Featuresකුඩා දරුවන් අතර පැතිරෙන රෝගයක්

කුඩා දරුවන් අතර පැතිරෙන රෝගයක්

-

spot_img

කුඩා දරුවන් අතර පැතිරෙන රෝගයක් – hand foot mouth disease

වැසි කාලය සේම ඉන් පසුවද කුඩා දරුවන් අතර විශේෂයෙන්ම අත් පා මුඛ රෝගය (hand foot mouth disease) මේ දිනවලදී පැතිර යාම සිදුවන බැවින් මේ දැනුවත් කිරීම ඒ උදෙසාය.

රෝග ලක්ෂණ

රෝගය ආසාදනය වූ පසු දරුවාගේ අත්, කකුල්, වැළමිටේ සහ කටේ රතු පැහැති බිබිලි දදයක් ආකාරයෙන් හට ගැනේ. මුඛය ඇතුළේද මෙම තත්වය ඇතිවිය හැකි අතර එහිදී දරුවාට ආහාර ගැනීම අපහසු කෙරේ. Coxakie වයිරසය ආසාදනය වීමෙන් රෝගය හට ගැනේ. මීට අමතරව සුදු පැහැති වතුර පිරුණු බිබිලි අත්, කකුල් සහ තට්ටම් ප්‍රදේශයේද ඇති විය හැකි අතර ඉතාමත් ලෙහෙසියෙන් දරුවන් අතර ව්‍යාප්තව යයි.

hand foot mouth disease

පහසුවෙන් බෝවේ.

ඉහත රෝගී ලක්ෂණ ඇති දරුවකුගේ සමෙහි තවත් දරුවකු ස්පර්ශ වුවහොත් රෝගය බෝවීමේ හැකියාවක් ඇත.

මාරාන්තික නොවුණද පරෙස්සම වැදගත්

අත් පා මුඛ රෝගය මාරාන්තික නොවන අතර දින 03ක් 04ක් ඇතුළතදී සුව වී යනු ඇත. වඩාත් අවශ්‍ය වන්නේ රෝගය අන් දරුවන් කරා බෝ වීම වළක්වා ගැනීමයි. පෙර පාසල් මෙන්ම පාසල් දරුවන්ද වැඩි වශයෙන් මේ තත්ත්වයට ගොදුරු වන අතර ඉක්මන් හඳුනා ගැනීම තුළින් ශරීරයේ පැතිරීම මෙන්ම වෙනත් පාර්ශව කරා සම්ප්‍රේශනය වීමද වළක්වා ගත හැකි වනු ඇත.

hand foot mouth disease

පැතිරීම වළක්වා ගමු

කවර හෝ දරුවකු අත් පා මුඛ රෝගයෙන් පෙළේ නම් පාසල්, පෙරපාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට නොයවා නිවසෙහි රඳවා තබා ගන්න. එවිට තවත් දරුවකුට රෝගය බෝවීමට ඇති අවස්ථාව ඇහිරේ. නිවසෙහි සිටින දරුවකු රෝගයෙන් පෙළේ නම් සෙසු දරුවන්ගෙන් රෝගියාව ඈත් කොට තබන්න. රෝගී දරුවා පරිහරණය කරන දේවල් ඔහුටම වෙන් කොට තබන්න. සෙසු දරුවන් අතර හවුලේ පරිහරණය කිරීමෙන් රෝගය ඉතා පහසුවෙන්ම බෝ වීමට පුළුවන.

සුදුසු ආහාර පාන නිසි අයුරින් ලබා දී රෝගියාට විවේකය ලබා දෙන්න.

දදයක් ආකාරයට බිබිලි සිරුර පුරා පැතිරී යාම වැළැක්වීමට බිබිලක් දෙකක් මතුවන විටදිම දරුවාගේ සෞඛ්‍ය තත්වය ගැන සැලකිළිමත් වන්න. දරුවා පෙර පාසල් හෝ පාසලට ගොස් පැමිණි වහාම හොඳින් පිරිසුදු වී පැමිණීමට ඔහුට උපදෙස් ලබා දෙන්න. දිවා සුරැකුම් මධ්‍යස්ථානවල රැඳී සිටිනා දරුවන්ගේ පෞදගලික පරිහරණයට ඇති දේවල් අනෙකුත් දරුවන් සමග හුවමාරු කර ගැනීමෙන් වැළකීම සුදුසු වේ.

hand foot mouth disease

රෝග තහවුරුව

දදයක් ආකාරයට සුදු පැහැ වතුර පිරුණු බිබිලි හෝ රතු පැහැති ලප ඇති වීම මූලික ලක්ෂණයයි. එහෙත් මේ ඇති වන බිබිලි පැපොල රෝගය හේතුවෙන් හටගත් බිබිලිද නැත්නම් වෙනත් රෝගයක් නිසාවෙන් හට ගත්තාද යන්න නිවැරැදිව තහවුරු කර ගැනීමක් අවශ්‍ය වේ. එනිසා දරුවාගේ සැක සහිත රෝග ලක්ෂණ ඇත්නම් කල් නොයවා වෛද්‍ය උපදෙස් සඳහා ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. සාමාන්‍යයෙන් අත් පා මුඛ රෝගයේදීද පැරසිටමෝල් පැය 6න් 6ට ලබා දීමද සිදුවේ. යම් හෙයකින් දරුවාගේ උණ තත්ත්වය පහව නොගියේ නම් වහාම වෛද්‍ය උපදෙස් කරා යොමු වන්න.

රෝගීන්ගේ පෝෂණය

දරුවාගේ මුඛය ඇතුළත රතු පැහැති ලප හටගෙන ඇත්නම් එබඳු දරුවන්ට ආහාර ගැනීම තරමක් අපහසු විය හැකියි. එවිට මඳක් සිසිල් කළ ආහාර පිළිගැන්වීම සුදුසුය. අනෙක් රෝගී දරුවන්ට සාමාන්‍ය පරිදි ආහාර ලබා දීම සිදු කළ හැකියි. දියර ජාති ලබා දීමේදී ස්වාභාවික පාන වර්ග පමණක් ලබා දීමට උනන්දු වන්න.

hand foot mouth disease

නියපොතු හැළෙනවාද?

අත් පා මුඛ රෝගයට ගොදුරුව සුව වූ පසු සමහර දරුවන්ගේ නියපොතු හැළී යනු දක්නට ලැබේ. මේ තත්වය වළක්වා ගැනීමට සින්ක් අඩංගු සිරප් වර්ගයක් හෝ සින්ක් ඇතුළත් ආහාර පාන ලබා දීම සුදුසුය. මෙහිදී විශේෂයෙන්ම පැළවී එන මුං ඇටවල සින්ක් අඩංගු අතර එවැනි ආහාරද දරුවාට විටින් විට හඳුන්වා දෙන්න. මෙය කුඩා දරුවන් අතර ඉතාම පහසුවෙන්ම පැතිර යාහැකි තත්වයක් බැවින් රෝග පාලනයට ඇති පොදු උපදෙස් පිළිපදින්න.

සංවාද සටහන
ධාරා අබේනායක

Doctor Deepal Perera
බොරැල්ල , රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මී උණෙන් පරෙස්සම් වන්න!

මී උණෙන් පරෙස්සම් වන්න! - Beware of Rat Fever  ලෙඩ රෝග පැතිරීමට වැසි කාලයම විය යුතු නැත. පායන කාලයට එනම්...

ආපසු හැරිය නොහැක

ආපසු හැරිය නොහැක - He Didn’t Look Back මහ වැසි වැටෙමින් තිබේ. ජේ බස්නැවතුම්පොළේ කෙළවරක ඉඳගෙන සිටියේය. ඔහු දැනටමත් බාගෙට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you