More
    NovelsSadewtharaSadewthara - 04 සදෙව්තාරා

    Sadewthara – 04 සදෙව්තාරා

    -

    spot_img

    “විශේෂයෙන්ම මට මේ ටික කියන්න ඕනේ. අපේ නිම්නා දුවගෙ වගේම,සදෙව් පුතාගෙ පවුලෙ අයත් මගේ බොහොම සමීප හිතවත්තු. ආන්න ඒ හිතවත්කමට සහ වගකීමට තමා මං ඕගොල්ලන්ට මේ විදිහට අවවාද කරන්න හිතුවෙ. කවුරුත් ඒක වරදවා තේරුම් ගන්න එපා. මගේ වයිෆ් දර්ශි තව පොඩ්ඩකින් මෙහේ ඒවී. ඒ ආවාම මං හැමෝටම අඳුන්වලා දෙන්නම්. අපේ නිම්නා දුවටයි මේ…….”

    සදෙව් ඇතුළු පිරිස අමතමින් සිටි සංචාරක බංගලාවෙ හිමිකරු වික්‍රම ජනාදර මොහොතකට එම කතාව නවතා වටපිට බලන්නට වූයේය.

    “කෝ අනිත් ගෑණු දරුවා…”

    “එයාගේ කකුල…….”

    යමක් කියන්නට ගිය මාලකගේ ඉන පෙදෙසට වැලමිටෙන් ඇන්න නිම්නා,

    “තාරගෙ කකුල පොඩ්ඩක් රිදෙනව කියලා තාම ඇඳේ….ඇවිදලා මහන්සියට වෙන්නැති..”

    නිම්නා කීයේ මවාගත් ආචාරශීලී බවක් බංගලා හිමිකරු වෙත පාමිනි.

    “මං කියන්න ගියේ මෙහේ නතරවෙලා ඉන්න ටිකේ මගේ වයිෆ් දර්ශි ඉන්නවා නිම්නා දුවගෙයි ඒ ළමයගෙයි ආරක්ෂාවට….”

    “තෑන්ක්ස් ෆෝ එව්රිතින්ග් අන්කල් ඇන්ඩ් සොරි ෆෝද ඉන්කන්වීනියන්ස්..අයි මීන් ඉෆ් යූ ෆීල් සම්තින්…”

    එසේ කීයේ සදෙව්‍ ය. නිම්නා ස්තූති පූර්වක බැල්මක් ඔහු වෙත හෙලාගෙන සිටියේය. සදෙව්ගෙන් ලැබුණේ තමා දැන් මේ දෙසුම නැවැත්විය යුතුය යන ඉඟිය බව වික්‍රම ජනාදර වටහා ගත්තේය.

    “දෙන් එන්ජෝයි යුවර් ට්‍රිප්….”

    කියා ඔහු යන්නට ගියේය. නිම්නා හුස්මක් ඉහළට ගෙන පහළට අත හැරියාය.

    “සොරි ගයිස්…මං දන්නවා අපි මේ ට්‍රිප් එක ආවේ එන්ජෝයි වෙන්න…නමුත් උදේ මාලකගෙයි,මිහිරගෙයි සිද්ධිය අපේ ගෙදරට ආරංචි වෙලා…ඒකයි තාත්ති වික්‍රම අන්කල්ට කියන්න ඇත්තෙ පොඩ්ඩක් හොයලා බලන්න කියලා..”

    “රියලී….කොහොමද මෙච්චර ඉක්මනට..”

    සදෙව් ඇසූයේ පුදුමයෙනි. මාලක ඇසක් ඉඟිමරා හිසෙන් සදෙව්ට මිහිර පෙන්වීය. නිම්නා එය දුටුවාය.

    “ඒක කොහොම වුණාද කියනෙක දැන් හොයලා වැඩක් නෑනෙ…ඉස්සරහට එහෙම දෙයක් නොවෙන තැනට වැඩ කරමු…”

    නිම්නා කියද්දී එය අනුමත කරන්නට සදෙව්ද හිස වැනුවාය. ඒ අතරතුර මාලකගේ ජංගම දුරකතනය නාද වන්නට වූයේය
    .
    “එක්ස්කියුස් මී….”

    කියා එයද කනේ ගසාගෙන ඔහු එතැනින් පිටව ගියේය.

    “මාත් පොඩ්ඩක් රූම් එක පැත්තට යනවා..”

    මිහිරද එසේ කියා මොහොතක් සදෙව් සහ නිම්නා දෙස බලා හිඳ යන්නට ගියේය.

    “මිහිර තාමත් ඉස්කෝලෙ කාලෙ හිටපු විදිහමයි නේද…”

    මඳ වේලාවක් මිහිර යන දෙස බලා සිටි නිම්නා ඇසුවේ සදෙව්ගෙනි.

    “ඇයි මාලකයා…ඌත් එමමයි…”

    කියා සදෙව් සිනාසුණේය. නිම්නා බලා සිටියේ,සදෙව්ගේ ඒ සැහැල්ලු සිනහව දෙසය.

    “ඔයත් එහෙමයි… ඒ හිනාවමයි…”

    නිම්නාට එසේ කියවුණාය. සදෙව් නිම්නා දෙස බැලූයේ එය කීවේ කා වෙනුවෙන්දයි සැක හැර දැනගැනීමට වුවමනා වූ නිසාවෙනි.

    “මං අහන්නමයි හිටියෙ සදෙව්… මාලකයි,මිහිරයි අතරෙ ඒ කාලෙ ඉඳල මොනාහරි ප්‍රශ්නයක් තිබුණද…”

    නිම්නාට අවශ්‍ය වූයේ මාතෘකාව වෙනත් අතකට හරවන්නටය.

    “මාලකයනම් ඉතිං කා එක්කද ප්‍රශ්න දාගත්තෙ නැත්තෙ..එදත් එහෙමයි..අදත් එහෙමයි…ඌ ජීවත්වෙන්න ප්‍රශ්න හොයන එකෙක්නෙ….මිහිරයා ජීවිතේ ප්‍රශ්න ටික ගොඩදාගන්න මාර ගේමක් දෙන එකෙක්…..”

    “මං දන්නෙ අයිය කෙනෙක් ඉන්නවා, එයා වැඩ කරන්නෙ මාලකලගෙ තාත්‍තගෙ කම්පැණි එකේ කියලා විතරයි…”

    “කම්පැණි එකක් කීවට රෙන්ටර් කාර් සර්විස් එකක්ලු….ඒ විස්තර තමා මං මිහිරයා එක්ක ඔයාලා එද්දි කතා කර,කර හිටියේ….ඉස්කෝලෙන් පස්සෙ ඌ ඔය මට සෙට් වුණාමයි…..”

    “මිහිරයි,අයියයි විතරද පවුලෙ ඉන්නේ..”

    “අම්ම ඉන්නව…ඒත් එයා ලෙඩ ගානෙලු…අයිය හරියට ඉගෙනගත්තු කෙනෙක් නෙවෙයිලු…ඒකයි මූ පට්ට ගේමක් ගහන්නෙ අයි.ටී සයිඩ් එක ඉගෙනගෙන රට පනින්න…”

    “මං අද වෙනකං එච්චර හරියක් දැනගෙන හිටියෙ නෑනෙ..”

    “මාත් වැඩි හරියක් අහලා දැනගත්තෙ අද තමා ”

    “ඒ අතින් බලද්දි අපිට මොන ප්‍රශ්නද නේද…තනිකරම ගෙදරින් යැපෙන ජීවීන් කොට්ඨාසයක්නෙ අපි….”

    නිම්නා එසේ කීවේ මද සිනා අතරේය.

    “කොහොමද ඌවත් ඔයාලගෙ පවුලෙන් යැපෙන ජීවියෙක් කරගත්තොත්..”

    සදෙව්ද එසේ කීයේ සිනාසෙමිනි.

    “නරකම නෑ…එතකොට දැන් ඔයා අර තාරා පැටියගෙ ඉනෙන් උස්ස,උස්සා මල් කඩන්නෙත් එහෙම අදහසකින්ද…”

    “අඩේහ්ං….ඒ ටිකට මේකී ඒකටත් පදයක් හදලා….”

    “අහපු දේට උත්තර දෙනවකො වටේ යන්නැතුව…”

    “පිස්සුද ඕයී…මං මේ ඒක එච්චර ලොකුවට හිතලා කරපු දෙයක් නෙවේ..”

    “මේහ්ං…මටත් පොඩි උදව්වක් කරනවකො සදෙව්….”

    සදෙව් හිසෙන් “ඒ මොකක්ද”කියා ඇසුවේය.

    “මගෙත් පොඩ්ඩක් ඉනෙන් අල්ලලා උස්සනවකො පොඩ්ඩක් ඒ ෆීලින් එක මොකක්ද කියලා දැනගන්න…”

    “ඕනේනම් මං උඔව බෙල්ලෙන් අල්ලලා අර කන්දෙන් පහලට දාන්නම්…අරකට වඩා ඒ ෆීලින් එක මාරෙට තියෙයි….”

    එසේ කියා සදෙව් නිම්නාගෙන් තරමක් ඉවතට ගියේය. නිම්නා සදෙව් පසුපස පන්නමින් ඔහුට පහර දෙන්නට වූවාය.

    කකුල අද්දමින් නිම්නා සහ සදෙව් සිටින දෙසට එමින් සිටි තාරා ,එම දර්ශනය දැකීමෙන් ආපසු හැරුණාය. ඇය තමන් දෙසට ඇවිද එන මිහිර දුටුවේ ඒ මොහොතේය.

    “කකුල හුඟක් අමාරුද…”

    මිහිර ඇසූයේ තාරාගෙනි. තාරා මඳ සිනහවකින් යුතුව මිහිර දෙස බැලුවාය.

    “නෑ.. ඇඟිල්ල පොඩ්ඩක් කැපිලා.. එච්චරයි..”

    “සොරි තාරා…”

    “ඇයි ඔයා සොරි කියන්නෙ…”

    “රූම් එකට තට්ටු කරපු එකට..”

    “මමනෙ ඔයාට සොරි කියන්නෝනෙ..මං නිසා ඔයයි,මාලකයි අතර ප්‍රශ්නයක් වුණානෙ…”

    “ඒක එච්චර හිතන්නෙපා…වැරැද්ද මගෙ අතේ…”

    තාරා සුපුරුදු සිනහව වතෙහි ඇඳගත්තාය.

    යමක් කතා කිරීමේ අවශ්‍යතාවය මිහිරට තදින් දැණුනේය.

    “ඔයා මොනාද දැන් කරන්නෙ…”

    “කාමරේට යන්න කියලා හැදුවේ..”

    මිහිරගේ මුවට ක්ෂණික සිනහවක් නැඟ ආයේය.

    “ඇයි..”

    තාරා කුහුලෙන් යුතුව ඇසුවාය.

    “මං ඇහුවෙ මේ දැන් කරන්න යන දේ නෙවේ ළමයෝ….ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සෙ…ස්ටඩීස්,ජොබ් එකක් වගේ මොනාහරි කරනවද කියලා….”

    තාරාගේ මුහුණ ක්ෂණිකව නැඟ ආ ලැජ්ජාවකින් රතුව ගියාය.

    “ආයුර්වේඩික් කෝස් එකක් කරා… ”

    “කෝස් එක ඉවරද..”

    “ප්‍රැක්ටිකල්…නිම්නලාගේ හොස්පිට්ල් එකේ….”

    “ආහ්ං…ඒකයි එහෙනම් කකුලට තනියෙන් බේත් බැඳගෙන තියෙන්නෙ නේද..”

    එයටද තාරාගේ පිළිතුර සිනහවක් පමණක් වූවාය.

    “මට මතක විදිහට ඔයාලයෙ අම්මත්…”

    “ආයුර්වේඩික් ඩොක්ටර් කෙනෙක්…”

    “කොහෙද දැන් වැඩ..”

    “නිම්නලායෙ හොස්පිටල් එකේම තමා..”

    “ඔයාටත් එහෙනම් ඉක්මනින් ඩොක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්..”

    “ඩොක්ටර් කෙනෙක් වෙන්නම නෙවේ..සීයගෙ ආසාව නිසා…”

    “ඒ කිව්වේ… ”

    “මගේ සීය වෙද මහත්තයෙක්…අම්ම වගේම මාත් වෙද,හෙදකම් ඉගෙනගන්නවට තමා සීයා ආස…මටයි,අම්මටයි සීයා ඇර වෙන කවුරුත් නෑනේ.. ”

    තාරා මේ තරම් කතා කරනවා මිහිර අසා සිටියේ පළමු වතාවටය. සාමාන්‍යයෙන් ඇය නිහඬ චරිතයකි. සුලු දෙයටත් තිගැස්සෙන,බියට පත්වන සංවේදී තරුණියකි. මිහිර වඩාත් ඇළුම් කරන්නේ ඇගේ මේ තැම්පත්,ප්‍රියමනාප හැසිරීමටයි. සිය මවට පසුව මිහිරට ගැහැණියක කෙරේ පැහැදුණු සිතක් ඇති වූයේනම්,ඒ තාරා කෙරෙහිය. මෙතෙක් වේලා ඇය සමඟ කතාබහ කරන්නට තිබූ එකම හේතූව ඒ සමීප බව මිස අන් කිසිවක් නොවන බව මිහිර දැන සිටියේය.

    “මං ගිහිං එන්නං මිහිර…”

    තාරාගේ හඬ මිහිරගේ කල්පනා දැහැන බිඳ දැමුවේය. ඔහු හිස සැලුවේය. පිටව යන්නට ගිය තාරාගේ පය පැකිලී ඇය වැටෙන්නට ගියාය.

    “පරෙස්සමෙන්….”

    මිහිර ඇගේ උරහිසෙන් අල්ලා ඇයට සහය වෙමින් කීවේය. ඇය ස්තූති පූර්වක බැල්මෙන් මිහිර දෙස බැලුවාය.
    ඒ මොහොත මාලක රහසිගත තැනෙක සිට තමන්ගේ ජංගම දුරකතනයේ ජායාරූපයක් ලෙස සටහන් කරගත්තේය.

    Latest news

    ඉන්දීය ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ගුවන් යානයක් කටුනායකට

    ඉන්දීය " ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් අද දින උදෑසන කටුනායක ගුවන්...

    උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ

    උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ අද උදෑසන 10යි 26ට පමණ රික්ටර් මාපාංක ඒකක 6යි දශම 6ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයක්...

    බදුල්ල ප්‍රදේශයේ නාය යෑම්වලින් පුද්ගලයින් 11ක් ජීවිතක්ෂයට

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 07 ක සිදු වූ නාය යෑම්වලින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව...

    ඩේසිගේ නඩු කටයුතු සඳහා මානසික වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝගයක්.

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අය නඩුවකට පෙනී සිටීම...
    - Advertisement -spot_img

    සතුට තමයි මගේ ජිවිතේ අංක එක

    සතුට තමයි මගේ ජිවිතේ අංක එක - Shraddha Kapoor කලා පවුලක සාමාජිකාවක් වුණ ශ්‍රද්ධා කපූර්ව ගොඩක් දෙනෙක් හඳුනගන්නෙ ආශිකී 2...

    ඉන්දීය ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ගුවන් යානයක් කටුනායකට

    ඉන්දීය " ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් අද දින උදෑසන කටුනායක ගුවන්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page