Newsප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

-

spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ පහළ මට්ටමක් දක්වා බැස ඇතැයි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර පවසයි. එසේම පසුගිය පැය 24 සහ 48 ක කාලය තුළ මාතර, ගාල්ල, බස්නාහිර, වයඹ, සබරගමුව, මහනුවර, නුවරඑළිය, බදුල්ල, අම්පාර, මඩකලපුව සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට වර්ෂාපතනයක් ලැබී ඇති බවද හෙතෙම සඳහන් කරයි.

ඇතැම් ප්‍රදේශවල වර්ෂාපතනයේ යම් වැඩිවීමක් දක්නට ලැබුණු අතර, ඊයේ දිනයේ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 40ක පමණ අගයක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. මීට අමතරව අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන රැසකට මිලිමීටර් 25ත් 30ත් අතර වර්ෂාපතනයක් ලැබී තිබේ. වියළි කලාපයේ ඇතැම් ප්‍රදේශවලටද සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, විශේෂයෙන් මාදුරුඔය සහ ඒ් අවට තෙත් කලාපීය ප්‍රදේශවලට පසුගිය දිනවල මිලිමීටර් 100ක පමණ තද වැසි ලැබී ඇත.

වර්ෂාපතන තත්වය සමඟ ප්‍රධාන ගංගාවල ජල මට්ටම්වල සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා වී නොමැති අතර ජලාශවල ජල මට්ටම්වලද විශාල වර්ධනයක් සිදු වී නොමැත. එසේම ඉදිරි මහ කන්නය සඳහා ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී වැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඉංජිනේරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

✍️ ධාරා අබේනායක විසිනි

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you