Artකරදරේ වැටුණම අපිට පේන්නෙ ගැලවුම විතරයි

කරදරේ වැටුණම අපිට පේන්නෙ ගැලවුම විතරයි

-

spot_img

කරදරේ වැටුණම අපිට පේන්නෙ ගැලවුම විතරයි – Lock down

2020 අවුරුද්ද ආරම්භ වුණේම කොවිඩ් වසංගතය එක්ක. යුද්ධ, ස්වභාවික ආපදාවලට තරමක් දුරට හරි පුරුදුවෙලා හිටිය මිනිස්සුන්ට කොරෝනා අලුත් තත්වයක් වුණා. මොකද මේක හැමදේටමත් වඩා දරුණු, ඇහැට නොපෙනෙන සතුරෙක් නිසා. කොරෝනා ලෝකයම භීතියෙන් මුසපත් කළා. හැම නිවසකටම මරණයේ පණිවිඩය ගෙන ආවා. මුඛ ආවරණ, නිරෝධායනය, Lock down වගේ ඊට කලින් ආගන්තුක දේවල් වෙලා තිබුණ දේවල් සාමාන්‍ය ජීවිතයට ආවා. චීනය, ඉන්දියාව ඇතුළු රටවල මිනිස්සු මහමග පවා මිය ගියා. නිවසේ සිට රැකියා කරන්නත්, අධ්‍යාපන කටයුතු කරන්නත් සිදු වුණා. එදාවේල සොයාගැනීමට නොහැකිව අසරණ වූ පවුල් සංඛ්‍යාව කොපමණ වෙන්න ඇතිද? Lock down කොයිතරම් කාලයක් ඉවසන්න පුළුවන්ද? ඒ හේතුවෙන් ඇතිවෙන ආර්ථික ප්‍රශ්න, එක තැනකට සිර වන්නට වීම හේතුවෙන් දරා ගත නොහැකි මානසික පීඩනය. එපමණක් නොවේ, අපිට හිතාගන්නත් බැරි විදිහෙ මොනතරමක් නම් ප්‍රශ්නවලින් මිනිස්සු අසරණ වෙන්න ඇතිද? 

Lockdown

තමිල්නාඩුවල ජීවත්වුණ අනිතා රැකියා අපේක්ෂිත තරුණියක්. අධ්‍යාපන කටයුතු හොඳින් සම්පූර්ණ කර තිබූ ඇය අම්මා, තාත්තා, ආච්චි සහ නංගි සමගින් ජීවත්වුණා. වෙන ගෑණු ළමයින්ට වඩා අනිතා කියන්නෙ දෙමව්පියන් ගැන හිතුව, ඔවුන්ට කීකරුවෙලා වැඩ කෙරුව ළමයෙක්. ඇයගෙ ප්‍රධාන අවශ්‍යතාවය වුණේ රැකියාවක්. නමුත් කිසිම interview එකකින්, අයදුම්පතකින් සාර්ථක ප්‍රතිඵලයක් උදා වුණේ නැහැ. ඔහොම ඉන්න අතරෙ ඇයට දන්නා කියන ගැහැණු ළමයෙක්ගෙන් සුබ ආරංචියක් ලැබුණා. රැකියාව ගැන කතාකිරීමට අනිතා ඇය හමුවට ගියා. එදා රෑ මේ ගැහැණු ළමයා අනිතව මුහුද සමීපයේ ඇති hotel එකක party එකකට එක්කන් යනව. ගෙදරට බොරු කියලා එහි යන අනිතා වැටෙන්නම බොනවා. ඊට පස්සෙ ඇයට කිසිවක් මතක නැහැ. ආයෙම ගෙදර ඇවිත් මුකුත් නොවුන විදිහට වැඩ කරනව. යමක් වැරදී ගියාට පස්සෙ කිසිවක් නොවුණා වගේ වැඩ කරන්න අපිට පුළුවන්. ඒත් දවසක් එනව මුකුත් නොවුණා වගේ ඉන්න බැරිවෙන.

Lockdown

ඒ සිද්ධියෙන් සති කිහිපයක් ගත වුණාට පස්සෙ (මේ වෙනකොට කොරෝනා ලෝකය ආක්‍රමණය කරමින් සිටියා) අසනීප වෙලා වෛද්‍යවරයෙක් හමුවට යන අනිතාට අහන්න ලැබෙන්නේ සිහිනෙන්වත් නොසිතූ දෙයක්. එනම් ඇය ගැබ්ගෙන ඇති බව. ප්‍රේම සම්බන්ධයක්වත් නොමැතිව එය එලෙස වන්නේ කෙසේදැයි යන ප්‍රශ්නය පළමු මොහොතේම සිතට නැගුණත් ඇයට party එක ගැන සිහිපත් වෙන්නේ ඉන්පසුවයි. ආසියානු සමාජයේ සම්ප්‍රදායික පවුලක ගැහැණු ළමයෙක් විදිහට ඇය පත්ව ඇති තත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. මෙය දෙමව්පියන් දැනගත්තොත් මහ විනාශයක් සිදුවන බව ඇයට තේරුණා. තම හොඳම මිතුරියට පමණක් මේ බව පැවසූ අනිතාට පියා කවුදවත් නොදන්නා ගැටළුව වෙනුවෙන් තිබුණේ එකම එක විසඳුමක් පමණයි.

Lockdown

ආසියානු සමාජය තුළ ගබ්සාව (abortion) සැළකෙන්නේ අපරාධයක් වශයෙන්. එනම්, දරුවෙක් අවශ්‍ය නොවූවත්, අපයෝජනයක ප්‍රතිඵලයක් ලෙස පිළිසිඳ ගැනීමක් සිදුවුවත් ගබ්සා කිරීම අපරාධයක් සහ නීති විරෝධී වැඩක්. මෙහිදී කාන්තාවගේ කැමැත්ත, අයිතිය හෝ තම ජීවිතය පිළිබඳ තීරණ ගැනීමට ඇයට ඇති අයිතිය ඵලක් නැති දේවල් හෝ කතා කිරීමටවත් නුසුදුසු දේවල් ලෙස සලකා බැලෙනවා. මේ හේතුවෙන් කොතරම් නම් ගැහැණු ජීවිත විනාශ වෙනවාද යන කරුණ ගැන සාධාරණව බැලීමක් සිදුවෙන්නෙ නැහැ. මේ නිසාම නීති විරෝධිව ගබ්සා සිදුකිරීම් සිදුකරන අතර, එහිදී ජීවිත හානි සාමාන්‍ය දෙයක්. එහිදී සිදුවන්නේ ජීවිත හානි පමණක්මද?

අනිතා තීරණය කරනවා (abortion) එකක් සිද්ධ කරන්න. මිතුරිය එක්ක ෆාමසි ගාණේ, වෛද්‍යවරු හමුවෙමින් නොවඳිනා වැඳුම් වැන්දත් ඵලක් වුණේ නැහැ. මහා අපරාධයක් කළ එකියක මෙන් ඔවුන් ඇයව පිළිකුල් කර එලවා දැමුවා. ඔවුන්ගෙ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න පුළුවන් අයෙක් අන්තිමේදි මුණ ගැහුණා. ඒ සඳහා මුදල් අවශ්‍ය බවයි ඔහු පැවසුවේ. එතරම් මුදලක් සෙවීම ගැටළුවක් වුණත් මේ වෙලාවේ එය සිදුකළ යුතුම වුණා. කෙසේ හෝ මුදල සොයාගෙන පසුදා උදෑසනම වෛද්‍යවරයා හමුවට යෑමේ බලාපොරොත්තුවෙන් සිටියත්, උදෑසන ප්‍රවෘත්ති වලින් අහන්නට ලැබුණේ බලාපොරොත්තු නොවූ පුවතකි. සති කිහිපයකට ඉන්දියාවම lock down කර තිබුණා. නිවෙස්වලට වී සිටින්නට වුණත්, රටම ක්‍රියා විරහිත වී තිබුණත්, පොලිසිය එලියට බහින මිනිසුන්ට පහර දුන්නත් lock down එකට බැහැ මිනිස්සුන්ගෙ අවශ්‍යතා නතර කරන්න. බඩගින්න දැනෙන එක, මුදල් ඕනෙ කම, බෙහෙත් ඕනෙ කම. ඒ විතරක් නෙමේ ඇගේ කුසේ වැඩෙන ඇයට අනවශ්‍ය වූ ජීවියා වැඩෙන එකත්. කළ හැකි කිසිවක් සිතා ගැනීමට නොහැකි කල ඇය දරු ගැබ නැති කිරීමට අන්තර්ජාලයෙන් විසඳුම් හෙව්වා. බොහෝ විට ඒ දේවල් ඵලක් නෑ. මේ කතාව ඉදිරියට ඇදෙන්නෙ ඇයගේ අසරණකම ගෙන හැර පාමින්.

Lockdown

ගොඩක් වෙලාවට කරදරේ වැටුණම අපිට පේන්නෙ ගැලවුම විතරයි. ගහෙන් වැටුන කෙනාට ගොනා ඇන්නා වගේ එක පිට එක එන්න පුළුවන් කරදර ගැන හිතන්න බැරි තරමට ඒ වෙලාවට අපි අසරණ වෙලයි ඉන්නෙ. ඒත් මේ සමාජය කියන්නෙ අසරණ වෙලා ඉන්න මනුස්සයෙක් දැක්කම උඩ පැන පැන පහර දෙන, තව තවත් අසරණ කරන සහ කෙනෙක්ගෙ අසරණකමින් ප්‍රයෝජනය ගන්න මිනිස්සු සිටින තැනක්. ගැහැණියකට වරදක් වෙන්නේ සම්පූර්ණයෙන්ම ඇගේ වරද නිසාම පමණක් බව මිනිස්සු විශ්වාස කරනවා. විපතකදි අපිට පිහිට වෙන්නෙ අපේ පවුල. සමීපතමයන්. යථාර්ථය දරා ගන්න බැරුව හෝ ආත්ම අභිමානය නිසා අපේ ආදරණීයයන්ට දේවල් වසං කරලා, නොදන්න අයගේ පිහිට පැතුවොත් අපි තව තවත් අමාරුවෙ වැටෙන්න පුළුවන්.

කොවිඩ් වසංගත සමය තේමා කරගත්, බිහිසුණු මෙන්ම සංවේදී කතා පුවතක් රැගත් Lock Down (2025) දමිළ චිත්‍රපටය AR Jeeva ගේ අධ්‍යක්ෂණයක්. Anupama Parameswaran, Charle, Livingston, Nirosha, Priya Venkat ඇතුලු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

Latest news

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමයි

කොළඹ LNW: ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය...

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද?

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද? සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැව් ශ්‍රී...

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...
- Advertisement -spot_img

රත් දෝතළු – 80

රත් දෝතළු - 80 අහස් සමඟ මා මුහුණ පා ඇති ගැටළුව මම නොවළහා පැවසුවෙමි. ඔහු නිහඬවම අසා සිටියේ මට බාධා...

Time Loop යනු සැබෑවක්ද?

Time Loop යනු සැබෑවක්ද? - Sambhavam Adhyayam Onnu පසුගිය මාර්තු මස තිරගත වීම ඇරඹූ Sambhavam Adhyayam Onnu වෙනස්ම කතා තේමාවක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you