Newsපළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

-

spot_img

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් විපක්ෂය ඉවත් වීමට තීරණය කර ඇත. ඒ එම කාරක සභාවේ කාලය එළැඹෙන දෙසැම්බර් මස 17 වැනිදා දක්වා දීර්ඝ කිරීමේ තීරණයට විරෝධය පළ කරමිනි. 

Joint Opposition 

පසුගිය 11 වෙනිදා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ මෙම කාරක සභාව සඳහා තවදුරටත් කාලය අවශ්‍ය බැවින් එම කාරක සභාවේ කාලය දෙසැම්බර් මස 17 වැනිදා දක්වා දීර්ඝ කළ බවය. කෙසේ වෙතත් මීට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ මෙම කාරක සභාව රැස්වී මේ වන විට මාස 9ක් ගතව ඇති බවය. එමෙන්ම කාරක සභාවේ අරමුණ වනුයේ පළාත් සභා ඡන්දය ඉක්මනින් පැවැත්වීමට අදාළ කරුණු සාකච්ඡා කිරීම මිස මැතිවරණය කල් දැමීම නොවන බැවින් විපක්ෂයක් ලෙස ඉදිරියේදී එම කාරක සභාවට පැමිණීමෙන් වැළකීමට තීරණය කළ බවත් ඔහු අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සඳහන් කළේය.

✍️ ධාරා අබේනායක විසිනි.

Latest news

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම්

ආණ්ඩුවේ මර්දනකාරි පනත් නිසා වෙළද කලාප සේවක සේවිකාවන්ට දැඩි බලපෑම් ආණ්ඩුව විසින් මර්දනකාරී පනත් ගෙන ඒමට මේ වන විට කටයුතු...

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ

පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කෙරේ ඉදිරි වසර තුන ඇතුළත පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව තිස් පහකට සීමා කිරීමට...

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක

රටේ භුමියෙන් 30% ක් නායයෑමේ අවදානමක ඉකුත් දිට්වා සුළි කුණාටුවේදී අධික වැසි තත්ත්වය නිසා නාය යෑමට ලක්වූ ස්ථාන 1,436ක් චන්ද්‍රිකා...
- Advertisement -spot_img

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම්

රුසියාව තුළ පුටින් විරෝධී රහසිගත මෙහෙයුම් : යුක්රේන බුද්ධි අංශයට සහාය දෙන රුසියානුවන් රුසියාව තුළ සිටිමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ පාලනයට...

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක

ඩැකෝටා මැෂින්ගන් සමඟ ප්‍රේමයක මේ දවස්වල හොලිවුඩ්වලින් අලුත්ම ආදර කතාවක් ගැන අහන්න ලැබෙනවා. ඒ හොලිවුඩ් නිළි Dakota Johnson සහ ගායක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you