InterviewsTovino Thomas : ඔවුන් දවසක් මගේ බිරිඳ සහ දරුවන්ව...

Tovino Thomas : ඔවුන් දවසක් මගේ බිරිඳ සහ දරුවන්ව තල්ලු කරා

-

spot_img

Tovino Thomas මලයාලම් සිනමාව තුළ සිටින ආකර්ෂණීයම නළුවෙක්.ඔහු මලයාලම් සිනමාව තුළට විවිධත්වයක් එක් කළ රංගන ශිල්පියෙක්. මේ Tovino Thomas සමගින් සිදුකළ කතාබහක්.

• Tovino , ඉදිරියේ දී ඔබ දෙමළ චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වෙන්න බලාපොරොත්තු වෙනව ද?

ලොකු බලාපොරොත්තුවක් නැහැ. මලයාලම් චිත්‍රපට තමයි මට වැඩියෙන්ම වැදගත් වෙන්නේ. මගේ රසික පිරිස ඉන්නේ මලයාලම් සිනමාව තුළ. ඉතින් මට අවශ්‍ය එතැන ඉන්න.

• Abhiyude Kadha Anuvinteyum චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ BR Vijayalakshmi විසින්. ඔබ මෙතෙක් වැඩ කර තිබුනේ අධ්‍යක්ෂකවරුන් සමග පමණයි. ඔබ කොහොමද ඇය සමගින් කටයුතු කළේ?

මම ලිංගභේදය මත මිනිස්සු මනින්නේ නැහැ. මම ඕනෑම අයෙක් එක්ක සහයෝගයෙන් කටයුතු කරනවා. ඇය හොඳ නායකත්වයක් සැපයූවා. ඇය වැනි අත්දැකීම් සහිත අයෙක් හා වැඩ කරන්න ලැබීම වාසනාවක්.

• චිත්‍රපටයක රංගනයෙන් එක්වීමට පෙර ඔබ සලකාබලන කරුණු මොනවද ?

මම පිටපත කියවා බලනවා. මං ඒ කතාවට කැමති ද කියලා බලනවා. මම කැමතියි විවිධත්වයෙන් යුතු චරිත කරන්න.මුදල් සහ එය රසිකයන්ව සතුටු කරනවද කියන දේ ගැනත් මම හිතනවා.

Tovino Thomas 2

• චරිතයන් සඳහා පෙනුම වෙනස් කරන අයෙක් ලෙස ඔබ ප්‍රසිද්ධයි?

බාහිර පෙනුම තමයි මම කරන චරිතයේ පළමු පියවර. Make up කළාම Tovino නැති වෙලා ගිහින්, මම කරන චරිතය ඉස්මතු විය යුතුයි.

• ඔබ Fashion Icon එකක්. ගොඩක් තරුණයන් ඔබව අනුකරණය කරනවා. ඔබේ කොණ්ඩය, ඔබේ ඇඳුම්..

මට ලොකු කොණ්ඩයක් නැහැ. මගේ විලාසිතා සරලයි. මට සුවපහසු ඕනෑම ඇඳුමක් මම අඳිනවා. තරුණයන් ට මගේ විලාසිතා පහසු ඇති..

• කාන්තාවන් අතර ඔබ බොහොම ප්‍රසිද්ධයි ?

ඒක වර්ණනාවක්. ඇත්තෙන්ම මම හොඳ පෙනුම , සිරුර පවත්වාගැනීම වෙනුවෙන් වෙහෙස මහන්සිවෙලා කටයුතු කරනවා.

• ඔබ කේරලයේ ජනප්‍රියම මුහුණුවලින් එකක්. මේ ජනප්‍රියත්වය කරදරයක් වූ අවස්ථාත් ඇති?

ඒවා පෞද්ගලිකත්වය හා සම්බන්ධ දේවල් . මම මගේ පවුලේ අය එක්ක එළියට ගියාම මිනිස්සු මගේ photo ගන්නවා. ඔවුන් දවසක් මගේ බිරිඳ සහ දරුවන් ව තල්ලු කරා.මට ගොඩක් කේන්ති ගියා. ඔවුන්ට තේරෙන්නෙ නැහැ අපිටත් රිදෙන වග.

• මේ වන විට ඔබ මලයාලම් සිනමාව තුළ සිටින කාර්යබහුලම නළුවන්ගෙන් කෙනෙක්.ඔබ කවදා හෝ වැඩ නතර කරනවා ද?

මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මම හැමදාම වැඩ කරනවා .

-scroll.in ඇසුරෙනි –

Latest news

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක්

ගැහැණු සහ පිරිමි දරුවන් අපයෝජන සිද්ධි 9613 ක් 2026 සැප්තැම්බර් මාස 30 වෙනිදා වන විට ළමා ආරක්ෂක අධිකාරියට ගැහැණු සහ...
- Advertisement -spot_img

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක්

ඒ තැන හිත සනසන කෝපි සුවඳින් පිරුණු තැනක් - Kalyani Priyadarshan දකුණු ඉන්දීය සිනමාවේ සිටින ජනප්‍රියම තාරකාවන් අතර කල්‍යාණි ප්‍රියදර්ශන්ට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you