙනවද නැත්තම් අසල්වැසියන්ට ඕනෙ විදිහට ජීවත් වෙනවද කියලා තීරණයක් ගැනීම ඈ සතුයි. ඕපාදූප වලට හුරු විශේෂයෙන්ම ආසියානු සමාජය ඇතුලෙ කෙනෙක්ගෙ ජීවිතේ මොකක්හරි සිදුවීමක් කටකතාවක් වෙන්නත්, පැය කිහිපයකින් එය සත්‍යයක් වෙන්නත්, සතියකට පස්සෙ ඒ කතාව අදාළ කෙනාගෙ අනන්‍යතාවය බවට පත් වීමත් බොහොම සාමාන්‍ය දෙයක්. මේ කතාවෙ අපිට හමුවෙන අසල්වැසියන්, කුතුහලයෙන් පිරි මිනිසුන් ඒ යථාර්ථය මැනවින් නිරූපණය කරන්න සමත් වෙලා තියෙනවා.

Maa Behen

රේඛා, ජයා සහ සුෂ්මා කියන චරිත තුනම කාන්තාවන් මුහුණ දෙන විවිධාකාරයේ ගැටළු, පීඩනයන් පෙන්වා දෙනවා. කුතුහලයෙන් පිරුණු සමාජයක ජීවත්වෙන ගැහැණුන්ට සමාජ පිළිගැනීම වෙනුවෙන්, ගෞරවය රැක ගැනීම වෙනුවෙන් මෙන්ම තම අනන්‍යතාවය සොයා ගැනීමට පවා ලොකු සටනක් කරන්න සිද්ධ වෙලා තියෙනව. අකරතැබ්බ ගොඩකට පස්සෙ, අත්දැකීම් ගොඩකට පස්සෙ සමහර ගැහැණු තේරුම් ගන්නව හැබෑ නිදහස ලැබෙන්නෙ අනිත් අයට ඕනෙ විදිහට ජීවත් වෙන්නෙ නැතිව තමන්ට කැමති ජීවිතය තෝරා ගැනීමෙන් පමණක්ම බව. සමාජය අපි ගැන බොරු කතා ගොතනව. ඒවා ගැන වද නොවී හිටියොත් විතරක් අපිට අපේ සැබෑ අනන්‍යතාවය සොයාගෙන යන්න පුළුවන්. මිනිත්තු 127 ක් පුරා දිවෙන Maa Behen චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Suresh Triveni විසින්. Madhuri Dixit,Triptii Dimri,Dharna Durga, Ravi Kishan ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you