Newsවැලිකඩ රැඳවියාගේ මරණයට බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙක් අත්අඩංගුවට

වැලිකඩ රැඳවියාගේ මරණයට බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙක් අත්අඩංගුවට

-

spot_img

මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියට අදාළව එම බන්ධනාගාරයේ නියාමකවරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බොරැල්ල පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ.

මියගිය රැඳෙවියා පසුගිය තුන්වන දින වැලිකඩ බන්ධනාගාරයේ පිරිසිදු කිරීමේ කටයුත්තක් අතරතුර පලාගොස් තිබූ අතර එහිදී එම රැදෙවියා බන්ධනාගාර නිලධාරීන් විසින් යළි සිය භාරයට ගෙන තිබුණි.

පසුව රැඳවියා හදිසියේ රෝගාතුර වී තිබූ අතර ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණි.

කෙසේවෙතත් අදාළ රැඳවියාගේ ඥාතීන් චෝදනා කළේ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුට පහරදීමක් සිදුකර ඇති බවයි.

ඒ අනුව සිද්ධියට අදාළව වැලිකඩ බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරු වී වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවමේ නියම වී සිටි අතර ඔහු සිය දඬුවම් කාලයේ අවසන් සාමය ගෙවමින් සිට ඇත.

එලෙස මිය ගියේ බොරැල්ල, මැගසින් පාරේ පදිංචිව සිටි ඕෂධ සංජීව නමැති වයස අවුරුදු 40ක් වූ පුද්ගලයෙකි.

මෙම මරණය සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් පවසන්නේ අදාළ රැඳවියාට පහර දී ඇති බවයි.

මියගිය රැඳවියාට දඬුවම් ලැබී ඇත්තේ මාස තුනකට වන අතර එම දඬුවම් කාලයෙන් මාස එකහාමාරක කාලයක් ගත වී ඇති අතර ඒ අතරතුර රැඳවියා බන්ධනාගාරයෙන් පලාගොස් ඇති අතර ඔහුගේ නිවස ආසන්නයේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ. එම අවස්ථාවේදීද නිලධාරීන් විසින් රැඳවියාට පහර දී ඇති අතර බන්ධනාගාරයට ගෙන ගොස් නැවත පහර දී ඇති අතර අසනීප වීම හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබෙන බව සඳහන්.

අනතුරුව බන්ධනාගාර රෝහලේදී ආටඃආආආ ලබමින් සිටියදී මියගොස් තිබුණි.

Latest news

මන්ත්‍රී වැටුප වැඩිවීම බොරුවක්

මන්ත්‍රී වැටුප වැඩිවීම බොරුවක් ඉන්ධන දීමනාව වර්තමාන මිලට ගැලපීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපේ යම් වැඩිවීමක් සිදුවී ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය...

සූදු වෙබ් අඩවි 24 ක් තහනම්

සූදු වෙබ් අඩවි 24 ක් තහනම් වලංගු බලපත්‍රයක් රහිතව නීති විරෝධි ආකාරයෙන් සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවා පවත්වා ගෙන ගිය...

විනිසුරු විශ්‍රාම වයසට එරෙහි රනිල්ගේ යෝජනාව

විනිසුරු විශ්‍රාම වයසට එරෙහි රනිල්ගේ යෝජනාව විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස වැඩි කිරීමේ තීරණයට එරෙහිව එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනාවක් සම්මත කර...

වී වලට මිල සූත්‍රයක්

වී වලට මිල සූත්‍රයක් ආණුඩුව පෙන්වා දෙන ආකාරයේ ලාබයක් වී ගොවිතැන තුළින් ගොවියාට නොලැබෙන බවත් වී සඳහා ලබා දෙන සහතික...
- Advertisement -spot_img

සූදු වෙබ් අඩවි 24 ක් තහනම්

සූදු වෙබ් අඩවි 24 ක් තහනම් වලංගු බලපත්‍රයක් රහිතව නීති විරෝධි ආකාරයෙන් සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවා පවත්වා ගෙන ගිය...

එල්නිනෝ එක්ක එන ලෙඩරෝග

එල්නිනෝ එක්ක එන ලෙඩරෝග - Diseases with El Nino ස්වාභාවික සංසිද්ධි අපට වැළැක්විය නොහැකිය. ඒ උදෙසා කළ යුත්තේ පෙරතියා සූදානම්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you