Travelඅලුත් අවුරුදු නිවාඩුවට නුවරඑළියේ රවුමක්

අලුත් අවුරුදු නිවාඩුවට නුවරඑළියේ රවුමක්

-

spot_img

අලුත් අවුරුදු නිවාඩුවට නුවරඑළියේ රවුමක්

සිංහල, දමිළ අලුත් අවුරුද්ද උදාවීමට තව ඇත්තේ සති දෙකක් වැනි කාලයකි. අලුත් අවුරුදු කාලයත් සමග නුවරඑළියට උදාවන්නේ වසන්ත සැණකෙළියයි. දෙස් විදෙස් සංචාරකයන්ගෙන් නුවරඑළිය පිරී යන්නේ මේ කාලයේයි. මේ නිසා අපි කලින්ම ඔබවත් අරන් නුවරඑළියේ සංචාරය කරන්න හිතුවා. එන්න! අපිත් එක්ක නුවරඑළිය වටේ රවුමක් යන්න. ඉන්පසු මෙදා අවුරුදු නිවාඩුව ගත කරන තැන ඔබටම තීරණය කරන්න පුළුවන්. 

Nuwaraeliya

ග්‍රෙගරි වැවේ රවුමක්

ග්‍රෙගරි වැව නගරය ආසන්නයේම තිබෙන සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. මෙය වර්තමානයේදී පහසුකම් රාශියකින් සමන්විතය. ග්‍රෙගරි වැව ඉංග්‍රීසි පාලන සමයේ ජල ක්‍රීඩා සඳහා ඔවුන් විසින් භාවිත කළ ස්ථානයකි. පසුව නගරයට ජලය ලබා ගැනීමට ජලාශයක් බවට පත් කර ඇත. අද වනවිට සංචාරකයන් සඳහා මෙහි බෝට්ටු සවාරි යෑමට, විවිධ ක්‍රියාකරකම්වල යෙදීමට පහසුකම් සපයා තිබේ.

Nuwaraeliya

නුවරඑළියේ සංචාරක සිත් දිනූ තවත් ස්ථාන බොහොමයකි. හග්ගල මල් වත්ත, අඹේවෙල ෆාම්, හෝර්ටන් තැන්න, සීතා අම්මාන් කෝවිල, ලවර් ස්ලීෆ්, සඳතැන්න ආදී ස්ථාන රැසක් ඒ අතර වේ. එහෙත් නුවරඑළිය සංචාරය කරන ඔබට වෙනස්ම වූ අත්දැකීමකට මුහුණ දීමට කැමති නම් නගරය ආසන්නයේම තවත් අපූරු සංචාරක ප්‍රදේශ කිහිපයක්ද තිබේ. ඒ අතරින් සිංගල් ට්‍රී, නුවරඑළිය උසම ගම්මානය ශාන්තිපුර විශේෂයෙන්ම කැපී පෙනෙන ස්ථාන දෙකකි.

Nuwaraeliya

තරුණ පිරිස් වඩා කැමති සිංගල් ට්‍රී

සිංගල් ට්‍රී නුවරඑළිය මධ්‍යයේ පිහිටා තිබේ. නගරයේ සිට බදුල්ල දෙසට පැමිණෙද්දී මෙය තරණය කිරීමට ඔබට හැකිය. ඔබගේ පෞද්ගලික රථයේ ගොස් කිලෝමීටරයක් පමණ පා ගමනින් යා යුතුය. අධික සීතලෙන් යුක්ත සිංගල් ට්‍රී තරුණ පිරිස් අතර ඉතා ජනප්‍රිය ස්ථානයකි. විදේශිකයෝද මෙය තරණය කිරීිමට පැමිණෙති.

Nuwaraeliya

“සිංගල් ට්‍රී නගරයට ලොකු ආලෝකයක්. මේ කන්දේ දිය ඇල්ලක් කාලෙකට කඩා වැටෙනවා. එය හඳුන්වන්නේ ග්ලෙන්ඩ් ෆෝල් ඇල්ල කියලා. දැන් කන්ද උඩ ජනාකීර්ණ නිසා තද වැහි කාලෙට විතරක් ඒ ඇල්ල දකින්න පුළුවන්. මේ කන්ද මුදුනේ රජයට අයත් ආයතනයක් තියෙනවා. කන්ද නගිනවා නම් හොඳම වෙලාව සවස ඉර බැහැගෙන යනකොට. උඩට යන්න යන්න සීතලයි. සුළඟත් ඒ වගේමයි. හරිම අපූරුයි. තරුණ අය තමයි වැඩිපුරම එන්නේ. විදේශිකයෝ ආවම පැය ගණන් උඩට වෙලා ඉන්නවා.” එලෙස අප හා පැවසුයේ ගැමියෙකි.

Nuwaraeliya

උසම ගමට යන විදිය

නුවරඑළියේ උසම ගම්මානය ශාන්තිපුරය. මෙහි නැරඹුම් මැදිරියක්ද ඉදිකර තිබේ. එහි සිට නුවරඑළිය නගරය ඒ අවට හරි අපූරුවට දිස් වේ. මෙම ස්ථානයට සංචාරය කළ අපට දැන ගැනීමට හැකි වූයේ සති අන්තයේ හා විශේෂ නිවාඩු දිනවලදී සංචාරකයන්බොහෝ පිරිසක් (200 කට වැඩි ) පැමිණෙන බවය. ශාන්තිපුර අතීත කතාවක් සහිත ගම්මානයකි.

Nuwaraeliya

“මේ ගම සාදා තිබෙන්නේ නුවරඑළිය හිටපු නගරාධිපතිවරයකු වන විලියම් ප්‍රනාන්දු මහත්තයා. එතුමා මොරටුව ප්‍රෙද්ශයේ පුද්ගලයෙක්. නුවරඑළියෙ පුද්ගලික ආයතනයක තේ පෙට්ටි හදන සේවකයකු හැටියට තමයි මුලින්ම නුවරඑළියට ඇවිත් තියෙන්නේ. මෙතුමා පසු කලෙක සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගෙ කාල වකවානුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දය ඉල්ලා දිනලා තියෙනවා. ඒ කාලයේදී එතුමාට කල්පනා වෙලා තිබෙනවා උඩරට ඉන්න සිංහල ජනතාවට නුවරඑළියේ තැනක් නැතිවෙයි කියලා එහෙම හිතලා ශාන්තිපුර කියන මේ ප්‍රදේශය තෝරා ගෙන සිංහල ජනතාව විවිධ පැතිවලින් ගෙනැවිත් පදිංචි කරලා තියෙනවා. ගණ කැලයක් හැටියටයි මෙම ප්‍රදේශය තිබිලා තියෙන්නේ. මේ ප්‍රදේශයේ කැලෑව නිසා මිනිස්සු එන්න අකැමැති වෙලා. විලියම් මහත්තයා බලෙන් පදිංචි කරපු බව තමයි පැරැන්ණෝ කියන්නේ. ඒ විතරක් නෙවෙයි, මෙම ගම්මානයේ මාවත් 13ක් අපේ රජවරුන්ගේ නම්වලින් නම් කරලා තියෙනවා. ආරම්භයේ නිවාස 16ක් පමණ තිබුණත්, අද ජනාකීර්ණ ප්‍රදේශයක් බවට ශාන්තිපුර පත්ව තිබෙනවා.‘‘ ඒ දීර්ඝ විස්තරය අපට හෙළි කළේ එහිදී හමුවූ තවත් ගැමියෙකි.

වසන්ත සැණකෙළියට මෙදා නුවරඑළියේ යනවා නම් මල්වල සිරි විඳිනවා වගේම මෙවැනි අපූරු තැන් සොයා යන්නත් උනන්දු වෙන්න.

සටහන සහ ජායාරූප
ශාන් බන්දු වීරසිංහ

Latest news

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමයි

කොළඹ LNW: ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය...

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද?

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද? සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැව් ශ්‍රී...

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...
- Advertisement -spot_img

රත් දෝතළු – 80

රත් දෝතළු - 80 අහස් සමඟ මා මුහුණ පා ඇති ගැටළුව මම නොවළහා පැවසුවෙමි. ඔහු නිහඬවම අසා සිටියේ මට බාධා...

Time Loop යනු සැබෑවක්ද?

Time Loop යනු සැබෑවක්ද? - Sambhavam Adhyayam Onnu පසුගිය මාර්තු මස තිරගත වීම ඇරඹූ Sambhavam Adhyayam Onnu වෙනස්ම කතා තේමාවක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you