Artඅහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

-

spot_img

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව – It Was Just an Accident

හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත් සිද්ධ වෙන්නෙ හේතුවක් මත. සමහර අහඹු සිදුවීම්වලට ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. මෙච්චර කාලයක් ගමන් කරමින් හිටිය මාර්ගයෙන් අපිව අයින් කරලා දාලා ජීවිතේ වෙනස්ම මගකට හරවන්න මේ කියන අහඹු සිද්ධියකට පුළුවන්. ඒක හරියට accident එකක් වගේ. බලාපොරොත්තු නොවුණ මොහොතක ඇවිත් ජීවිතේම වෙනස් කරලා දානවා. අනතුර එතරම් බැරෑරුම් එකක් නෙවෙයි නම් අපිට පුළුවන් මුකුත් නොවුනා වගේ ජීවිතේ ඉස්සරහට යන්න.

බොරු කකුලක් තියෙන කවුදෝ මනුස්සයෙක් එක රෑක තමන්ගෙ බිරිඳයි දරුවයි එක්ක ගමනක් යනව. මගදි ඔහුගෙ කාර් එක කැඩුණ නිසා ඒක හදාගන්න නාඳුනන පෙදෙසක ගරාජ් එකකට යනව. මේ ගරාජ් එකේ වැඩ කරන වහීඩ් නැමැත්තට ආගන්තුකයගෙ බොරු කකුලෙ සද්දෙ ඇහුණ ගමන් උන් හිටි තැන් අමතක වෙලා යනව. තමන් මෙච්චර කාලෙකට හොය හොය හිටිය මනුස්සය බොරු කකුලත් ඇන ඇන තමන්ගෙ දෙපා ගාවටම ඇවිත් බව වහීඩ්ට තේරෙනව. නමුත් ඒ ඔහුමද කියල නිශ්චිත නැහැ.

It Was Just an Accident

ඒ කොහොම වුණත්, ක්ෂණිකව ක්‍රියාත්මක වෙන වහිඩ් බොරු කකුල් කාරයව පැහැර ගන්නව. ඔහුට ඕනෙ වුණේ තමන්ගෙ ජීවිතේම විනාශ කරලා දැම්ම මේ මනුස්සයව මරලා දාන්න. දේශපාලන සිරකරුවෙක් විදිහට ඔහු මෑත අතීතයක දහසකුත් එකක් වදවේදනා වින්දෙ ඉක්බාල් කියන මේ බොරු කකුල් කාරයා නිසා. ඒ කාලෙ දවසම දෑස් බැඳලා තිබුණ නිසා වහීඩ් ඉක්බාල්ගෙ මූණ කවදාවත් දැකලා තිබ්බෙ නැහැ. මේ ඔහුමදැයි නිශ්චිත නැති වුනත් අමිහිරි අතීතය නිසා වහීඩ් මේ ලෝකෙ හැම බොරු කකුල් කාරයෙක්ටම වෛර කරන්න ඇති.

It Was Just an Accident

නමුත් මේ මිනිහ වහීඩ්ගෙ චෝදනා හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරනව. ඒ විතරක් නෙමෙයි තමන් මේ බොරු කකුල දැම්මෙ බොහොම මෑතකදි බවත් පවසමින් ඔහුව නොමරන ලෙස ආයාචනා කරනව. වැඩේ තවත් සංකීර්ණ වෙද්දි වහීඩ් තීරණය කරනව ඉක්බාල් ගෙ හිරකරුවො වෙලා හිටිය කිහිප දෙනෙක්ව හොයාගෙන ගිහින් මේ ඔහුමද කියල තහවුරු කර ගන්න. ඉක්බාල්ට වෛර කෙරුව මේ කණ්ඩායම අතරෙ හෙට විවාහ වෙන්න ඉන්න යුවළක්, ඡායාරූප ශිල්පිනියක් ඇතුළු කිහිපදෙනෙක් ඇතුලත්. මේ කවුරුත් තමන්ගෙ හතුරව හරිහැටි නොදැක තිබුණ නිසා ඔහුව හඳුනගන්න එක අන්ධයො ඇතාව හඳුනගැනීමට සමාන වුණා. ඊට පස්සෙ මේ කණ්ඩායම මේ මනුස්සයගෙ ඉරණම ගැන වාද කරා. මේ ඉක්බාල්මද? එය එලෙස නම් අපි ඔහුට කුමක් සිදු කරමුද?

It Was Just an Accident

දඬුවමකට යටත්වෙලා, සිරගතවෙලා හිටියට පස්සෙ වැරදිකාරයො වුණාට පස්සෙ ඒ දේවල් අමතක කරලා දාලා ආයෙමත් ජීවිතේ පටන් ගන්න එක ලේසි නැහැ. අතීත තුවාළ කැළැල් එක්කම ජීවිතේට මුහුණ දෙන්න වෙනව. සතුරා අපිට වඩා බලවත්. ශක්තිමත්. දේශපාලනය, මුදල් මේ හැම දෙයක්ම ඔවුන් සතුයි. කළුගලේ ඔළුව හප්ප ගන්න එක නුවණට හුරු නෑ කියන සාමාන්‍ය බුද්ධිය ජීවිතේ සමහර තැන්වලදි අත්‍යවශ්‍යයි. ගොඩක් වෙලාවට වැරදිකරුත්, නිවැරදිකරුත් පවතින සමාජ, දේශපාලන ක්‍රමය මගින් පාලනය වන, මෙහෙයවන රූකඩ පමණයි.

It Was Just an Accident

නමුත් සාමාන්‍ය මිනිස්සු විදිහට, දුක් පීඩා, අසාධාරණකම්, රැවටීම් ජීවිතයේම අංගයක් විදිහට උරුම කරගෙන ඉන්න අය විදිහට මිනිස්සු මනුෂ්‍යත්වයෙන් පොහොසත්. හතුරා පවා මනුස්සයෙක්, සැමියෙක්, පියෙක් ලෙස සළකමින් සානුකම්පිතව බලන්න දුක් විඳින ජනතාවට පුළුවන්. මනුෂ්‍යත්වය සතු සුන්දරම දේ ඒ ගතිගුණය. හතුරට පවා පිහිට වීම. හතුරටත් සමාව දීලා මිනිස්සු සැනසෙනව, ඒ නැත්තම් එසේ කළ එක නිවැරදිදැයි සිතමින් ජීවිතේටම පසුතැවෙනව. ජීවිතේ සමහර දේවල් accident වගේ. රිය පදවගෙන යනවිට තමන්ගෙ රථයෙ පාරෙ ඉන්න අසරණ සතෙක් හැපුණොත්, එතැනම මියැදුණත් සමහරු ඒක පොඩි accident එකක් විතරයි කියලා හිතාගෙන ඉදිරියට ඇදෙනව. ඒ අසරණ සතායි සාමාන්‍ය මිනිහෙක්ගෙයි අතරෙ වෙනසක් නැහැ. ඒ තමයි දේශපාලනයෙ ස්වභාවය. system එකේ විදිහ. ඒ ඉස්සරහ අපි හැමෝම විවිධාකාර විදිහට අසරණයි.

It Was Just an Accident නම් වූ මෙම ඉරාන චිත්‍රපටය Jafar Panahi ගේ අධ්‍යක්ෂණයක්. Vahid Mobasseri, Mariam Afshari, Ebrahim Azizi, Hadis Pakbaten, Majid Panahi, Mohamad Ali Elyasmehr, Delnaz Najafi, Afssaneh Najmabadi, Georges Hashemzadeh යන රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස් සේවාව හෙට (21) සිට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා පහත් මහලේ ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයෙන් (MMC) ආරම්භ කරන බව ප්‍රවාහන,...

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...
- Advertisement -spot_img

තේ වෙලාවට චොක්ලට් ස්විස් රෝල්

තේ වෙලාවට - Chocolate Swiss Roll තේ වෙලාවට ගැළපෙනම දෙයක් තමයි ස්විස් රෝල් කියන්නෙ. රසම රස චොක්ලට් ස්විස් රෝල් එකක්...

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස් සේවාව හෙට (21) සිට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා පහත් මහලේ ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයෙන් (MMC) ආරම්භ කරන බව ප්‍රවාහන,...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you