More
    NovelsSadewtharaSadewthara - 03 සදෙව්තාරා

    Sadewthara – 03 සදෙව්තාරා

    -

    spot_img

    තාරා ඇඳ වියලට හේත්තු වී සිය කකුල් දිගහැර හිඳින්නීය ඇගේ එක් කකුලක මහපටැඟිල්ල වෙලා තිබේ. නිම්නා යාබද ඇඳෙහි සිට ඈ දෙස බලා සිටින්නේ දෙකම්මුල් මත දෑත් ගසාගෙනය.
    තාරා සිය දෙතොල් සොලවමින් කිසිවක් මුමුණනු නිම්නා දකී.

    “දැන් මොනාද ඔය මපට් එකක් වගේ තනියම කියවන්නේ…”

    “ම්ම්… ඈ…”

    නිම්නා අසද්දී තාරා ගැස්සී එසේ ප්‍රතිචාර දක්වද්දී නිම්නා දෙකම්මුල් වලින් දෑත් මුදාගෙන ඉනේ තබා ගත්තාය.

    “හයියෙන් හුළඟක් ආවත් ගැස්සෙනවා.. තාරාවෙක් වගේ තනියෙන් පී… පී.. ගගා ඉන්නැතුව කියනවකො මොකද වුණේ කියලා…”

    “සදෙව් මගෙ ඉනෙන් අල්ලලා ඉස්සුවා.. ඊට පස්සෙ පීරිසිය බිඳුණා….”

    නිම්නාගේ සිනහව මහ හඬින් පුපුරා ගියාය. ඇය හිද උන් තැනින් නැඟිට, බිත්තියට වාරු වී ඇති පදම් හිනාවෙන්නට පටන් ගත්තාය.

    “ඇයි…”

    තාරා ඇසූයේ පුදුමයෙනි. සිනහව අමාරුවෙන් මැඬ ගනිමින් විත්,නිම්නා තාරාගේ ඇඳ කොනක වාඩිවූවාය.

    “මොන වර්ගයේ කුණුහරුපයක්ද බං ඒ කිව්වේ…”

    “ඔයා ඇහුව එකටනෙ අනේ…”

    නිම්නා සිය ඇඟිල්ල තාරාගේ වෙලුම් කොට ඇති පාදය වෙත දිගු කර,

    “එතකොට මේ මොකද වුණේ කියලත් කියහංකෝ එහෙනම්..”

    කියා ඇසුවාය.

    “එයා මාව බිමින් තියද්දි පීරීසියෙ කෑල්ලකට කැපිලා…”

    නිම්නා හිස දෙපසට සලමින් මද වේලාවක් තාරා දෙස බලා හිඳ,ඇගේ මුහුණට එබී නිකටෙන් අල්ලා සොලවමින් කතා කරන්නට වූවාය.

    “මගෙ තූටි ටාරා පැටියෝ… ඉස්සෙල්ලාම මට මේක කියපංකෝ… උඔලා දෙන්නා උදේ පාන්දර ජිම්නාස්ටික් සෙල්ලම් කරාද…එහෙම නැත්තං උඔව මෙහෙම එකපාරටම උඩ යන්නයි,බිම වැටෙන්නයි විදිහක් නෑනේ…”

    “නෑ…අනේ…මං මල් කඩ,කඩා හිටියෙ.. කවුද දන්නෙ එයා පිටිපස්සෙන් ඇවිත් මාව උස්සයි කියලා….”

    නිම්නා සිය නළලට කිහිපවරක් අත්ලෙන් තට්ටු කරගන්නට වූවාය.

    “ඇති යාන්තම් ඒ ටික හරි කියාගන්න පුළුවන් වුණා… තව ටිකක් හිටියනම් මගෙ මොලේට සමනල ගැටේ වැටිලා තමා නතර වෙන්නෙ…”

    තාරාගේ මුවට පියකරු සිනාවක් නැඟ ආවාය. එම සිනහවට ඇගේ දෙකම්මුල් වල මස් පිඩු රවුම් වී රතු පැහැ ගත්තාය. නිම්නා ඇගේ කම්මුල් වලින් අල්ලා මිරිකන්නට වූවාය.

    “ඔහොම හිනාවෙද්දි ඉතිං මොන කොල්ලටද උස්සං යන්න හිතෙන්නැත්තෙ..”

    “කතා හදන්නෙපා අනේ… එයා හැදුවෙ මට උදව් කරන්න…”

    “හරි..හරි.. ඉතිං මං කීවයැ දැන් අතවර කරන්න හැදුවා කියලා…”

    අනේ.. නිම්නා…”

    තාරා එසේ කීයේ නෝක්ක්කාඩු ස්වරූපයෙනි. නිම්නා තාරාට සමාන්තරව ඇඳ වියලට හේත්තු වූවාය.

    “මං පොඩි ප්‍රශ්නයක් අහන්නම්. අවංකවම උත්තර දෙනවද…”

    තාරා හිස වැනුවාය.

    “සදෙව් ඉනෙන් අල්ලද්දි ඇත්තටම ඔයාට ඒක දැණුනෙ කොහොමද…”

    තාරා,මුහුණ හකුලා යමක් කියන්නට සැරසුනද,ඊට පෙරාතුව නිම්නා කතා කළාය.

    “දැන් අවංකවම උත්තර දෙනවා කියලා ඔලුව වැනුවා නේද….”

    “මං බයවුණා අනේ…ඒකනෙ පීරිසියත් බිම වැටිලා බිඳිලා, කකුලත් කැපුණේ..”

    “වෙන්න බෑනේ…”

    නිම්නා කම්මුලට ඇඟිල්ලකින් තට්ටු කරමින් කල්පනාවක නිරත වන බව පෙන්වන්නට වූවාය.

    “ඇත්තමයි නිම්නා..එහෙම තමා වුණේ..”

    “ඒත් ඔය හින්දි ෆිල්ම් වල වෙන්නෙ එහෙම නෙවේනේ…කොල්ලා ඇවිත් ඉනෙන් ඇල්ලුවාම කෙල්ලගෙ මුළු සර්වාංගයම පණ නැතුව ගිහිං කොල්ල පැත්තට හැරෙනවා… දෙන්න මූණෙන් මූණ බලාගෙන ඉන්නවා… ඊට පස්සෙ සිංදුවක් යනවා….”

    තාරා මහ හඬින් සිනාසෙන්නට වූවාය. ඈ එසේ සිනාසෙනු නිම්නා දුටුවේ කලකට පසුවය. එය ව්‍යාජ එකක් නොවන බව නිම්නා හැඳින්නාය. ඇය තාරා දෙසම බලා සිටියාය. එය හිස් බැල්මකි. කිසිඳු හැඟීමක් නොලියවුණු බැල්මකි. සිනහව අතරතුර තාරා එය දුටුවාය. ක්ෂණයකින් ඇගේ සිනාව මුහුණෙන් මැකී ගියාය.

    “නිම්නා…”

    තාරාගේ ඒ හඬට සැබවින්ම එවර ගැස්සුණේ නිම්නාය.

    “ඇයි නිම්නා…”

    තාරා නැවත ඇසුවාය.

    “මටත් ඔහොම කිසිම බරක් නැතුව හිනාවෙන්න ආසයි කෙල්ලේ…”

    එසේ කියූ නිම්නාගේ හඬෙහි පෙර තිබූ ජවය හෝ කෙළිලොල් ගතිය තිබුණේ නැත. තාරා යමක් අසන්නට සැරසෙත්ම, නිම්නාගේ ජංගම දුරකතනය නද දෙන්නට වූවාය. නිම්නා ජංගම දුරකතනයේ මුහුණතට එබී බලා,

    “වන් සෙකන්ඩ් තාරා… තාත්තී….”

    කියා දුරකථනයද රැගෙන කාමරයෙන් පිටව ගියාය.

    සිය ජංගම දුරකතනය කනේ ගසාගෙන ඇවිද ආ මාලක, උද්‍යනයේ තැනෙක කතාබහ කරමින් සිටින සදෙව් සහ මිහිර දැක හිටිවනම නතර වූයේය.

    “මේ උගුඩුවා නැති තැනක් නෑනේ යකෝ…”

    කියා මාලක කෝපයෙන් කීයේ ජංගම දුරකතනයද කනේ තබාගෙනය.

    “නෑ අනේ අරූ….ඔයාට උගුඩුවා කියන්න මට පිස්සුද….තාත්තෙ…වැඩකට නැති දේවල්වලට එල්ලෙන්නැතුව ඉන්නකෝ…හරි ඉතිං…දැන් මං කිව්ව නිව්ස් එක නිම්නලාගේ ගෙදරට දුන්නද….එහෙනම් එච්චරයි… ඉස්සෙල්ලාම මූව සීන් එකෙන් අයින් කරන්නෝනෙ නැත්තං අපේ ප්ලෑන් ඔක්කොම වතුරේ….තාත්තගෙ හදිසියට මේවා කරන්න බෑ තාත්තෙ…..”

    කතාබහ අතරතුර මාලක තමන් දෙසට ඇවිද එන නිම්නා දකී.

    “තාත්තෙ මං පස්සෙ ගන්නම්…”

    කියා දුරකතන විසන්ධි කරයි. අනතුරුව මවාගත් සුහඳශීලී මුහුණකින් නිම්නා එන පෙරමඟට ගමන් කරයි.

    “මොකෝ ඔයා තනියම…”

    නිම්නා ඇසූයේ මාලකගෙනි.

    “මොන තනියක්ද ඔයා ඉන්නේ..”

    “ආහ්ං…එතකොට මේ අර දෙන්න අරහෙ ඉද්දි ඔයා මෙතන හිටියෙ මගේ තනිකං දෝස මකන්නද…”

    “ඇයි එපාද…”

    ” පාළු කපන්න කෙනෙක් ඉන්න එකත් වරදක් නෑ ඉතිං ..”

    “ආන්න ඒකයි…. අරූ ආවේ නෑනේ ආයෙ දොරට තට්ටු අරන්න…”

    “අරූ කිව්වෙ… මිහිරටද…”

    “වෙන මොකාටද ඉතිං…”

    “මිහිර ඇවිල්ලා තට්ටු කරානම් තව කමක් නෑ… ගෙදරින් තට්ටු කර,කර අහනෙක තමා ඉවසන්න බැරි…”

    “මට හරියට තේරුණේ නෑ…”

    මාලක එය ඇසූයේ කපටි බැල්මක් නිම්නා වෙත හෙලන අතරවාරයේය.

    “ඔයා එදා මිහිරත් එක්ක පැටලිච්චි කතාව ගෙදරට කිව්වද…”

    “පිස්සුද නිම්නා.. මං මොකටද ඒවා ඔයාලගෙ ගෙදරට කියන්නෙ…”

    “මං ඇහැව්වෙ අපේ ගෙදරට නෙවේ ඔයාලගෙ ගෙදරට කිව්වද කියලා…”

    නිම්නාගේ පැනයෙන් මාලක තරමක් අපහසුතාවයට පත් වනු,නිම්නාගේ නිරීක්ෂණ දෑසට හසුවූවාය.

    “මං නම් කිව්වේ නෑ….ෂුවර් එකටම සුදනා වෙන්න හිතාගෙන අරූ උන්ගෙ අයියට කියන්නැති…එහෙම කිව්වනම් ඉතිං ආයේ දෙකක් නෑ ඌ අපේ තාත්තගෙ කණේ තියනවා….තාත්තා ඔයාලයෙ තාත්තගෙ කණේ තියනවා… එයාලා මැන්ගො ෆ්‍රෙන්ඩ්ස් නෝ…..”

    සැහැල්ලුවෙන් මාලක එසේ කියා දැම්මද ඔහුගේ වචන තුළ කියූ තරම් විශ්වාසයක් ගැබ්ව තිබුණේ නැත.

    “මොකක්ද අනේ ඔය කතා කරන විදිහ..අරූ,මූ කිය,කියා….”

    “ඔයා කියන්නෙ මට ඌට සර් කියලා කතා කරන්න කියලද.. උගෙ අයියා වැඩ කරන්නෙ මගෙ තාත්ත යටතේ….”

    “මාලක දන්නවනෙ තාරගෙ අම්මා වැඩ කරන්නෙ මගේ තාත්තිගෙ කම්පැණියෙ..ඒ ගොල්ලො කරන්නෙ රස්සාවක්…ඒක අපේ යාළුකම් වලට බාධාවක් කරගන්නෙ මොකටද….”

    “ඒක තමයි ඔයාගේ වැරැද්ද නිම්නා…ඔයයි,මමයි,සදෙව් වගේ නෙවේ ඒ දෙන්නා…අපි අපේ රෙස්පෙක්ට් එක තියන් ඉන්නෝනෙ…අපේ තාත්තනම් ඔය ඩබල එක්ක මං ට්‍රිප් එක එනවට කැමති වුණෙත් නෑ…”

    “හොඳ වෙලාවට සදෙව්ගෙ තාත්තයි,අපේ තාත්තයි මේක ඇරේන්ජ් කරේ…නැත්තං ඔයා අපිවත් හලලා තනියම ට්‍රිප් එක එයි නේද….”

    නිම්නා එසේ කියද්දී, මාලකගේ මුහුණ අව පැහැයට හැරී ගියේය. නිම්නා බැලූයේ සදෙව් සහ මිහිර සිටිනා ස්ථානය දෙසය. ටයි කෝට් පැළඳගත් තලතුනා වියේ පුද්ගලයෙකු පැමිණ ඔවුන් දෙදෙනා සමඟ කතා කරනු නිම්නා නිරීක්ෂණය කළාය. පසුව සදෙව් තමන් සිටින දිශාව පෙන්වන අයුරුද දුටුවාය. ඊළඟ නිමේෂයේ ටයි,කෝට් පැළඳි පුද්ගලයා අත්පොඩි ගසා ඔවුන් දෙදෙනාට කතා කරන්නට වූයේය.
    නිම්නා මාලක දෙසට හැරුණාය.

    “මං කියන දේ හොඳට අහගන්න මාලක..අපේ ගෙදරින් කේස් එක වික්‍රම් අන්කල්ට හෑන්ඩ් ඕවර් කරලා වගේ….එයා මොනව ඇහුවත් ඔයයි,මිහිරයි අතර කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ…එච්චරයි…එන්න දැන් යං…”

    නිම්නා,මාලකගේ අතින් ඇදගෙන සදෙව්ලා සිටින දෙසට ගමන් කරන්නට වූවාය.

    Latest news

    ඉන්දීය ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ගුවන් යානයක් කටුනායකට

    ඉන්දීය " ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් අද දින උදෑසන කටුනායක ගුවන්...

    උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ

    උතුරු සුමාත්‍රා දූපත් ආසන්නයේ අද උදෑසන 10යි 26ට පමණ රික්ටර් මාපාංක ඒකක 6යි දශම 6ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයක්...

    බදුල්ල ප්‍රදේශයේ නාය යෑම්වලින් පුද්ගලයින් 11ක් ජීවිතක්ෂයට

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 07 ක සිදු වූ නාය යෑම්වලින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව...

    ඩේසිගේ නඩු කටයුතු සඳහා මානසික වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝගයක්.

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අය නඩුවකට පෙනී සිටීම...
    - Advertisement -spot_img

    සතුට තමයි මගේ ජිවිතේ අංක එක

    සතුට තමයි මගේ ජිවිතේ අංක එක - Shraddha Kapoor කලා පවුලක සාමාජිකාවක් වුණ ශ්‍රද්ධා කපූර්ව ගොඩක් දෙනෙක් හඳුනගන්නෙ ආශිකී 2...

    ඉන්දීය ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ගුවන් යානයක් කටුනායකට

    ඉන්දීය " ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් අද දින උදෑසන කටුනායක ගුවන්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page