Interviewsකාන්තාවන් ගැන කතාකරන චිත්‍රපටි සාර්ථක නැහැ

කාන්තාවන් ගැන කතාකරන චිත්‍රපටි සාර්ථක නැහැ

-

spot_img

කාන්තාවන් ගැන කතාකරන චිත්‍රපටි සාර්ථක නැහැ – Taapsee Pannu

නිරූපිකාවක් ලෙස වෘත්තිය ජීවිතය ඇරඹූ Taapsee Pannu තෙළිඟු සිනමාවෙන් රංගනයට පිවිස, ටික කළකින්ම දෙමළ, හින්දි සිනමාව තුළද ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත්වුණා. එකිනෙකට වෙනස් චරිත වලින් ප්‍රේක්ෂකයින් හමුවට පැමිණි ඇය, චිත්‍රපට ක්ෂේත්‍රය තුළ කාන්තාවන්ට සීමා පනවා ඇති බව පවසන අතර ගුණාත්මක සිනමාව වැළඳ ගන්නා ලෙසින් ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වසරේ පෙබරවාරි මස තිරගත වූ Assi චිත්‍රපටයේ ඇය හිංසනයට පත් ගුරුවරියක වෙනුවෙන් පෙනී සිටින Raavi නම් නීතීඥවරියගේ චරිතය තුළින් ප්‍රේක්ෂකයින් හමුවට එනවා.

• ඔබ මීට පෙරත් අනුභාව් ගේ Mulk (2018) චිත්‍රපටයේ නීතීඥවරියක් විදිහට රඟපෑවා. නමුත් Raavi කියන්නෙ ඊට වඩා වෙනස් චරිතයක් ?

Mulk චිත්‍රපටයෙ ආරතීට වඩා රාවි ගොඩක් වෙනස් බව පේනවා. ඇය දිනපතාම ඒ වගේ නඩුවලට මුහුණ දෙන කෙනෙක්. ඉතින් මට සිද්ධ වුණා සංවේදී වෙන්න. Court room එකේදි මට දැණූනෙ ඇත්තටම නඩුවකට පෙනී ඉන්නව වගේ. චූදිතයට උදව් කරන්න ඕනෙ කියලා දැණුනා. ගැහැණියක් විදිහට ඔයාට කොතැනකම හරි අපරාධයක් ගැන ඉතිහාසයක් තියෙනවා. ඔයා දිහා නරක විදිහට බලපු ඇස් ගැන ඔයා දන්නවා. ඒවා වේදනාවක්. අමිහිරි මතකයක්.

Taapsee Pannu

• ඔබ අවදානමේ සහ ශක්තියේ මිශ්‍රණයක්. කොහොමද එහෙම වුණේ?

මම දැන් රූගත කිරීමකට පස්සෙ දැනෙන stress එක control කරගන්න දන්නවා. රූගත කිරීම් කරනකොට ඒ දේවල් ගැන කතා කරන්න බැහැනේ. මම පුහුණු නිළියක් නෙමෙයි. මට ඕනෙ අව්‍යාජ, සැබෑ රඟපෑමක් කරන්න. ඒකට මානසිකව සූදානම් වෙන්න ඕනේ. ඉතින් චරිතය කරාට පස්සෙ වුණත් මට ඒ බලපෑම දැනෙනවා. මම සම්පූර්ණයෙන්ම එයින් ඉවත් වෙන්නෙ නැහැ. හැම චිත්‍රපටියකටම පස්සෙ මම වෙනස් වෙනවා. ලෝකය කැමති බිඳ වැටිලා ශක්තිමත් වෙන මිනිස්සුන්ට උනත්, මට ඒක කරන්න බැහැ. අවදානම කියන්නෙ මාව ආරක්ෂා කරන දෙයක්. අපි අවදානමක් ගන්නෙ නැත්තම් අපිට ඉදිරි ගමනකුත් නැහැ. චිත්‍රපටිවලදි මම ඒ අවදානම සහ මගේ ශක්තිය බැලන්ස් කරන්න උත්සාහ කරනව. හැබෑ චරිතය මතුවෙන්නෙ එතකොට.

• මේ අවුරුදු ගණන පුරාවට ඔබ ආඩම්බර වෙන්න පුළුවන් වැඩ කොටසක් කරලා තිබෙනවා.

මට නිළියක් වෙන්න අදහසක් තිබුණෙ නැහැ. මම ඉගෙන ගත්තෙ රඟපෑමෙන්මයි. ඒක අමාරු දෙයක්. මේ රස්සාව එක්ක එන හැමදේකටම මම සූදානම් නෑ. කාලයත් එක්ක මට තේරුණා මම හොඳට වැඩ කරනව කියලා. මගේ පෙනුම, පෞරුෂය, කතාබහ මේ හැමදෙයකම අනන්‍ය බවක් තියෙන්න ඕන. රාමුවකට කොටු වූ නිළියක් වෙන්න සහ, තිරයෙන් පිට වෙනස්ම කෙනෙක් වීම මට කරන්න බැරි දෙයක්. මම ඒ ගැන ආඩම්බරයි වගේම මට ලොකු වැටුපක්, බැංකු ශේෂයක් අවශ්‍ය නැහැ. මම සාමෙන් ඉන්නවා. ඒක තමයි මිනිස්සු අවතක්සේරු කරන සුඛෝපභෝගීත්වය.

Taapsee Pannu

• Assi, Pink, Thappad මේවා ක්‍රියාකාරින් (activists) ගැන කතා විදිහට වර්ගීකරණය වෙලා තිබෙනවා?

හැමදෙයක්ම කාණ්ඩයකට කොටු කරන එක මිනිස්සුන්ගෙ විදිහ කියලා මට හිතෙනවා. දෙයක් වර්ගීකරණය නොකර ඉන්න එක අමාරුයි. අපි කවුද, මොන වගේද කියලා අනුමාන කරන්නත්, චිත්‍රපටියක් කලාත්මක, වාණිජ විදිහටත් ලේබල් කරන්න කැමතියි. මේ වර්ගීකරණ කාන්තාවන් ගැන චිත්‍රපටි සඳහා බලපානව වැඩියි කියලා මම හිතනවා. හැම කතාවක්ම පණිවිඩයක් ලබා දෙනවා.

• Anubhav Sinha සහ ඔබේ සහයෝගය විශිෂ්ට චිත්‍රපටි නිර්මාණය කරලා තියෙනවා. අධ්‍යක්ෂකවරයාගේ අදහස් කලාකරුවාට වැදගත් වෙන්නෙ කොහොමද?

අධ්‍යක්ෂකවරයා තෝරගන්න තේමාවත්, මට ලබාදෙන පිටපතත් නිසා වැඩෙන් බාගයක් සම්පූර්ණයි. අධ්‍යක්ෂකවරයා කියන දේ කරන එක කලාකරුවෙකුගෙ යුතුකම. මම එයත් එක්ක එකඟ වෙලා අවසන්. ඒ නිසා මම සීමාවෙන් පිට ප්‍රශ්න අහන්නෙ නැහැ. චරිතය හරහා මම නිර්මාණය කරන බලපෑමේ ගෞරවය අධ්‍යක්ෂවරයා සතුයි. සිනමාව කියන්නෙ අධ්‍යක්ෂකවරයෙකුගේ මාධ්‍යය.

Taapsee Pannu

• අපි කාන්තාවන් ගැන කතාබහ කරන චිත්‍රපට ගොඩක් දකිනවා. චිත්‍රපටියකට Box office numbers කොච්චර වැදගත් ද?

කාන්තාවන් ගැන කතාකරන චිත්‍රපටි එතරම් සාර්ථක නැහැ. ඒ කතා හොඳ නමුත් සාධාරණ සැළකිල්ලක් ලැබෙන්නෙ නැහැ. අපි මේ ගැන කතා කරනවා. සාමාන්‍යයෙන් ගෙදරක පිරිමියා තමයි බලන්න ඕන චිත්‍රපටය තීරණය කරන්නෙ. ඉතින් ඔහු පිරිමියා වීරයා වෙන කතා තෝරගන්නවා. සමහරු හොඳ විචාර නැතුව චිත්‍රපටි බලන්නෙ නැහැ. අන්තිමට අපි පුරසාරම් දොඩවනව චිත්‍රපටිවල ගුණාත්මක බව නැතිවෙලා කියලා. අවංකවම කිව්වොත් සිනමාවේ බිඳ වැටීමට ප්‍රේක්ෂකයිනුත් වගකියන්න ඕනෙ. කර්මාන්තය තවදුරටත් ඔවුන් බලන්නෙ නැති දේවල් නිෂ්පාදනය කරන්නෙ නැහැ.

• ඔබ ඔබගේ අදහස් විවෘතව කියන කෙනෙක් විදිහට ප්‍රසිද්ධයි. සමාජ මාධ්‍ය ඔබට බලපාන්නෙ කොහොමද ?

මට මම විදිහට ඉන්න ඕන නිසා සමාජ මාධ්‍ය අත්හැරියා. මිනිස්සුන්ට නිරාවරණය වෙන්න ඕනද නැද්ද කියන දේ තීරණය කරන්නෙ මම. මට ඕනෙ නැහැ දවසෙ පැය 24 ම ලෝකෙට මගෙ ජීවිතේ පෙන්නන්න.

Taapsee Pannu

• ඔබේ සහය නළු නිළියන් ගැන මොකද හිතෙන්නෙ?

මම ඒ ගැන එච්චර හිතන්නෙ නැහැ. කලාතුරකින් මම සමහර අයගෙ අදහස්, එයාලා මොනවගේද කියල හොයනවා. සෙට් එකේදි මම ගොඩක් වෙලාවට තනියම ඉන්නෙ. ගොඩක් වෙලාවට අධ්‍යක්ෂක එක්ක කතාබහ කරනවා. ඒකෙන් මගේ දැනීමට දේවල් එකතු වෙනවා. ඇත්තටම මම අනිත් නළු නිළියන් එක්ක ලොකු සම්බන්ධයක් තියාගන්නෙ නැහැ.

• ගුණාත්මක නිර්මාණ රැසක කොටස්කාරියක් වුණාට පස්සෙ නිළියක් විදිහට ඔයාට මොනවද දැනෙන්නෙ?

අත්දැකීම් ලැබෙන කතාවලට මම කැමතියි. මගේ දැක්මට, මට ගැලපෙන චරිතවලට.

The Federal. Com ඇසුරිනි –

Latest news

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි - Meningitis මොළය වටා ඇති මෙනින්ජීස් නමැති පටලවල ඇතිවන ආසාදන තත්වය අනුව වයිරස්, බැක්ටීරියා සහ...

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට - Rupee depreciation ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා අත්‍යවශ්‍ය...

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට දිනෙන්  දින වැඩිවෙමින් පවතින සයිබර් අපරාධ හමුවේ ඒ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලිද වැඩි වෙමින් පවතින බව...

නොගෙවූ ආදායම් බදු වලට මාස හයක සහන කාලයක්

නොගෙවූ ආදායම් බදු වලට මාස හයක සහන කාලයක් - Income Tax මෙතෙක් ආදායම් බදු නොගෙවු අය මාස හයක් ඇතුළත ඒ...
- Advertisement -spot_img

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට දිනෙන්  දින වැඩිවෙමින් පවතින සයිබර් අපරාධ හමුවේ ඒ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලිද වැඩි වෙමින් පවතින බව...

රත් දෝතළු – 94

රත් දෝතළු - 94 නිවස තරම් වටිනා තැනක් අන් කොහේවත් නැතැයි කියා යළි පැමිණෙන අතරේ මම සිතුවෙමි. යළි ඉක්මනින්ම නිවසට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you