More
    Artපිරිමියෙක්ගේ නිවීම ඔහුගේ පවුලයි

    පිරිමියෙක්ගේ නිවීම ඔහුගේ පවුලයි

    -

    spot_img

    පිරිමියෙක්ගේ නිවීම ඔහුගේ පවුලයි – Thudarum

    පිරිමියෙක්ගෙ නිවීම ඔහුගෙ පවුල. ආදරණීය සැමියෙක් පියෙක් විදිහට ඔහු සතු වටිනාම වස්තුව වෙන්නෙ තමන්ගෙ දරුවන් සහ බිරිඳ. පවුලක් කියන්නෙ මොනතරම් ලස්සන දෙයක්ද? බිරිඳගෙ සෙනෙහස, රැකවරණය දරුවන්ගෙ ආදරේ, දඟකාරකම්. පිරිමියෙක්ට තමන් රජෙක්‍ වග දැනෙන්න ඊට වඩා තව මොනවත් ඕනෙද?

    පේරුනාද්වල බොහොම සුන්දර කඳුකර නගරයක් තිබුණා. ඊට යාබදව තිබුණ විශාල කැලෑවේ ඇත් පවුලක් හරි ආදරෙන් ජීවත්වුණා. පවුල කියන්නෙ මිනිස්සුන්ට විතරක් නෙමෙයි සත්තුන්ටත් හරි වටින දෙයක්. මේ කඳුකර නගරයෙ තමයි ෂන්මුගම් ජීවත්වුණේ. රියදුරෙක් වුණ ඔහුට හැමෝම ආදරේට කිව්වෙ “බෙන්ස්” කියලා. ඔහුට ලෝබ හිතෙන තරම් ලස්සන පවුලක් තිබුණා. ඔහුත් – බිරිඳ – පුතා – දුව සහ ඔවුන්ගෙ සුරතල් ආරක්ෂකයා බව්වත් කියන මේ හැමෝම බොහොම ආදරයෙන් සතුටින් අනිත් අයට උදව් කරමින් ජීවත් වුණා. බෙන්ස් තමන්ගෙ කළුපාට කාර් එකටත් ගොඩක් ආදරේ කරා.

     Thudarum

    ඒ විදිහට සන්සුන්ව සාමකාමීව ජීවිතේ ගතවෙලා යද්දි තමයි හැමදෙයක්ම වෙනස් වෙන්න ගන්නෙ. බෙන්ස්ගෙ පුතා පවී තාත්තට හොරෙන් කාර් එක අරන් යාළුවොත් එක්ක රවුම් ගහන්න ගිය දවසෙ ඔහුට ගොඩක් කේන්ති ගියා. ඊට පස්සෙ තාත්තගෙ දඬුවමට බයේ පවී ගෙදර ආවෙත් නැහැ. ඔය අතරවාරයෙ අවමංගල්‍යයකට සහභාගි වෙලා ආයෙ ගෙදර ආව බෙන්ස්ට දැනගන්න ලැබෙනව තමන්ගෙ කාර් එක පොලීසිය අරන් ගිහින් තිබෙන බව. පොලිසිය පවසන්නෙ මත්ද්‍රව්‍යය ජාවාරම සඳහා රථය භාවිතා කර ඇති බව. සාක්ෂි නැතිවුණත්, පොලීසියට පුළුවන් නිර්දෝෂී මිනිසුන්ව අපරාධකරුවන් කරලා, අපරාධකරුවන් නිදහස් කරන්න. ඒ තමයි බොහොමයක් පොලීසි වල ක්‍රමය. පොලීසියක් ඇතුළෙ මිනිස්සුන්ට සාධාරණ, අසාධාරණය වගේ “අනවශ්‍ය” දේවල් කතා කරන්න බැහැ. කියන දේකට හිස නැමිය යුතුයි. ඒ තමයි පොලීසියේ නීතිය. සාධාරණය ඉල්ලාගෙන ගිහින් මිනිස්සු මහ විශාල කරදරවල පැටලෙන අවස්ථා අනන්තයි, අප්‍රමාණයි. එළියෙදි මොනතරම් ශක්තිමත්, එඩිතර මනුස්සයෙක් වුණත් නීතිය ආරක්ෂා කරන තැන්වලදි මොනතරම් අසරණ වෙනවද? එදා රෑ බෙන්ස්ට අති බිහිසුණු රහස් ගොඩක් දැනගන්න ලැබෙනව. මරු කටට ගිය මනුස්සයෙක්ට එයින් ගැලවීමක් තියෙයිද?

     Thudarum

    හෙම්බත් වෙලා ගෙදර ආව බෙන්ස්ට දැනගන්න ලැබෙන්නෙ ඔවුන්ගෙ පුතා තවමත් ගෙදර ආවෙ නැතිවග. තමන්ගෙ දරුව අතුරුදන් වුණාම අසරණ තාත්තෙක් පොලිසියට යනව හැර වෙන මොනව කරන්නද? දරුව හොයලා දෙන්න කියලා ඉල්ලන්න ඔහු ආයෙමත් පොලිසියට ගියා. ඔවුන් ඔහු ගැන තැකීමක් කරේ නෑ. පොලිසියට ඊට වඩා ගොඩක් (අ)වැඩ තිබුණා. බෙන්ස්ගෙ ජීවිතේ සිද්ධ වුණ දරුණුතම කම්පනය ඔහුට අත්විඳින්න ලැබෙන්නෙ ඊටත් පස්සෙ. නීතිය අපරාධකරුවන් ආරක්ෂා කරනවා නම් සාමාන්‍ය මිනිස්සුන්ට ආදරණීයයන්ගෙ නාමයෙන් නීතිය අතට ගන්න සිද්ධවෙන එක ස්වභාවිකයි.

    Thudarum

     

    අනිත් මිනිස්සුන්ගෙ ජීවිත ගැන තීරණ ගන්න අපිට අයිතියක් නැහැ. මිනිස්සුන්ගෙ විතරක් නෙමෙයි, සතෙකුගෙවත්. මනුෂ්‍යත්වය නොහඳුනන අය, කෙනෙකුගෙ ජීවිතයට වඩා ධනය, බලය, ගෞරවය උතුම් බව අදහන්නවුන් මිනිස්සු කියල හඳුන්වන්න පුළුවන්ද? විවිධ හේතු නිසා නොමිනිසුන් අනිත් අයගෙ ජීවිත උදුරා ගන්නව. ආගම, සංස්කෘතිය, ස්ත්‍රී පුරුෂ භාවය වගේ දේවලුත් එයට අදාළයි. දෙවියන් අදහන ජාති, ආගම්, කුලමල ගැන නිරතුරු වදවෙන ඉන්දියාව තුළ “ගෞරවය උදෙසා” වසරකට 30000 කට අධික පිරිසක් ඝාතනය වෙනව. පුදුමයට කරුණ නම් ඒ ඝාතනය වූවන් “අතුරුදන් වූවන්” ගේ ඝණයට අයත් වීමයි. ගොඩක් වෙලාවට ඒ අහිංසකටන්ට සිද්ධ වෙන්නෙ ප්‍රේමයේ නාමයෙන් අතුරුදන් වෙන්න.

    Thudarum
    ඇත් පැටියෙක් අඬද්දි රැලේ හැම ඇත් අම්මෙක්ටම කිරි එරෙනවලු. ඒ මව් සෙනෙහසේ හැටි. තමන්ගෙ දරුවො වෙනුවෙන් ලෝකෙ එක්කම වුණත් සටන් කරන්න තාත්තෙක්ගෙ සෙනෙහට පුළුවන්. විශ්වාස කරන්න බැරි දේවල් වුණත් කරන්න. පෙම්වතා – පෙම්වතිය වෙනුවෙන් ඕන දෙයක් කරන්න පෙම්වතුන්ට පුළුවන්. ඒ ආදරේ හැටි. නොමිනිස්සු ආදරේ හඳුනන්නෙ නැතිවුණත් ආදරේ හැමදාමත් හුස්ම ගන්නව. දුක – සැප – සිනහව – කඳුල අතරේ නතර නොවී ජීවිතේ ඉදිරියට ගලා යනව. ජීවිතේ මග දාලා යන්න අපිට බැහැ. ඒ ජීවිතේ හැටි. පැවතීම සහ ඉදිරියට ගලාගෙන යන එක.

     Thudarum

    Thudarum මලයාලම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Tharun Moorthy විසින්. Mohanlal බෙන්ස් ලෙසින් රඟපානවා. ඔහු සමග Shobana, Prakash Varma, Binu Pappu, Thomas Mathew ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 49කට ජනපති සමාව

    78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 49 දෙනෙකු විශේෂ ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාට...

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 25

    රත් දෝතළු - 25 මා සමඟ ආලින්දය වෙත පැමිණි අහස් පෙර අසුනේම හිඳ ගත්තේ යළිත් රැවුමක් මා වෙත පා කරමිනි. "මැඩම්...

    ආදරයේ අපූරු පාඩම

    ආදරයේ අපූරු පාඩම - The Little Broken Cake මගේ ළමා කාලය රසවත් මතක, ඉගෙනගත් පාඩම් සහ අලුත් පරම්පරාවට ඉගැන්වීමට අපූරු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page