තට්ටු 11කින් යුත් මෙම දැවැන්ත නෞකාව සිය සංචාරයේ මීළඟ අදියර ලෙස කොළඹ වරාය වෙත ළඟා වීමට නියමිතව තිබුණි.මෙම නෞකාව “The Curious and the Sea” නමින් දින 141ක ලෝක සංචාරයක නිරතව සිටින අතර, පසුගිය (07)වැනිදා ත්‍රිකුණාමල වරායට පැමිණීමෙන් අනතුරුව ඊයේ (09) උදෑසන සිට ගාල්ල වරායේ නැංගුරම්ලා තිබුණි.



